මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.4. භයභේරව සුත්තං

1.1.4. භය බිරාන්ත වීමට හේතු වන කරුණු ගැන වදාළ දෙසුම

තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, ඒතදහෝසි. යංනූනාහං යා තා රත්‌තියෝ අභිඤ්‌ඤාතා අභිලක්‌ඛිතා චාතුද්‌දසී පඤ්‌චදසී අට්‌ඨමී ච පක්‌ඛස්‌ස තථාරූපාසු රත්‌තීසු යානි තානි ආරාමචේතියානි වනචේතියානි රුක්‌ඛචේතියානි භිංසනකානි සලෝමහංසානි තථාරූපේසු සේනාසනේසු විහරෙය්‍යං අප්‌පේව නාමතං භයභේරවං පස්‌සෙය්‍යන්‌ති. සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, අපරේන සමයේන යා තා රත්‌තියෝ අභිඤ්‌ඤාතා අභිලක්‌ඛිතා චාතුද්‌දසී පඤ්‌චදසී අට්‌ඨමී ච පක්‌ඛස්‌ස තථාරූපාසු රත්‌තීසු යානි තානි ආරාමචේතියානි වනචේතියානි රුක්‌ඛචේතියානි භිංසනකානි සලෝමහංසානි තථාරූපේසු සේනාසනේසු විහරාමි.  තත්‍ර ච මේ, බ්‍රාහ්‌මණ, විහරතෝ මිගෝ වා ආගච්‌ඡති, මෝරෝ වා කට්‌ඨං පාතේති, වාතෝ වා පණ්‌ණසටං ඒරේති; තස්‌ස මය්‌හං ඒවං හෝති ඒතං නූන තං භයභේරවං ආගච්‌ඡතීති. 

පින්වත් බ්‍රාහ්මණය, මට මේ අදහසත් ඇති වුනා. සමහර දේවාල තියෙනවා, වනගත දෙවොල් තියෙනවා. වැඳුම් පිදුම් කරන විශාල ගස් තියෙනවා. ඒ තැන්වල ලොමු දහගන්වන බිහිසුණු අරමුණු ඇති කරවන හොල්මන් තියෙනවා කියල ප්‍රසිද්ධයි. හඳ ඇති පසළොස්වක රාත්‍රියටත්, තුදුස්වක රාත්‍රියටත්, අටවක රාත්‍රියටත්, ඒ තැන් හරි භයානකයිලු. ඉතින් මට හිතුන ඒ තැන්වලට ගිහින් රාත්‍රිය ගත කරල, ඒ භය බිරාන්ත දේවල් දකින්නට ඕන කියල. පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මම සමහර දවස්වල, පසළොස්වකට, තුදුස්වකට, අටවක රාත්‍රියට ඒ දේවාලවලට, ඒ වනගත දෙවොල්වලට යනවා. වැඳුම් පිදුම් කරන විශාල වෘක්ෂ ළඟට යනවා. ඒ භයානක, බිහිසුණු හොල්මන් තියෙනවයි කියන තැන්වලට ගිහින් මම තනියම රාත්‍රිය ගෙවනවා. පින්වත් බ්‍රාහ්මණය, මම ඒ විදිහට වාසය කරන කොට වනයේ ඉන්න සතෙක් හරි එනවා. එහෙම නැත්නම්, මොණරෙක් හරි, ගස්වල අතු කෑලි පහළට දානවා. එහෙමත් නැත්නම්, හුළඟින් ගසාගෙන ඇවිත් රොඩු කෑලි ටිකක් හරි වැටෙනවා. එතකොට මට මෙහෙමයි හිතුනේ. ඇත්තෙන් ම මේවා ම තමයි භය බිරාන්ත අරමුණු එනවා කියල කියන්නෙ.

තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, ඒතදහෝසි කිං නු ඛෝ අහං අඤ්‌ඤදත්‌ථු භයපාටිකංඛී විහරාමි? යංනූනාහං යථාභූත යථාභූතස්‌ස මේ තං භයභේරවං ආගච්‌ඡති, තථාභූත තථාභූතෝව තං භයභේරවං පටිවිනෙය්‍යන්‌ති. තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, චංකමන්‌තස්‌ස තං භයභේරවං ආගච්‌ඡති. සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, නේව තාව තිට්‌ඨාමි න නිසීදාමි න නිපජ්‌ජාමි, යාව චංකමන්‌තෝව තං භයභේරවං පටිවිනේමි. තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, ඨිතස්‌ස තං භයභේරවං ආගච්‌ඡති. සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, නේව තාව චංකමාමි න නිසීදාමි න නිපජ්‌ජාමි. යාව ඨිතෝව තං භයභේරවං පටිවිනේමි. තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, නිසින්‌නස්‌ස තං භයභේරවං ආගච්‌ඡති. සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, නේව තාව නිපජ්‌ජාමි න තිට්‌ඨාමි න චංකමාමි, යාව නිසින්‌නෝව තං භයභේරවං පටිවිනේමි. තස්‌ස මය්‌හං, බ්‍රාහ්‌මණ, නිපන්‌නස්‌ස තං භයභේරවං ආගච්‌ඡති. සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, නේව තාව නිසීදාමි න තිට්‌ඨාමි න චංකමාමි, යාව නිපන්‌නෝව තං භයභේරවං පටිවිනේමි. 

පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. ඇත්තෙන් ම මම බියජනක අරමුණුවලට කැමතිව ඉන්න ඕන අසවල් දෙයකට ද? එහෙම නම් මම යම් යම් ඉරියව්වකින් ඉන්න විට, භය බිරාන්ත දේ එනවා නම්, ඒ ඒ ඉරියව්වේ ම ඉඳලා, ඒ භය බිරාන්ත දේ මම දුරු කරනවා කියල. පින්වත් බ්‍රාහ්මණය, මම සක්මන් කරමින් සිටිද්දී, භය බිරාන්ත අරමුණු එනවා. පින්වත් බ්‍රාහ්මණය, මම එතකොට නවතින්නෙත් නෑ. වාඩි වෙන්නෙත් නෑ. හාන්සි වෙන්නෙත් නෑ. සක්මන් කරමින් සිටිද්දී ම ඒ භය බිරාන්ත දේ, මම දුරුකරල දානවා.

පින්වත් බ්‍රාහ්මණය, මම හිටගෙන ඉන්න කොට භය බිරාන්ත දේවල් එනවා. එතකොට මම සක්මන් කරන්නෙත් නෑ. වාඩිවෙන්නෙත් නෑ. හාන්සි වෙන්නෙත් නෑ. හිටගෙන සිටිද්දී ම ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා.

පින්වත් බ්‍රාහ්මණය, මම වාඩිවෙලා සිටින විටත්, භය බිරාන්ත දේ එනවා. එතකොට මම හාන්සි වෙන්නෙත් නෑ. හිටගන්නෙත් නෑ. සක්මන් කරන්නෙත් නෑ. වාඩි වී සිටිද්දී ම මං ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා. 

පින්වත් බ්‍රාහ්මණය, මම හාන්සි වෙලා සිටිද්දී භය බිරාන්ත දේ එනවා. එතකොට මම වාඩිවෙන්නෙත් නෑ. හිටගන්නෙත් නෑ. සක්මන් කරන්නෙත් නෑ. හාන්සි වෙලා සිටිද්දී ම මං ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා.

සන්‌ති ඛෝ පන, බ්‍රාහ්‌මණ, ඒකේ සමණබ්‍රාහ්‌මණා රත්‌තිංයේව සමානං දිවාති සඤ්‌ජානන්‌ති, දිවායේව සමානං රත්‌තීති සඤ්‌ජානන්‌ති. ඉදමහං තේසං සමණබ්‍රාහ්‌මණානං සම්‌මෝහවිහාරස්‌මිං වදාමි. අහං ඛෝ පන, බ්‍රාහ්‌මණ, රත්‌තිංයේව සමානං රත්‌තීති සඤ්‌ජානාමි,  දිවායේව සමානං දිවාති සඤ්‌ජානාමි. යං ඛෝ තං, බ්‍රාහ්‌මණ,  සම්‌මා වදමානෝ වදෙය්‍ය අසම්‌මෝහධම්‌මෝ සත්‌තෝ ලෝකේ උප්‌පන්‌නෝ බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දේවමනුස්‌සානන්‌ති, මමේව තං සම්‌මා වදමානෝ වදෙය්‍ය අසම්‌මෝහධම්‌මෝ සත්‌තෝ ලෝකේ උප්‌පන්‌නෝ බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දේවමනුස්‌සානන්‌ති. 

පින්වත් බ්‍රාහ්මණය, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවිය දවල් කියල හිතන්නෙ රාත්‍රියටයි. රාත්‍රිය කියල හිතන්නෙ දවල් කාලයටයි. ඒක ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මං මුළා වූ පැවැත්මක් කියලයි මං කියන්නෙ. නමුත් පින්වත් බ්‍රාහ්මණය, මම රාත්‍රිය, රාත්‍රිය හැටියට ම හඳුනගන්නවා. දහවල, දහවල හැටියට ම හඳුනගන්නවා. පින්වත් බ්‍රාහ්මණය, ඉතා යහපත් ලෙස යම් කෙනෙක් ගැන කියනවා නම්, මුළා නොවන ස්වභාවයෙන් යුතු කෙනෙක් ලෝකයේ ඉපිද සිටිනවා, ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ ජනතාවගේ සැපය පිණිස, ලෝකානුකම්පාවෙන්, දෙව් මිනිස් ප්‍රජාවගේ යහපත හා හිත සුව පිණිස සිටින කෙනෙක් ය කියලා, ඒ ආකාරයෙන් මුළා නොවන ස්වභාවයෙන් යුතු කෙනෙක් ලෝකයේ ඉපදුනා ය, ඔහු බොහෝ ජනතාවට හිත පිණිස, බොහෝ ජනතාවට සුව පිණිස, ලෝකානුකම්පාවෙන්, දෙව් මිනිස් ප්‍රජාවගේ යහපත හා හිත සුව උදෙසා කැපවෙලා ඉන්නවා ය කියා කියන්නේ මා ගැනයි.

ආරද්‌ධං ඛෝ පන මේ, බ්‍රාහ්‌මණ, විරියං අහෝසි අසල්‌ලීනං උපට්‌ඨිතා සති අසම්‌මුට්‌ඨා පස්‌සද්‌ධෝ කායෝ අසාරද්‌ධෝ, සමාහිතං චිත්‌තං ඒකග්‌ගං.  සෝ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, විවිච්‌චේව කාමේහි විවිච්‌ච අකුසලේහි ධම්‌මේහි සවිතක්‌කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහාසිං. විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්‌ඛකෝ ච විහාසිං, සතෝ ච සම්‌පජානෝ සුඛඤ්‌ච කායේන පටිසංවේදේසිං; යං තං අරියා ආචික්‌ඛන්‌ති උපෙක්‌ඛකෝ සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්‌පජ්‌ජ විහාසිං. සුඛස්‌ස ච පහානා දුක්‌ඛස්‌ස ච පහානා පුබ්බේව සෝමනස්‌සදෝමනස්‌සානං අත්‌ථංගමා අදුක්‌ඛමසුඛං උපෙක්‌ඛාසතිපාරිසුද්‌ධිං චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහාසිං.

පින්වත් බ්‍රාහ්මණය, මගේ පටන් ගත් වීරිය ඒ අයුරින් ම යි තිබුනෙ. හැකිලුනේ නෑ. හොඳට සිහිය පිහිටා තිබුනා. සිහි මුළා වුනේ නෑ. කය සැහැල්ලු වුනා. බර ගතියක් තිබුනෙ නෑ. සිත සමාහිත වෙලා එකඟ වුනා. පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මම කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන් ගෙන් වෙන් වෙලා, විතර්ක සහිත, විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා.

විතර්ක, විචාර සංසිඳුවාගෙන, වඩාත් සිත පහදවාගෙන, වඩාත් එකඟ කරගෙන, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා.

ප්‍රීතිය ගැන ඇති ඇල්ම දුරු කරගෙන, උපේක්ෂාවෙන් වාසය කළා. සිහියත්, නුවණත් දියුණු කරගෙන, ඒ සමාධි සැපය කයෙනුත් වින්දා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට කියන්නේ ‘සිහි ඇති කෙනාගේ උපේක්ෂාවෙන් යුක්ත වූ සැප සේ වාසය කිරීම’ කියල. ඒ තුන් වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා. 

සැපයත් ප්‍රහාණය කොට, දුකත් ප්‍රහාණය කොට මානසිකව ඇතිවන සොම්නස් දොම්නස් දෙක කලින් ම අතහැරල දුක් නැති, සැප නැති, ඉතා පිරිසිදු සිහියෙන් යුතු උපේක්ෂාව ඇති හතර වන ධ්‍යානයටත් පැමිණ වාසය කළා.

සෝ ඒවං සමාහිතේ චිත්‌තේ පරිසුද්‌ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්‌මනියේ ඨිතේ ආනෙඤ්‌ජප්‌පත්‌තේ පුබ්බේනිවාසානුස්‌සතිඤාණාය චිත්‌තං අභිනින්‌නාමේසිං. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්‌සරාමි, සෙය්‍යථිදං ඒකම්‌පි ජාතිං ද්‌වේපි ජාතියෝ තිස්‌සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාරීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි අනේකේපි සංවට්‌ටකප්‌පේ අනේකේපි විවට්‌ටකප්‌පේ අනේකේපි සංවට්‌ටවිවට්‌ටකප්‌පේ අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්‌ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛප්‌පටිසංවේදී ඒවමායුපරියන්‌තෝ, සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්‌ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ, සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්‌සරාමි. අයං ඛෝ මේ, බ්‍රාහ්‌මණ, රත්‌තියා පඨමේ යාමේ පඨමා විජ්‌ජා අධිගතා, අවිජ්‌ජා විහතා විජ්‌ජා උප්‌පන්‌නා, තමෝ විහතෝ ආලෝකෝ උප්‌පන්‌නෝ, යථා තං අප්‌පමත්‌තස්‌ස ආතාපිනෝ පහිතත්‌තස්‌ස විහරතෝ. 

ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන ස්වභාවයට පත්වුනා. එතකොට මම නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත (පුබ්බේ නිවාස ඤාණය) ගැන දැනගන්නට සිත යොමු කළා. ඊට පස්සේ මම නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත සිහි කළා. ඒ මේ විදිහටයි. එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප සිහි කළා. නොයෙක් සංවට්ට-විවට්ට කල්ප සිහි කළා. ‘මං අසවල් තැන ඉපදුණා. එතකොට මගේ නම මේකයි. මගේ ගෝත්‍රය මේකයි. මගේ හැඩ රුව මේකයි. මං මේවා තමයි කෑවෙ, බීවෙ. මං සැප දුක් වින්දෙ මේ විදිහටයි. මං මේ විදිහට මැරිල ගියා. එතනින් චුත වෙලා අසවල් තැන ඉපදුනා. එතනදි මගේ නම මේකයි. ගෝත්‍රය මේකයි. මේ විදිහයි හැඩ රුව. මේව තමයි කෑවෙ, බීවෙ. මෙහෙමයි සැප දුක් වින්දෙ. මේ විදිහට මැරිල ගියා. එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා’ කියල.

ඔය විදිහට සියලු ආකාරයෙන් යුතුව, කරුණු සහිතව, නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත සිහි කරන්න පුළුවන් වුනා. පින්වත් බ්‍රාහ්මණය, මම රෑ ප්‍රථම යාමයේ මේ පළමු වන විද්‍යාව වන පුබ්බේනිවාස ඤාණය ලබා ගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර නැසුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව වීරියෙන් යුතුව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධයයි මා ලබාගත්තේ.

සෝ ඒවං සමාහිතේ චිත්‌තේ පරිසුද්‌ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්‌මනියේ ඨිතේ ආනෙඤ්‌ජප්‌පත්‌තේ සත්‌තානං චුතූපපාතඤාණාය චිත්‌තං අභිනින්‌නාමේසිං. සෝ දිබ්‌බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන සත්‌තේ පස්‌සාමි චවමානේ උපපජ්‌ජමානේ හීනේ පණීතේ සුවණ්‌ණේ දුබ්‌බණ්‌ණේ සුගතේ දුග්‌ගතේ යථාකම්‌මූපගේ සත්‌තේ පජානාමි ඉමේ වත භොන්තෝ සත්‌තා කායදුච්‌චරිතේන සමන්‌නාගතා වචීදුච්‌චරිතේන සමන්‌නාගතා මනෝදුච්‌චරිතේන සමන්‌නාගතා අරියානං උපවාදකා මිච්‌ඡාදිට්‌ඨිකා මිච්‌ඡාදිට්‌ඨිකම්‌මසමාදානා; තේ කායස්‌ස භේදා පරං මරණා අපායං දුග්‌ගතිං විනිපාතං නිරයං උපපන්‌නා. ඉමේ වා පන භොන්තෝ සත්‌තා කායසුචරිතේන සමන්‌නාගතා වචීසුචරිතේන සමන්‌නාගතා මනෝසුචරිතේන සමන්‌නාගතා අරියානං අනුපවාදකා සම්‌මාදිට්‌ඨිකා සම්‌මාදිට්‌ඨිකම්‌මසමාදානා; තේ කායස්‌ස භේදා පරං මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපන්‌නාති. ඉති දිබ්‌බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන සත්‌තේ පස්‌සාමි චවමානේ උපපජ්‌ජමානේ හීනේ පණීතේ සුවණ්‌ණේ දුබ්‌බණ්‌ණේ  සුගතේ දුග්‌ගතේ යථාකම්‌මූපගේ සත්‌තේ පජානාමි. අයං ඛෝ මේ, බ්‍රාහ්‌මණ, රත්‌තියා මජ්‌ක්‍ධිමේ යාමේ දුතියා විජ්‌ජා අධිගතා, අවිජ්‌ජා විහතා විජ්‌ජා උප්‌පන්‌නා, තමෝ විහතෝ ආලොකෝ උප්‌පන්‌නෝ, යථා තං අප්‌පමත්‌තස්‌ස ආතාපිනෝ පහිතත්‌තස්‌ස විහරතෝ.

ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන තත්වයට පත් වුනා. එතකොට මං සත්වයන්ගේ චුතියත්, උපතත් අවබෝධ කරගැනීමට සිත යොමු කළා. සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය දිබ්බචක්ඛු (දිවැස) ඤාණය පහළ වුනා. එතකොට මං චුත වෙන, උපදින සත්වයන් දැක්කා. කර්මානුරූපව මේ සත්වයන්ට යහපත්, අයහපත්, ලස්සන, කැත, සුගති, දුගති ලැබෙනවා. ‘අනේ! මේ භවත් සත්වයෝ කයින් දුසිරිතේ යෙදිලා, වචනයෙන් දුසිරිතේ යෙදිලා, මනසින් දුසිරිතේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට නින්දා කරලා, මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහලා, මිථ්‍යා දෘෂ්ටික දේවල් පුරුදු කරලා, කය බිඳිල, මරණයට පත්වුනා ම සැප නැති දුගතිය වූ නිරයට ඇදගෙන වැටිලා, නිරයේ ඉපදිලා ඉන්නවා. නමුත් මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙහි යෙදිලා, වචී සුචරිතයෙහි යෙදිලා, මනෝ සුචරිතයෙහි යෙදිලා, ආර්යයන් වහන්සේලාට නින්දා නොකර, සම්මා දිට්ඨියෙන් යුතුව, සම්මා දිට්ඨියෙන් යුතු කටයුතු කරලා, කය බිඳිල, මරණයට පත්වුනා ම සුගතිය නම් වූ ස්වර්ග ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. ඔය විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය, දිවැස ලබාගෙන, මේ චුතවෙන උපදින සත්වයන් මම දැක්කා. ඔවුන් කර්මානුරූපව යහපත්, අයහපත්, ලස්සන, කැත, සුගති, දුගති ලබාගන්න බව මම දැක්කා. 

පින්වත් බ්‍රාහ්මණය, රාත්‍රියේ මධ්‍යම යාමයේ දී මේ චුතූපපාත ඤාණය නම් වූ දෙවන විද්‍යාව මම ලබාගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර නැසුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව වීරියෙන් යුතුව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධයයි මට ඇති වුනේ.

සෝ ඒවං සමාහිතේ චිත්‌තේ පරිසුද්‌ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්‌මනියේ ඨිතේ ආනෙඤ්‌ජප්‌පත්‌තේ ආසවානං ඛයඤාණාය චිත්‌තං අභිනින්‌නාමේසිං. සෝ ඉදං දුක්‌ඛන්‌ති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං දුක්‌ඛසමුදයෝති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං දුක්‌ඛනිරෝධෝති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං දුක්‌ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං. ඉමේ ආසවාති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං ආසවසමුදයෝති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං ආසවනිරෝධෝති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං, අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං. තස්‌ස මේ ඒවං ජානතෝ ඒවං පස්‌සතෝ කාමාසවාපි චිත්‌තං විමුච්‌චිත්‌ථ, භවාසවාපි චිත්‌තං විමුච්‌චිත්‌ථ, අවිජ්‌ජාසවාපි චිත්‌තං විමුච්‌චිත්‌ථ. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං අහෝසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති අබ්‌භඤ්‌ඤාසිං. අයං ඛෝ මේ, බ්‍රාහ්‌මණ, රත්‌තියා පච්‌ඡිමේ යාමේ තතියා විජ්‌ජා අධිගතා, අවිජ්‌ජා විහතා විජ්‌ජා උප්‌පන්‌නා, තමෝ විහතෝ ආලෝකෝ උප්‌පන්‌නෝ, යථා තං අප්‌පමත්‌තස්‌ස ආතාපිනෝ පහිතත්‌තස්‌ස විහරතෝ. 

ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන තත්වයට පත් වුනා. එතකොට මම ආශ්‍රවයන් ක්ෂය වීමේ නුවණ ලබාගන්නට බලවත්ව සිත යොමු කළා. එතකොට මම ‘මේක තමයි දුක’ කියල යථාර්ථයෙන් ම දුක අවබෝධ කළා. ‘මේක තමයි ප්‍රහාණය කළ යුතු දුකේ සකස් වීම’ කියල යථාර්ථයෙන් ම දුක්ඛ සමුදය අවබෝධ කළා. ‘මේක තමයි සාක්ෂාත් කළ යුතු දුකේ නිරුද්ධ වීම’ කියල යථාර්ථයෙන් ම දුක්ඛ නිරෝධය අවබෝධ කළා. ‘මේක තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම දුක් නිරුද්ධ වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද අවබෝධ කළා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ සකස් වීම’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ඔය ආකාරයට යථාර්ථයෙන් දැනගන්නා විට, දැකගන්නා විට කාමාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. භවාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. අවිද්‍යාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. සියලු කෙලෙසුන්ගෙන් හිත නිදහස් වීම නිසා, නිදහස් වුණු බවට අවබෝධය ඇති වුනා. ‘ඉපදීම නැති වී ගියා. උතුම් නිවන් මග සම්පූර්ණ කරගත්තා. ඒ වෙනුවෙන් කළ යුතු දේ කළා. මෙයින් බැහැර වූ වෙනත් උපතක් නැතැ’යි අවබෝධ වුනා. පින්වත් බ්‍රාහ්මණය, රාත්‍රියේ අවසන් යාමයේ මේ ආසවක්ඛය ඤාණය නම් වූ තුන්වන විද්‍යාව මම ලබාගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවෙලා ගියා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව, වීරියෙන් යුතුව, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධය මා තුළත් ඇති වුනා. 

සියා ඛෝ පන තේ, බ්‍රාහ්‌මණ, ඒවමස්‌ස අජ්‌ජාපි නූන සමණෝ ගෝතමෝ අවීතරාගෝ අවීතදෝසෝ අවීතමෝහෝ, තස්‌මා අරඤ්ඤේවනපත්‌ථානි පන්‌තානි සේනාසනානි පටිසේවතීති. න ඛෝ පනේතං, බ්‍රාහ්‌මණ, ඒවං දට්‌ඨබ්‌බං. ද්‌වේ ඛෝ අහං, බ්‍රාහ්‌මණ, අත්‌ථවසේ සම්‌පස්‌සමානෝ අරඤ්ඤ්ඤේවනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවාමි අත්‌තනෝ ච දිට්‌ඨධම්‌මසුඛවිහාරං සම්‌පස්‌සමානෝ, පච්‌ඡිමඤ්‌ච ජනතං අනුකම්‌පමානෝති. 

පින්වත් බ්‍රාහ්මණය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ඒ වුනාට ශ්‍රමණ ගෞතමයන් තවමත් ඉන්නවා ඇත්තෙ, රාගය දුරු නොකොට වෙන්න ඇති. ද්වේෂය දුරු නොකොට වෙන්න ඇති. මෝහය දුරු නොකොට වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල තවමත් වාසය කරන්නෙ’ කියල. පින්වත් බ්‍රාහ්මණය, ඔබ එහෙම හිතන්න එපා. පින්වත් බ්‍රාහ්මණය, මම විශේෂ යහපත් කරුණු දෙකක් දකිමිනුයි, දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. එනම්, මට මේ ජීවිතයේ දී ම සැනසිල්ලේ වාසය කිරීම පිණිසත්, මා පසුපසින් එන, ජනතාවට අනුකම්පාව පිණිසත් ය.”

අනුකම්‌පිතරූපායං භෝතා ගෝතමේන පච්‌ඡිමා ජනතා, යථා තං අරහතා සම්‌මාසම්‌බුද්‌ධේන. අභික්‌කන්‌තං භෝ ගෝතම. අභික්‌කන්‌තං භෝ ගෝතම. සෙය්‍යථාපි, භෝ ගෝතම, නික්‌කුජ්‌ජිතං වා උක්‌කුජ්‌ජෙය්‍ය, පටිච්‌ඡන්‌නං වා විවරෙය්‍ය, මූළ්‌හස්‌ස වා මග්‌ගං ආචික්‌ඛෙය්‍ය, අන්‌ධකාරේ වා තේලපජ්‌ජෝතං ධාරෙය්‍ය චක්‌ඛුමන්‌තෝ රූපානි දක්‌ඛින්‌තීති; ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්‌මෝ පකාසිතෝ. ඒසාහං භවන්‌තං ගෝතමං සරණං ගච්‌ඡාමි ධම්‌මඤ්‌ච භික්‌ඛුසංඝඤ්‌ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

“ඇත්තෙන් ම පින්වත් ගෞතමයන් වහන්සේ, තමා පසුපසින් එන ජනතාවට අනුකම්පාවෙන් යුක්තව ම යි, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් කළ යුතු විදිහට ම යි කරන්නෙ.

පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, ඉතාම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාව, හරියට යටිකුරු කරල තිබිච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. වහල තිබිච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට යා යුතු මග පෙන්වා දෙනවා වගෙයි. අඳුරේ සිටින ඇස් ඇති අයට රූප දකින්නට තෙල් පහනක් දරනවා වගෙයි. පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් මට ධර්මය කියල දුන්නා. ඇත්තෙන් ම මම පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි ඇති තුරා තිසරණයට සැබැවින් ම පැමිණි උපාසකයෙක් ලෙස මාව පිළිගන්නා සේක්වා!”

භයභේරවසුත්‌තං නිට්ඨිතං.

භය බිරාන්ත වීමට හේතු වන කරුණු ගැන වදාළ දෙසුම නිමා විය. 

සාදු! සාදු!! සාදු!!!

1  |  2