මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.5. අනංගණ සුත්තං

1.1.5. අංගණ (උපක්ලේශ) නැතිවීම ගැන වදාළ දෙසුම

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත මමේව භික්ඛූ සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, න මං භික්ඛූ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්තීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘අනේ! මට විතර ම යි මේ භික්ෂූන් වහන්සේලා හොඳ හොඳ පිරිකරත්, ගරු බුහුමනුත්, සත්කාර සම්මානත්, පුද පූජාත් ලබාදෙන්න ඕන. මේ භික්ෂූන් වහන්සේලා වෙනත් භික්ෂුවකට හොඳ හොඳ පිරිකරත්, ගරු බුහුමනුත්, සත්කාර සම්මානත්, පුද පූජාත් කරන්නෙ නැත්නම් කොයිතරම් හොඳ ද’ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනත් දෙයක්. ඒ භික්ෂූන් ගරු බුහුමන්, පුද පූජා, සත්කාර සම්මාන, පිරිකර පූජාවන් කරන්නේ වෙන භික්ෂුවකටයි. ඒ භික්ෂූන් අර භික්ෂුවට ගරු බුහුමනුත්, සත්කාර සම්මානත්, පිරිකර පූජාවනුත් කරන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘මේ  භික්ෂූන් වහන්සේලා පුද පූජා, සත්කාර සම්මාන කරන්නේ වෙන භික්ෂුවකට. ඇයි මට පුද-පූජා, සත්කාර සම්මාන කළා ම නරක ද?’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත මමේව භික්ඛුනියෝ ....(පෙ).... උපාසකා ....(පෙ).... උපාසිකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, න මං උපාසිකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්තීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නෙ මේ විදිහේ ලාමක ආශාවක්. ‘මේ භික්ෂුණීන් පුද-පූජාවලුයි, ගරු බුහුමනුයි, සත්කාර සම්මානයි කරන්න ඕන මට විතර ම යි. ....(පෙ).... මේ උපාසකවරු ....(පෙ).... මේ උපාසිකාවන් පුද පූජාවන්, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්න ඕන මට විතර ම යි. මේ උපාසිකාවන් වෙනත් භික්ෂුවකට පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්න අවශ්‍ය නෑ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, හැබැයි සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. ඒ උපාසිකාවන්ගෙන් පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන ලැබෙන්නෙ වෙන භික්ෂුවකට. ඒ උපාසිකාවන්ගෙන් අර භික්ෂුවට පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘මේ උපාසිකාවන් පුද පූජාවල්, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්නේ වෙනත් භික්ෂුවකට නෙව. මේ උපාසිකාවන් පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන මට කළා නම් මොකද වෙන්නෙ?’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව ලාභී අස්සං පණීතානං චීවරානං, න අඤ්ඤෝ භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරානන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරානං, න සෝ භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරානං. අඤ්ඤෝ භික්ඛු ලාභී පණීතානං චීවරානං, නාහං ලාභී පණීතානං චීවරානන්ති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇතිවෙනවා. ‘මට විතර ම යි හොඳ හොඳ සිවුරු ලැබෙන්න ඕන. වෙන භික්ෂුවකට හොඳ සිවුරු ලැබිල මොනවා කරන්න ද?’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. හොඳ හොඳ සිවුරු ලැබෙන්නෙ වෙන භික්ෂුවකටයි. අර භික්ෂුවට හොඳ හොඳ සිවුරු ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘හොඳ හොඳ සිවුරු ටික ලැබෙන්නෙත් වෙන භික්ෂුවකටයි. හොඳ හොඳ සිවුරු මට ලැබෙන්නෙ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව ලාභී අස්සං පණීතානං පිණ්ඩපාතානං ....(පෙ).... පණීතානං සේනාසනානං ....(පෙ).... පණීතානං ගිලාන ප්පච්චයභේසජ්ජපරික්ඛාරානං, න අඤ්ඤෝ භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං, න සෝ භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. අඤ්ඤෝ භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං, නාහං ලාභී අස්සං පණීතානං ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානන්ති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මෙවැනි ලාමක ආශාවක් ඇති වෙනවා. ‘මට විතර ම යි ප්‍රණීත විදිහට දානෙ ටික ලැබෙන්න ඕන ....(පෙ).... මට විතර ම යි හොඳ හොඳ ආවාස ගෙවල් ලැබෙන්න ඕන ....(පෙ).... මට විතර ම යි හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ටික ලැබෙන්න ඕන. අනිත් භික්ෂූන්ට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් අවශ්‍ය වෙන්නෙ නෑ’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අනිත් භික්ෂූන් වහන්සේලාට තමයි හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ලැබෙන්නෙ. අර භික්ෂුවට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් වර්ග ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් වර්ග ලැබෙන්නෙත් වෙන භික්ෂුවකට නෙව. මට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ලැබෙන්නෙ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඉමේසං ඛෝ ඒතං, ආවුසෝ, පාපකානං අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං,  යදිදං අංගණන්ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, හිතේ උපදින ලාමක ආශාවන්ට අනුව වැඩකරන්න ගිහින් හටගන්නා මේ පාපී අකුසල් වලටයි ‘උපක්ලේශ’ කියන නම දාල තියෙන්නෙ.

යස්ස කස්සචි, ආවුසෝ, භික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චේව සූයන්ති ච, කිඤ්චාපි සෝ හෝති ආරඤ්ඤකෝ පන්තසේනාසනෝ පිණ්ඩපාතිකෝ සපදානචාරී පංසුකූලිඛෝ ලූඛචීවරධරෝ, අථ ඛෝ නං සබ්‍රහ්මචාරී නේව සක්කරොන්ති න ගරුකරොන්ති න මානෙන්ති න පූජෙන්ති. තං කිස්ස හේතු? තේ හි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චේව සූයන්ති ච. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියෝදාතා.  තමේනං සාමිකා අහිකුණපං වා කුක්කුරකුණපං වා මනුස්සකුණපං වා රචයිත්වා අඤ්ඤිස්සා කංසපාතියා පටිකුජ්ජිත්වා අන්තරාපණං පටිපජ්ජෙය්‍යුං. තමේනං ජනෝ දිස්වා ඒවං වදෙය්‍ය. අම්භෝ, කිමේවිදං හරීයති ජඤ්ඤජඤ්ඤං වියාති? තමේනං උට්ඨහිත්වා අවාපුරිත්වා ඕලෝකෙය්‍ය. තස්ස සහදස්සනේන අමනාපතා ච සණ්ඨහෙය්‍ය, පටික්කූලතා ච සණ්ඨහෙය්‍ය, ජේගුච්ඡිතා ච සණ්ඨහෙය්‍ය; ජිඝච්ඡිතානම්පි න භොත්තුකම්‍යතා අස්ස, පගේව සුහිතානං. ඒවමේව ඛෝ, ආවුසෝ, යස්ස කස්සචි භික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චේව සූයන්ති ච, කිඤ්චාපි සෝ හෝති ආරඤ්ඤකෝ පන්තසේනාසනෝ පිණ්ඩපාතිකෝ සපදානචාරී පංසුකූලිකෝ ලූඛචීවරධරෝ, අථ ඛෝ නං සබ්‍රහ්මචාරී න චේව සක්කරොන්ති න ගරුකරොන්ති න මානෙන්ති න පූජෙන්ති. තං කිස්ස හේතු? තේ හි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චේව සූයන්ති ච. 

ප්‍රිය ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇතිවෙලා, ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා හටගත් මේ පාපී අකුසල් ප්‍රහීණ වෙලා නෑ කියල දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව කොයිතරම් අරණ්‍යවාසී කෙනෙක් වුනත්, කොයිතරම් ඈත වනාන්තරේක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුනත්, කොයිතරම් ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩියත්, කොයිතරම් පාංශුකූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නෙ නෑ. ගරු කරන්නෙ නෑ. බුහුමන් දක්වන්නෙ නෑ. පූජා කරන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ ආයුෂ්මතුන්ගේ හිතේ ඇතිවෙච්ච ලාමක ආශාවන් අනුව හැසිරෙන්න ගිහින්, හටගත්තු අකුසල් නැතිවෙලා නැති බව පේන නිසයි, අසන්න ලැබෙන නිසයි එහෙම වෙන්නෙ.

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන්කරුවෙකුගෙ ගෙදරකින් හරි, තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. ඒක හරි ම පිරිසිදු එකක්. ලස්සනට දිලිසෙන එකක්. නමුත් ඒකෙ අයිතිකාරයො ඒ භාජනය ඇතුළට සර්ප කුණක් හරි, බලු කුණක් හරි, මිනී කුණක් හරි දානවා. දාල තව ලස්සන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සෙ ඒ භාජනය කඩ පිල් මැද්දෙන් මහා ඉහළින් උස්සගෙන යනවා. මිනිස්සුන්ට මේක දකින්න ලැබෙනවා. මේ ගැන කතා බස් කරන්න පටන් ගන්නවා. ‘හැබෑට ම පින්වත්නි, ඔය මහ ඉහළින් උස්සගෙන යන්නෙ අපි කවුරුත් ආස කරන ජාතියක් වෙන්න ඕන’ කියල. අන්තිමේ දී ඒ මිනිස්සු ඒ භාජනේ පියන ඇරල බලනවා. ඒ පියන අරිනකොට ම දකින්න ලැබෙන්නෙ අර ගඳ ගහන මළකුණ. ඒ එක්ක ම ඒ මිනිස්සු තුළ අමනාපයක් ඇතිවෙනවා. පිළිකුලක් ඇතිවෙනවා. අප්පිරියාවක් ඇතිවෙනවා. බඩගිනි වෙලා හිටිය උදවියගෙ බඩගින්නත් නැති වෙනවා. කාපු බීපු උදවිය ගැන කවර කතා ද? ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහ ම යි යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇතිවෙලා, ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ල ඇතිවෙච්ච මේ පාපී අකුසල් නැතිවෙලා නෑ කියල දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව කොයිතරම් අරණ්‍යවාසී වුනත්, කොයිතරම් ඈත වනාන්තරේක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුනත්, කොයිතරම් ගෙපිළිවෙළින් පිණ්ඩපාතෙ වැඩියත්, කොයිතරම් පාංශුකූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නෙ නෑ. ගරු කරන්නෙ නෑ. බුහුමන් දක්වන්නෙ නෑ. පූජා කරන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ ආයුෂ්මතුන් ගේ හිතේ ඇතිවෙච්ච ලාමක ආශාවන්ට අනුව හැසිරෙන්න ගිහින්, හටගත් මේ අකුසල් නැතිවෙලා නැති බව පේන නිසයි, අසන්න ලැබෙන නිසයි.

යස්ස කස්සචි, ආවුසෝ, භික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චේව සූයන්ති ච, කිඤ්චාපි සෝ හෝති ගාමන්තවිහාරී නේමන්තනිකෝ ගහපතිචීවරධරෝ, අථ ඛෝ නං සබ්‍රහ්මචාරී සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. තං කිස්ස හේතු? තේ හි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චේව සූයන්ති ච. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියෝදාතා. තමේනං සාමිකා සාලීනං ඕදනං විචිතකාළකං අනේකසූපං අනේකබ්‍යඤ්ජනං රචයිත්වා අඤ්ඤිස්සා කංසපාතියා පටිකුජ්ජිත්වා අන්තරාපණං පටිපජ්ජෙය්‍යුං. තමේනං ජනෝ දිස්වා ඒවං වදෙය්‍ය. අම්භෝ, කිමේවිදං හරීයති ජඤ්ඤජඤ්ඤං වියාති? තමේනං උට්ඨහිත්වා අපාපුරිත්වා ඕලෝකෙය්‍ය. තස්ස සහ දස්සනේන මනාපතා ච සණ්ඨහෙය්‍ය, අප්පටික්කූලතා ච සණ්ඨහෙය්‍ය, අජේගුච්ඡතා ච සණ්ඨහෙය්‍ය සුහිතානම්පි භොත්තුකම්‍යතා අස්ස, පගේව ජිඝච්ඡිතානං. ඒවමේව ඛෝ, ආවුසෝ, යස්ස කස්සචි භික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා  දිස්සන්ති චේව සූයන්ති ච, කිඤ්චාපි සෝ හෝති ගාමන්තවිහාරී  නේමන්තනිකෝ ගහපතිචීවරධරෝ, අථ ඛෝ නං සබ්‍රහ්මචාරී සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. තං කිස්ස හේතු? තේ හි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චේව සූයන්ති චාති. 

ප්‍රිය ආයුෂ්මතුනි, යම් කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇතිවන ගතිය ප්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩසිටියත්, ආරාධනාවන් පිළිගත්තත්, ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා. බුහුමන් දක්වනවා. සත්කාර කරනවා. පූජා කරනවා. ඇයි එහෙම කරන්නෙ? ඒ භික්ෂුව තුළින් ලාමක ආශාවන් අනුව කටයුතු කරන්න ගිහින් ඒ අනුව හටගන්නා පාපී අකුසලයන් ඇති වන ස්වභාවය ප්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසයි, අසන්න ලැබෙන නිසයි.

ප්‍රිය ආයුෂ්මතුනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියල හිතන්න. ඒක හරි පිරිසිදුයි. ලස්සනට දිලිසෙනවා. ඒකෙ අයිතිකාරයො ඒ භාජනයට ඇල් හාලේ බතුයි, ප්‍රණීත විදිහට උයාගත්ත සූප ව්‍යංජනයි දාලා, වෙන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සෙ මහා ඉහළින් කඩ පිල් මැද්දෙන් උස්සගෙන යනවා. මිනිස්සුන්ට ඒක දකින්න ලැබෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. ‘පින්වත්නි, හැබෑට ම මේ මහ ඉහළින් උස්සගෙන යන්නෙ මේ භාජනේ ඇතුළේ අපි කවුරුත් ආස කරන දෙයක් තියෙන නිසා වෙන්න ඕන.’ අන්තිමේ දී ඔවුන් ඒ භාජනේ ඇරල බලනවා. ඒ භාජනේ අරිනවත් එක්ක ම ප්‍රණීත වෑංජන පිරිවරා ගත්තු රසවත් ඇල් හාලේ බතයි දකින්න ලැබෙන්නෙ. ඒක දකිනකොට ම හරිම සතුටක් ඇතිවෙනවා. අප්පිරියාවක් නම් ඇතිවෙන්නෙ නෑ. හොඳට කාල බීලා, බඩ පිරිච්ච උදවියට පවා ආයෙමත් කන්න ආස හිතෙනවා. බඩගිනි උදවිය ගැන කවර කතා ද?

ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහ ම යි යම් කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇතිවන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇතිවන ගතිය ප්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩසිටියත්, ආරාධනාවන් පිළිගත්තත්, ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා. බුහුමන් දක්වනවා. සත්කාර කරනවා. පූජා කරනවා. ඇයි එහෙම කරන්නෙ? ඒ භික්ෂුව තුළින් ලාමක ආශාවන් ඇතිවන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇතිවන ගතිය ප්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසයි, අසන්න ලැබෙන නිසයි.”

ඒවං වුත්තේ, ආයස්මා මහාමොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච. උපමා මං, ආවුසෝ සාරිපුත්ත, පටිභාතීති. පටිභාතු තං, ආවුසෝ මොග්ගල්ලානාති. 

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ, මෙහෙම කිව්වා. 

“ආයුෂ්මත් සාරිපුත්ත, මට මේ ගැන උපමාවක් මතක් වුනා.”

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මොකක් ද ඒ උපමාව?”

ඒකමිදාහං, ආවුසෝ, සමයං රාජගහේ විහරාමි ගිරිබ්බජේ. අථ ඛ්වාහං, ආවුසෝ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. තේන ඛෝ පන සමයේන සමීති යානකාරපුත්තෝ රථස්ස නේමිං තච්ඡති. තමේනං පණ්ඩුපුත්තෝ ආජීවකෝ පුරාණයානකාරපුත්තෝ පච්චුපට්ඨිතෝ හෝති. අථ ඛෝ, ආවුසෝ, පණ්ඩුපුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාරපුත්තස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි. අහෝ වතායං සමීති යානකාරපුත්තෝ ඉමිස්සා නේමියා ඉමඤ්ච වංකං ඉමඤ්ච ජිම්හං ඉමඤ්ච දෝසං තච්ඡෙය්‍ය, ඒවායං නේමි අපගතවංකා අපගතජිම්හා අපගතදෝසා සුද්ධාස්ස සාරේ පතිට්ඨිතාති. යථා යථා ඛෝ, ආවුසෝ, පණ්ඩුපුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාරපුත්තස්ස චේතසෝ පරිවිතක්කෝ හෝති, තථා තථා සමීති යානකාරපුත්තෝ තස්සා නේමියා තඤ්ච වංකං තඤ්ච ජිම්හං තඤ්ච දෝසං තච්ඡති. 

“ප්‍රිය ආයුෂ්මතුනි, ගිරිබ්බජ කියල හඳුන්වන රජගහ නුවර තමයි මං ඒ දවස්වල හිටියේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං එදා සිවුරු පොරවාගෙන, පාත්තරෙත්, සිවුරුත් අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතෙ වැඩියා. 

එදා එහේ කරත්ත හදන බාසුන්නැහේගේ ‘සාමීති’ කියන පුතා කරත්තයකට රෝදයක් සහිනවා. ඔතනට ආවා ‘පණ්ඩුපුත්ත’ කියන තාපසයා. එයත් ඉස්සර කරත්ත බාස් කෙනෙකුගේ පුතෙක්. ඉතින් ඒ කරත්ත බාස් කෙනෙකුගේ පුතෙක් වෙච්ච පණ්ඩුපුත්ත තාපසයාටත් මේ විදිහේ අදහසක් ඇතිවුනා. ‘කරත්ත බාස්ගේ පුතෙක් වන මේ සාමීතී, රෝදයක් සහිනවා. මේ රෝදයේ මේ පැත්තෙ ඇදයක් තියෙනවා. අනිත් පැත්තෙත් ඇදයක් තියෙනවා. මේ මේ දෝෂයන් සහිනවා නම් තමයි හොඳ, එතකොට තමයි මේ රෝදෙ ඇද කුද නැතිව, දොස් නැතිව, හොඳ හැටියට අරටුවේ පිහිටන්නෙ’ කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වෙලාවෙ අර පරණ කරත්ත බාස්ගේ පුතා වන පණ්ඩුපුත්ත තාපසයා හිතන හිතන විදිහට ම, මේ කරත්ත බාස්ගෙ පුතා වන සාමීති, ඒ ඒ ඇදත්, ඒ ඒ නැම්මත්, ඒ ඒ දෝෂත් සැහැලා දැම්මා.

අථ ඛෝ, ආවුසෝ, පණ්ඩුපුත්තෝ ආජීවකෝ පුරාණයානකාරපුත්තෝ අත්තමනෝ අත්තමනවාචං නිච්ඡාරේසි. හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතීති. ඒවමේව ඛෝ, ආවුසෝ, යේ තේ පුග්ගලා අස්සද්ධා, ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සඨා මායාවිනෝ කේටුභිනෝ උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරා, භෝජනේ අමත්තඤ්ඤුනෝ, ජාගරියං අනනුයුත්තා, සාමඤ්ඤේ අනපෙක්ඛවන්තෝ, සික්ඛාය න තිබ්බගාරවා, බාහුලිකා සාථලිකා, ඔක්කමනේ පුබ්බංගමා, පවිවේකේ නික්ඛිත්තධුරා, කුසීතා හීනවීරියා මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා ඒළමූගා, තේසං ආයස්මා සාරිපුත්තෝ ඉමිනා ධම්මපරියායේන හදයං මඤ්ඤේ අඤ්ඤාය තච්ඡති. 

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට අර පරණ කරත්ත බාස්ගේ පුතා වෙච්චි පණ්ඩුපුත්ත තාපසයාට හරි ම සතුටුයි. උන්නැහේ සතුටින් මෙහෙම කිව්වා. ‘ඇත්තෙන් ම මේක සහින්නෙ හදවතකින් හදවතක් දැනගෙන වගේ නෙව කියලයි මට හිතෙන්නෙ’ කියලා. 

‘ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහ ම යි. කිසිම ශ්‍රද්ධාවක් නැතුව, ලෞකික ජීවිතේ ම ගත කරන්නට හිතාගෙන ගිහි ජීවිතේ අත්හැරලා මරණ වෙන උදවිය ඉන්නවා. මහණ වුනාට පස්සෙ ඔවුන් හරි ම කපටියි. ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. කට්ටකම් ම යි පුරුදු වෙලා තියෙන්නෙ. ඒ වගේ ම හරි ම අහංකාරයි. හිතට අරගෙන ඉන්නෙ. චපලයි. ආයෙ ඉතින් කතා කරල බේරෙන්න බෑ. කතාව පටන් ගත්තු ගමන් ම යි ඉන්නෙ. ඉන්ද්‍රිය සංවරත් නෑ. කන බොන එකේ ප්‍රමාණෙ දන්නෙත් නෑ. භාවනා කිරීමක් ඇත්තෙත් නෑ. නිදි වරා ගෙන ධර්මයේ හැසිරීමකුත් නෑ. මාර්ගඵල ලැබීමක් ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. සීල සමාධි ප්‍රඥා ගැන කිසි ගෞරවයකුත් නෑ. සිව්පසය ගොඩගහගැනිල්ලක් විතරයි තියෙන්නෙ. නිවන් මග හෑල්ලු කරනවා. ඉස්සරහට ඇදල ගන්නෙ හිත පිරිහෙන දේවල් ම යි. භාවනාවෙන් හුදෙකලාවේ ඉන්න කිසිම අදහසක් නෑ. කුසීතයි. වීරියක් නෑ. සිහි මුලාවෙනුයි ඉන්නෙ. නුවණින් තොරයි. සිතේ සංසිඳීමක් නෑ. විසුරුණු සිතින් ඉන්නේ. ප්‍රඥාවක් නෑ. මෝඩයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ධර්ම දේශනාවෙන් අන්න ඒ උදවිය ගේ හදවත් සැහැල දානවා කියලයි මට හිතෙන්නෙ.

යේ පන තේ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනෝ අකේටුභිනෝ අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා, භෝජනේ මත්තඤ්ඤුනෝ, ජාගරියං අනුයුත්තා, සාමඤ්ඤේ අපෙක්ඛවන්තෝ, සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා, ඔක්කමනේ නික්ඛිත්තධුරා, පවිවේකේ පුබ්බංගමා, ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතී සම්පජානා සමාහිතා ඒකග්ගචිත්තා පඤ්ඤවන්තෝ අනේළමූගා, තේ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉමං ධම්මපරියායං සුත්වා පිවන්ති මඤ්ඤේ, ඝසන්ති මඤ්ඤේ වචසා මනසා ච. සාධු වත, භෝ, සබ්‍රහ්මචාරී අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතීති. 

ප්‍රිය ආයුෂ්මතුනි, මහත් ශ්‍රද්ධාවකින් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඔවුන් මහණ වුනාට පස්සෙ කපටි නෑ. ගුණවතුන්ගේ වෙස් අරගෙන අමුතු රඟපෑමකුත් නෑ. කට්ටකම් පුරුදු වෙන්නෙත් නෑ. ආඩම්බරත් නෑ. හිතට අරගෙනත් නෑ. චපලත් නෑ. කට වාචාලත් නෑ. හැම තිස්සෙ ම දොඩවන්නෙත් නෑ. ඉන්ද්‍රිය සංවරයි. කන බොන එකේ ප්‍රමාණයත් දන්නවා. නිදි වරාගෙන බණ භාවනාත් කරනවා. මාර්ගඵල අවබෝධයක් ලබාගන්න ම යි හිත හිත ඉන්නෙ. සීල සමාධි ප්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසය ගොඩගැහිල්ලකුත් නෑ. නිවන් මග හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ. හිත පිරිහෙන විදිහේ දේවල් අත්හරිනවා. භාවනාවෙන් හුදෙකලාවේ කල් ගත කරන්න ම යි හිතන්නෙ. පටන්ගත් වීරිය තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සතිපට්ඨානයේ ම යි සිහිය පිහිටුවාගන්නෙ. අවබෝධයක් තියෙනවා. සිතත් සමාහිතයි. ප්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ මේ දේශනාව අහලා, අන්න ඒ පින්වත් භික්ෂූන් වහන්සේලා වචන වලිනුත්, මනසිනුත් මෙය පානය කරාවි කියලයි, අනුභව කරාවි කියලයි මට හිතෙන්නෙ. ඇත්තෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන, කුසල් දහම්වල පිහිටුවන එක කොයිතරම් ලොකු දෙයක් ද?

සෙය්‍යථාපි, ආවුසෝ, ඉත්ථී වා පුරිසෝ වා දහරෝ යුවා මණ්ඩනකජාතිකෝ සීසං නහාතෝ උප්පලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං වා ලභිත්වා උභෝහි හත්ථේහි පටිග්ගහෙත්වා උත්තමංගේ සිරස්මිං පතිට්ඨාපෙය්‍ය, ඒවමේව ඛෝ, ආවුසෝ, යේ තේ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනෝ අකේටුභිනෝ අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා, භෝජනේ මත්තඤ්ඤුනෝ, ජාගරියං අනුයුත්තා, සාමඤ්ඤේ අපෙක්ඛවන්තෝ, සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා, ඔක්කමනේ නික්ඛිත්තධුරා, පවිවේකේ පුබ්බංගමා, ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතසතී සම්පජානා සමාහිතා ඒකග්ගචිත්තා පඤ්ඤාවන්තෝ අනේළමූගා, තේ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉමං ධම්මපරියායං සුත්වා පිවන්ති මඤ්ඤේ, ඝසන්ති මඤ්ඤේ වචසා චේව මනසා ච. සාධු වත, භො, සබ්‍රහ්මචාරී අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතීති. ඉතිහ තේ උභෝ මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමෝදිංසූති. 

ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ ගැන හිතෙන්නෙ මේ විදිහටයි. ලස්සනට ඉන්න කැමති, තරුණ දුවෙක් හරි, පුතෙක් හරි ඉන්නවා. ඉතින් එයාලා හිස පටන් හොඳට වතුර නානවා. ඊට පස්සෙ එයාලට නෙළුම් මල් මාලයක් හරි, පිච්ච මල් මාලයක් හරි, මොකක් හරි අළුත් මල් මාලයක් ලැබෙනවා. එතකොට එයාල හරි සතුටින් ඒවා දෝතින් ම පිළිගන්නවා. ශරීරයේ උත්තම අංගය වන ‘හිස’ මත ලස්සනට පැළඳගන්නවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහම යි, මහත් ශ්‍රද්ධාවකින් ගිහි ජීවිතේ අතහැරලා මහණ වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඉතින් මහණ වුනාට පස්සෙ කිසි කපටිකමක් නෑ. ගුණවතුන්ගේ වෙස් අරගෙන රඟපෑමක් නෑ. ආඩම්බර නෑ. හිතට අරගෙන නෑ. චපල නෑ. කට වාචාල නෑ. හැම තිස්සෙ ම දොඩවන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරයි. කන බොන එකේ ප්‍රමාණය දන්නවා. නිදි වරාගෙන බණ භාවනා කරනවා. මාර්ග ඵල අවබෝධයක් ලබාගන්න ම යි හිත හිත ඉන්නෙ. සීල සමාධි ප්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසය ගොඩගැහිල්ලකුත් නෑ. නිවන් මග හෑල්ලුවට ලක් කරන්නේ නෑ. හිත පිරිහෙන දේවල් අත්හරිනවා. හුදෙකලාවේ භාවනාවෙන් කල් ගත කරන්නට ම යි හිතන්නෙ. පටන් ගත් වීරියෙන් යුක්තයි. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සතිපට්ඨානයේ ම යි සිහිය පිහිටුවාගන්නෙ. අවබෝධයක් තියෙනවා. සිතත් සමාහිතයි. ප්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින්, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ මේ දේශනාව අහල, අන්න ඒ වගේ පින්වත් භික්ෂූන් වහන්සේලා වචන වලිනුත්, මනසිනුත් මෙය පානය කරාවි කියලයි, අනුභව කරාවි කියලයි මට නම් හිතෙන්නෙ. ඇත්තෙන් ම, ප්‍රිය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන කුසල් දහම්වල පිහිටුවන එක කොයිතරම් හොඳ දෙයක් ද?”

මේ ආකාරයෙන් ඒ මහ රහතන් වහන්සේලා දෙනම ඔවුනොවුන් වදාළ මේ සුන්දර ධර්මය ගැන ගොඩක් සතුටු වුනා. අනුමෝදන් වුනා.

අනංගණසුත්තං නිට්ඨිතං.

අංගණ (උපක්ලේශ) නැතිවීම ගැන වදාළ දෙසුම නිමා විය. 

සාදු! සාදු!! සාදු!!!

1  |  2