මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.1. මූලපරියාය සුත්තං

1.1.1. හැම දෙයකට ම මුල් වන දේ ගැන වදාළ දෙසුම

(19)

මුතං මුතතෝ සඤ්ජානාති. මුතං මුතතෝ සඤ්ඤත්වා මුතං මඤ්ඤති. මුතස්මිං මඤ්ඤති. මුතතෝ මඤ්ඤති. මුතං මේති මඤ්ඤති. මුතං අභිනන්දති.  තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා නාසයට දැනෙන දේවල්, දිවෙන් රස විඳින දේවල්, කයින් පහස ලබන දේවල් ගැන මුළාවෙන් හඳුනගන්නේ ඒ දේවල් ගැන බාහිරින් දැනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට නාසයට දැනෙන දේවල්, දිවෙන් රස විඳින දේවල්, කයින් පහස ලබන දේවල්, ඒ හැටියටම මුළාවෙන් හඳුනගෙන, 

1. නාසයට දැනෙන දේවල් ගැන, දිවට දැනෙන දේවල් ගැන, කයට දැනෙන දේවල් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නෙ. 

2. මේ දේවල් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. මේ දේවල් තුළින් ‘මම, කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. මේ දේවල් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු මේ දේවල් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? නාසයට දැනෙන දේවල්වල, දිවට දැනෙන දේවල්වල, කයට දැනෙන දේවල්වල ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(20)

විඤ්ඤාතං විඤ්ඤාතතෝ සඤ්ජානාති. විඤ්ඤාතං විඤ්ඤාතතෝ සඤ්ඤත්වා විඤ්ඤාතං මඤ්ඤති. විඤ්ඤාතස්මිං මඤ්ඤති. විඤ්ඤාතතෝ මඤ්ඤති. විඤ්ඤාතං මේති මඤ්ඤති.  විඤ්ඤාතං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සිතට සිතෙන අරමුණු ගැන මුළාවෙන් හඳුනගන්නේ ඒ අරමුණුවල බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට සිතින් දැනගන්නා දේවල්, සිතින් දැනගන්නා දේවල් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. සිතින් දැනගන්නා දේවල් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නෙ.

2. සිතින් දැනගන්නා දේවල් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. සිතින් දැනගන්නා දේවල් තුළින් ‘මම, කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. සිතින් දැනගන්නා දේවල් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු සිතින් දැනගන්නා දේවල් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? සිතින් දැනගන්න දේවල්වල ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(21)

ඒකත්තං ඒකත්තතෝ සඤ්ජානාති. ඒකත්තං ඒකත්තතෝ සඤ්ඤත්වා ඒකත්තං මඤ්ඤති. ඒකත්තස්මිං මඤ්ඤති. ඒකත්තතෝ මඤ්ඤති. ඒකත්තං මේති මඤ්ඤති. ඒකත්තං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා එකම ස්වභාවයේ සත්වයන් ගැන මුළාවෙන් හඳුනගන්නේ එකම ස්වභාවයේ සත්වයන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට එක ම ස්වභාවයේ සත්වයන්, එකම ස්වභාවයේ සත්වයන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. එකම ස්වභාවයේ සත්වයන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. එකම ස්වභාවයේ සත්වයන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. එකම ස්වභාවයේ සත්වයන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. එකම ස්වභාවයේ සත්වයන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු එකම ස්වභාවයේ සත්වයන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? එකම ස්වභාවයේ සත්වයන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(22)

නානත්තං නානත්තතෝ සඤ්ජානාති. නානත්තං නානත්තතෝ සඤ්ඤත්වා නානත්තං මඤ්ඤති. නානත්තස්මිං මඤ්ඤති. නානත්තතෝ මඤ්ඤති. නානත්තං මේති මඤ්ඤති. නානත්තං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා විවිධාකාර වූ සත්වයන් ගැන මුළාවෙන් හඳුනගන්නේ විවිධාකාර සත්වයන් ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට විවිධාකාර සත්වයන්, විවිධාකාර සත්වයන් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. විවිධාකාර සත්වයන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ.

2. විවිධාකාර සත්වයන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. විවිධාකාර සත්වයන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. විවිධාකාර සත්වයන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු විවිධාකාර ස්වභාවයේ සත්වයන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? විවිධාකාර වූ සත්වයන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(23)

සබ්බං සබ්බතෝ සඤ්ජානාති. සබ්බං සබ්බතෝ සඤ්ඤත්වා සබ්බං මඤ්ඤති. සබ්බස්මිං මඤ්ඤති. සබ්බතෝ මඤ්ඤති. සබ්බං මේති මඤ්ඤති. සබ්බං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හැමදෙයක් ගැනම මුළාවෙන් හඳුනගන්නේ හැමදේකම බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට හැමදෙයක් ගැනම මුළාවෙන් හඳුනගෙන, 

1. හැමදෙයක් ගැනම රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. හැමදෙයක් තුළම ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. හැමදෙයක් තුළින්ම ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. හැමදෙයක් ම ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු හැම දෙයක්ම ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? හැමදෙයකම ඇති ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(24)

නිබ්බානං නිබ්බානතෝ සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතෝ සඤ්ඤත්වා නිබ්බානං මඤ්ඤති. නිබ්බානස්මිං මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. නිබ්බානං මේති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. තං කිස්ස හේතු?‘ අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා නිවන ගැන පවා මුළාවෙන් හඳුනගන්නේ නිවන ගැන බාහිරින් අසන දේවල් අනුවයි. මේ විදිහට නිවන ඔහු ඇසූ ආකාරයේ නිවනක් හැටියටම මුළාවෙන් හඳුනගෙන, 

1. නිවන ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. නිවන ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් 

පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? නිවනේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(අශ්‍රැතවත් පෘථග්ජනයා ගේ ස්වභාවය විස්තර කිරීම අවසන් විය.)

 

යෝපි සෝ භික්ඛවේ භික්ඛු සේඛෝ අප්පත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්ථයමානෝ විහරති, සෝපි පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං මාමඤ්ඤී. පඨවියා මාමඤ්ඤී. පඨවිතෝ මාමඤ්ඤී. පඨවිං මේති මාමඤ්ඤී. පඨවිං මාභිනන්දී. තං කිස්ස හේතු? පරිඤ්ඤෙය්‍යං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, තවම රහත් නො වූ, ඒ වුනාට අනෙක් මාර්ගඵල අවබෝධ කරගත් භික්ෂුවක් ඉන්නවා. උතුම් නිවන අවබෝධ කරගැනීමටම යි ඒ භික්ෂුවගේ හිත යොමු වෙලා තියෙන්නේ. ඒ භික්ෂුව පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. පඨවි ධාතුව ගැන, පඨවි ධාතුව හැටියට ම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ හැඟීම් ඇති කරගන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීමට ඉඩදෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීමට ඉඩදෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීමට ඉඩදෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව පඨවි ධාතුව ‘මම, මාගේ, මාගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නා වැරැද්දට ඉඩදෙන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වෙන්නෙ? ඒ පඨවි ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ ඇති කරගත යුතු බව දන්න නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං මාමඤ්ඤී. නිබ්බානස්මිං මාමඤ්ඤී නිබ්බානතෝ මාමඤ්ඤී. නිබ්බානං මේති මාමඤ්ඤී. නිබ්බානං මාභිනන්දි. තං කිස්ස හේතු? පරිඤ්ඤෙය්‍යං තස්සාති වදාමි. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නා÷÷සඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් තේරුම් ගන්නේ නිවන හැටියට ම යි. මේ විදිහට නිවන ගැන, නිවන හැටියටම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා, 

1. නිවන ගැන රැවටෙන විදිහේ හැඟීම් ඇති කරගන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීමට ඉඩ දෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීමට ඉඩදෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීමට ඉඩදෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නා වරදට ඉඩදෙන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්න පුළුවන් වෙන්නෙ? නිවන පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ ඇති කරගත යුතු බව දන්න නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(මාර්ගඵල ලාභී, එහෙත් රහත් නොවූ ශ්‍රාවකයා ගැන විස්තරය අවසන් විය.)

යෝපි සෝ භික්ඛවේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, සෝපි පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? පරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහත් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලයි ඉන්නෙ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. නිවන් අවබෝධ කරගන්නට කළ යුතු සියල්ල කරලයි ඉන්නෙ. කෙලෙස් බර වීසි කරලයි ඉන්නෙ. අනුපිළිවෙලින් නිවනට පත්වෙලයි ඉන්නෙ. භව බන්ධන නැති කරලයි ඉන්නෙ. පරිපූර්ණ අවබෝධයක් තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඉතින් ඒ භික්ෂුවත් පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. පඨවි ධාතුව ගැන පඨවි ධාතුව හැටියටම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසි හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව පඨවි ධාතුව ‘මම, මාගේ, මාගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වුනේ? පඨවි ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ ඇතිවෙලා තියෙන නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? පරිඤ්ඤාතං තස්සාති වදාමි. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් තේරුම් ගන්නේ නිවන හැටියට ම යි. මේ විදිහට නිවන ගැන නිවන හැටියට ම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසි හැඟීමක් ඇති වෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්න පුළුවන් වුනේ? නිවන පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ ඇති වෙලා තියෙන නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(2)

යෝපි සෝ භික්ඛවේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, සෝපි පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා රාගස්ස වීතරාගත්තා. 

පින්වත් මහණෙනි, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහත් භික්ෂුව ආශ්‍රවයන් නැති කරලයි ඉන්නෙ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. නිවන් අවබෝධ කරගන්න කළ යුතු සියල්ල කරලයි ඉන්නෙ. කෙලෙස් බර වීසි කරලයි ඉන්නෙ. අනුපිළිවෙලින් නිවනට පත්වෙලයි ඉන්නෙ. භව බන්ධන නැති කරලයි ඉන්නෙ. පරිපූර්ණ අවබෝධයක් තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඉතින් ඒ භික්ෂුවත් පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. මේ විදිහට පඨවි ධාතුව ගැන පඨවි ධාතුව හැටියට ම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසි හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව පඨවි ධාතුව ‘මම, මාගේ, මාගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ.  

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වුනේ? පඨවි ධාතුව පිළිබඳව ඔහු තුළ තිබූ රාගය ක්ෂය වීමෙන් ‘වීතරාගී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා රාගස්ස වීතරාගත්තා. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් තේරුම් ගන්නේ නිවන හැටියටම යි. මේ විදිහට නිවන ගැන නිවන හැටියටම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්න පුළුවන් වුනේ? නිවන පිළිබඳව ඔහු තුළ තිබූ රාගය ක්ෂය වීමෙන් ‘වීතරාගී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

1  |  2  |  3