මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.1. මූලපරියාය සුත්තං

1.1.1. හැම දෙයකට ම මුල් වන දේ ගැන වදාළ දෙසුම

(3)

යෝපි සෝ භික්ඛවේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, සෝපි පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා දෝසස්ස වීතදෝසත්තා. 

පින්වත් මහණෙනි, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහත් භික්ෂුව ආශ්‍රවයන් නැති කරලයි ඉන්නෙ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. නිවන් අවබෝධ කරගන්න කළ යුතු සියල්ල කරලයි ඉන්නෙ. කෙලෙස් බර වීසි කරලයි ඉන්නෙ. අනුපිළිවෙලින් නිවනට පත්වෙලයි ඉන්නෙ. භව බන්ධන නැති කරලයි ඉන්නෙ. පරිපූර්ණ අවබෝධයක් තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඉතින් ඒ භික්ෂුවත් පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. පඨවි ධාතුව ගැන, පඨවි ධාතුව හැටියටම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව පඨවි ධාතුව ‘මම, මාගේ, මාගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ.  

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වුනේ? පඨවි ධාතුව පිළිබඳව ඔහු තුළ තිබූ ද්වේෂය ක්ෂය වීමෙන් ‘වීතදෝෂී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා දෝසස්ස වීතදෝසත්තා. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් තේරුම් ගන්නේ නිවන හැටියටම යි. මේ විදිහට නිවන ගැන නිවන හැටියටම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වුනේ? නිවන පිළිබඳව ඔහු තුළ තිබූ ද්වේෂය ක්ෂය වීමෙන් ‘වීතදෝෂී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(4)

යෝපි සෝ භික්ඛවේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, සෝපි පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා මෝහස්ස වීතමෝහත්තා. 

පින්වත් මහණෙනි, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහත් භික්ෂුව ආශ්‍රවයන් නැති කරලයි ඉන්නෙ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. නිවන් අවබෝධ කරගන්ට කළ යුතු සියල්ල කරලයි ඉන්නෙ. කෙලෙස් බර වීසි කරලයි ඉන්නෙ. අනුපිළිවෙලින් නිවනට පත්වෙලයි ඉන්නෙ. භව බන්ධන නැතිකරලයි ඉන්නෙ. පරිපූර්ණ අවබෝධයක් තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඉතින් ඒ භික්ෂුවත් පොළවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. පඨවි ධාතුව ගැන, පඨවි ධාතුව හැටියටම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුතවෙනවා’ කියන වැරදි හැඟීම ඇති වෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව පඨවි ධාතුව ‘මම, මාගේ, මාගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ.  

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්නට පුළුවන් වුනේ? පඨවි ධාතුව පිළිබඳව ඔහු තුළ තිබූ මෝහය ක්ෂය වීමෙන් ‘වීතමෝහී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? ඛයා මෝහස්ස වීතමෝහත්තා. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් තේරුම් ගන්නේ නිවන හැටියට ම යි. මේ විදිහට නිවන ගැන, නිවන හැටියටම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට ඒ භික්ෂුව නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ භික්ෂුවට එහෙම කරන්න පුළුවන් වුණේ? නිවන පිළිබඳව ඔහු තුළ තිබූ මෝහය ක්ෂය වීමෙන් ‘වීතමෝහී’ වීම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(රහතන් වහන්සේ ගැන වදාළ කොටස නිමා විය.)

 

(1)

තථාගතෝපි භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? පරිඤ්ඤාතං තං තථාගස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේත් පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන් ම දකිනවා. පඨවි ධාතුව ගැන පඨවි ධාතුව හැටියට ම අවබෝධයෙන් ම දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසි හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේ පඨවි ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ.   

පින්වත් මහණෙනි, ඇයි තථාගතයන් වහන්සේට එහෙම කරන්නට පුළුවන් වුනේ? ඒ පඨවි ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් තථාගතයන් වහන්සේ තුළ ඇතිවෙලා තියෙන නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? පරිඤ්ඤාතං තං තථාගස්සාති වදාමි. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට දැනෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් ම තේරුම් ගන්නේ නිවන හැටියටම යි. මේ විදිහට නිවන ගැන, නිවන හැටියටම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේ නිවන ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි ඒ තථාගතයන් වහන්සේට එහෙම කරන්න පුළුවන් වුණේ? එම නිවන පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් තථාගතයන් වහන්සේ තුළ ඇති වෙලා තියෙන නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(2)

තථාගතෝපි භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ පඨවිං පඨවිතෝ අභිජානාති. පඨවිං පඨවිතෝ අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවිං මේති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හේතු? නන්දි දුක්ඛස්සමූලන්ති ඉති විදිත්වා, භවා ජාති, භූතස්ස ජරාමරණන්ති. තස්මාතිහ භික්ඛවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ’ති වදාමි. 

පින්වත් මහණෙනි, අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේත් පොළොවට පස් වී යන ස්වභාවයට අයිති පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පඨවි ධාතුවක් හැටියට අවබෝධයෙන්ම දකිනවා. පඨවි ධාතුව ගැන, පඨවි ධාතුව හැටියටම අවබෝධයෙන් දැකීම නිසා, 

1. පඨවි ධාතුවට රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. පඨවි ධාතුව තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. පඨවි ධාතුව ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේ පඨවි ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නෙ නෑ.   

පින්වත් මහණෙනි, ඇයි තථාගතයන් වහන්සේට එහෙම කරන්න පුළුවන් වුනේ? ‘ආශාව තමයි මේ හැම දුකකට ම මුල’ කියල අවබෝධ කරගැනීමෙන්  භවයෙන් තමයි ඉපදීම හැදෙන්නෙ. ඉපදුණු කෙනාට තමයි දිරීම, මරණය තියෙන්නෙ කියලත් අවබෝධ කළා. ඒ නිසා “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ හැම තණ්හාවක් ම ක්ෂය කිරීමෙන්, ඇල්ම දුරු කිරීමෙන්, ඇල්ම නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරින් ම දුරු කිරීමෙන්, අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.”

ආපං ....(පෙ).... තේජං ....(පෙ).... වායං ....(පෙ).... භූතේ ....(පෙ).... දේවේ ....(පෙ).... පජාපතිං ....(පෙ).... බ්‍රහ්මං ....(පෙ).... ආභස්සරේ ....(පෙ).... සුභකිණ්ණේ ....(පෙ).... වේහප්ඵලේ ....(පෙ).... අභිභුං ....(පෙ).... ආකාසානඤ්චායතනං  ....(පෙ).... විඤ්ඤාණඤ්චායතනං  ....(පෙ).... ආකිඤ්චඤ්ඤායතනං  ....(පෙ).... නේවසඤ්ඤානාසඤ්ඤායතනං  ....(පෙ).... දිට්ඨං  ....(පෙ).... සුතං  ....(පෙ).... මුතං  ....(පෙ).... විඤ්ඤාතං  ....(පෙ).... ඒකත්තං  ....(පෙ).... නානත්තං  ....(පෙ).... සබ්බං  ....(පෙ).... නිබ්බානං නිබ්බානතෝ අභිජානාති. නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතෝ න මඤ්ඤති. නිබ්බානං මේති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හේතු? නන්දි දුක්ඛස්සමූලන්ති ඉති විදිත්වා, භවා ජාති, භූතස්ස ජරාමරණන්ති. තස්මාතිහ භික්ඛවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ’ති වදාමීති. 

ආපෝ ධාතුව .... (පෙ) .... තේජෝ ධාතුව .... (පෙ) .... වායෝ ධාතුව .... (පෙ) .... ඉපදුන සත්වයන් .... (පෙ) .... දෙවියන් .... (පෙ) .... ලෝකාධිපති දෙවියන් .... (පෙ) .... මහා බ්‍රහ්මයා .... (පෙ) .... ආභස්සර දෙවියන් .... (පෙ) .... සුභකිණ්ණ දෙවියන් .... (පෙ) .... වේහප්ඵල දෙවියන් .... (පෙ) .... අභිභූ දෙවියන් .... (පෙ) .... ආකාසානඤ්චායතන දෙවියන් .... (පෙ) .... විඤ්ඤාණඤ්චායතන දෙවියන් .... (පෙ) .... ආකිඤ්චඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන් .... (පෙ) .... දකින දේවල් .... (පෙ) .... අසන දේවල් .... (පෙ) .... නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් .... (පෙ) .... සිතට සිතෙන දේවල් .... (පෙ) .... එක ම ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... විවිධාකාර ස්වභාවයේ සත්වයන් .... (පෙ) .... නිවන ගැන අවබෝධයෙන් ම තේරුම් ගන්නේ නිවන හැටියට ම යි. මේ විදිහට නිවන ගැන, නිවන හැටියට ම අවබෝධයෙන් තේරුම් ගැනීම නිසා,

1. නිවන ගැන රැවටෙන විදිහේ කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. 

2. නිවන තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

3. නිවන තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

4. නිවන ‘මගේ’ කියන වැරදි හැඟීම ඇතිවෙන්නෙ නෑ. 

5. එතකොට අරහත් වූ, සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේ නිවන ‘මම, මගේ, මගේ ආත්මය” කියල සතුටින් පිළිගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, ඇයි තථාගතයන් වහන්සේට එහෙම කරන්න පුළුවන් වුනේ? ‘ආශාව තමයි මේ හැම දුකකටම මුල’ කියල අවබෝධ කරගැනීමෙන්  භවයෙන් තමයි ඉපදීම හැදෙන්නෙ. ඉපදුණු කෙනාට තමයි දිරීම, මරණය තියෙන්නෙ කියලත් අවබෝධ කළා. ඒ නිසා “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ හැම තණ්හාවක් ම ක්ෂය කිරීමෙන්, ඇල්ම දුරු කිරීමෙන්, ඇල්ම නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.”

ඉදමවෝච භගවා. න තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. 

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. එහෙත් මෙයට සවන් දුන් ඒ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ පරම ගම්භීර ධර්ම දේශනය වටහා ගත නොහැකි වූ නිසා මේ දේශනාව සතුටින් පිළිගත්තේ නෑ.

 

මූලපරියායසුත්තං නිට්ඨිතං. 

හැම දෙයකට ම මුල් වුන දේ ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

1  |  2  |  3