දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

1. බ්‍රහ්මජාල සුත්තං

1. දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම

29. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. චන්‌දග්‌ගාහෝ භවිස්‌සති සුරියග්‌ගාහෝ භවිස්‌සති නක්‌ඛත්‌තග්‌ගාහෝ භවිස්‌සති චන්‌දිමසුරියානං පථගමනං භවිස්‌සති චන්‌දිමසුරියානං උප්‌පථගමනං භවිස්‌සති නක්‌ඛත්‌තානං පථගමනං භවිස්‌සති නක්‌ඛත්‌තානං උප්‌පථගමනං භවිස්‌සති උක්‌කාපාතෝ භවිස්‌සති දිසාඩාහෝ භවිස්‌සති භූමිචාලෝ භවිස්‌සති දේවදුන්දුභි භවිස්‌සති චන්‌දිමසුරියනක්‌ඛත්‌තානං උග්‌ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්‌සති ඒවංවිපාකෝ චන්‌දග්‌ගාහෝ භවිස්‌සති ඒවංවිපාකෝ සුරියග්‌ගාහෝ භවිස්‌සති ඒවං විපාකෝ නක්‌ඛත්‌තග්‌ගාහෝ භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියානං පථගමනං භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියානං උප්‌පථගමනං භවිස්‌සති ඒවං විපාකං නක්‌ඛත්‌තානං පථගමනං භවිස්‌සති ඒවං විපාකං නක්‌ඛත්‌තානං උප්‌පථගමනං භවිස්‌සති ඒවං විපාකෝ උක්‌කාපාතෝ භවිස්‌සති ඒවං විපාකෝ දිසාඩාහෝ භවිස්‌සති ඒවං විපාකෝ භූමිචාලෝ භවිස්‌සති ඒවං විපාකෝ දේවදුන්දුභි භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියනක්‌ඛත්‌තානං උග්‌ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්‌සති ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය. 

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසිමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසිමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසිගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමඟින් යෑම මෙවැනි ඵල විපාක ලබා දෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා” කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

30. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. සුබ්බුට්‌ඨිකා භවිස්‌සති දුබ්‌බුට්‌ඨිකා භවිස්‌සති සුභික්‌ඛං භවිස්‌සති දුබ්‌භික්‌ඛං භවිස්‌සති ඛේමං භවිස්‌සති භයං භවිස්‌සති රෝගෝ භවිස්‌සති ආරොග්‍යං භවිස්‌සති මුද්‌දා ගණනා සංඛානං කාවෙය්‍යං ලෝකායතං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය. 

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා කියමින් ඵලාඵල පැවසීමත්, මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

31. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. ආවාහනං විවාහනං සංවදනං විවදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්‌භගකරණං විරුද්‌ධගබ්‌භකරණං ජිව්‌හානිත්ථම්භනං හනුසංහනනං හත්‌ථාභිජප්‌පනං හනුජප්‌පනං කණ්‌හජප්‌පනං ආදාසපඤ්‌හං කුමාරිකපඤ්‌හං දේවපඤ්‌හං ආදිච්‌චුපට්‌ඨානං මහතුපට්‌ඨානං අබ්‌භුජ්‌ජලනං සිරිව්‌හානං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය. 

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සෑදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සෑදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සෑදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සෑදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළු වී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

32. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. සන්‌තිකම්‌මං පණිධිකම්‌මං භූරිකම්‌මං වස්‌සකම්‌මං වොස්‌සකම්‌මං වත්‌ථුකම්‌මං වත්‌ථුපරිකම්‌මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරේචනං උද්‌ධවිරේචනං අධෝවිරේචනං සීසවිරේචනං කණ්‌ණතේලං නෙත්‌තතප්‌පනං නත්‌ථුකම්‌මං අඤ්‌ජනං පච්‌චඤ්‌ජනං සාලාකියං සල්‌ලකත්‌තියං දාරකතිකිච්‌ඡා මූලභේසජ්‌ජානං අනුප්‌පදානං ඕසධීනං පටිමොක්‌ඛෝ ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය. 

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම කිරීම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අළුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම, වතුර මතුරා මූණ සේදවීම, වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විරේකය, කණට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වණවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

33. ඉදං ඛෝ තං භික්‌ඛවේ අප්‌පමත්‌තකං ඕරමත්‌තකං සීලමත්‌තකං යේන පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

මහාසීලං නිට්ඨිතං.

පින්වත් මහණෙනි, පෘථග්ජනයා යම් කරුණකින් තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියනවා නම් ඒ මෙවැනි අල්ප මාත්‍ර දෙයකි. ස්වල්ප දෙයකි. සීල මාත්‍රයකි.

මහා සීලය නිමාවිය.

34. අත්‌ථි භික්‌ඛවේ අඤ්‌ඤේව ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං. කතමේ ච තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං? 

පින්වත් මහණෙනි, වෙනත් දේවල් තියෙනවාමයි. ඒවා ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. ඒ වගේම තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන්ට විෂය වන දෙයක්. තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කරලා යම් දෙයක් ලෝකයට ප්‍රකාශ කරනවා නම්, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන්ම තිබෙන ගුණ ගැන මනාකොට වර්ණනා කරනවා නම් කළ යුත්තේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් මොනවාද?

35. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාදසහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි? 

පින්වත් මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් අතීත ජීවිතයේ කෙළවර පිළිබඳව කල්පනා කරමින් අතීත ජීවිත කෙළවර ගැන ගොඩනඟාගත් මතවාදවලින් යුක්තයි. ඔවුන් අතීත ජීවිතයේ ආරම්භක කෙළවර අරභයා දහඅට කරුණකින් යුතුව නොයෙක් ආකාරයෙන් මතවාද ප්‍රකාශ කරමින් කරුණු කියනවා. අතීත ජීවිත කෙළවර පිළිබඳව කල්පනා කරමින් අතීත ජීවිත කෙළවර ගැන මතවාද ගොඩනඟා ගත් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙක් ආකාරයෙන් මතවාද ප්‍රකාශ කරමින් කරුණු දහඅටකින් තම මත පවසන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

36. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි? 

පින්වත් මහණෙනි, ශාස්වතවාදී (සදාකාලික දේවල් ඇත යන මතවාදය පවසන) ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි කියලා කරුණු හතරකින් උගන්වනවා. ඒ ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි (සදාකාලිකයි) කියලා කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

37. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බෙනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාලීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි අනේකානිපි ජාතිසතානි අනේකානිපි ජාතිසහස්‌සානි අනේකානිපි ජාතිසතසහස්‌සානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. 

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ එක උපතක්ද, උපත් දෙකක්ද, උපත් තුනක්ද, උපත් හතරක්ද, උපත් පහක්ද, උපත් දහයක්ද, උපත් විස්සක්ද, උපත් තිහක්ද, උපත් හතලිහක්ද, උපත් පනහක්ද, උපත් සියයක්ද, උපත් දාහක්ද, උපත් ලක්ෂයක්ද වශයෙන් නොයෙක් සිය ගණනින් ගෙවන ලද අතීත ජීවිත, නොයෙක් දහස් ගණනින් ගෙවන ලද අතීත ජීවිත, නොයෙක් ලක්ෂ ගණනින් ගෙවන ලද අතීත ජීවිත සිහි කරනවා. “මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදි මට ලැබුනෙ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා” කියලා.

ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි සෙය්‍යථිදං. ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාලීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි අනේකානිපි ජාතිසතානි අනේකානිපි ජාතිසහස්‌සානි අනේකානිපි ජාතිසතසහස්‌සානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛ‌පටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති. 

මේ විදිහට කරුණු සහිතව, පැහැදිලි කිරීම් සහිතව, නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ, උපදින්නේ. සදාකාලික වස්තු වගෙයි පවතින්නේ’ කියලා. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයයෙන් යුතුව ගොඩාක් උත්සාහ කරලා, යළි යළිත් උත්සාහ කරලා, අප්‍රමාදීව මැනවින් මෙනෙහි කරලා යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ එක උපතක්ද, උපත් දෙකක්ද ....(පෙ).... නොයෙක් ලක්ෂ ගණනින් ගෙවන ලද අතීත ජීවිත මං සිහි කරනවා. මං අසවල් තැනයි හිටියේ. එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි ....(පෙ).... මෙහි උපන්නා කියලා. ඔය විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැලා තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන්ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මං මේ කාරණය (ශාස්වතයි කියලා) දන්නේ.’

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි පළමුවෙනි කාරණය. 

38. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති? 

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා දෙවෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. ඒකම්පි සංවට්‌ටවිවට්‌ටං ද්වේපි සංවට්‌ටවිවට්‌ටානි තීණිපි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරිපි සංවට්‌ටවිවට්‌ටානි පඤ්‌චපි සංවට්‌ටවිවට්‌ටානි දසපි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. 

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ, එක සංවට්ට (පෘථිවිය විනාශ වෙන්නට ගත වන කාලය) විවට්ට (නැවත හැදෙන්නට ගත වන කාලය වශයෙන්) කල්පයක්ද, සංවට්ට විවට්ට කල්ප දෙකක්ද, සංවට්ට විවට්ට කල්ප තුනක්ද, සංවට්ට විවට්ට කල්ප හතරක්ද, සංවට්ට විවට්ට පහක්ද, සංවට්ට විවට්ට දහයක්ද වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදී මට ලැබුනෙ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. සෙය්‍යථිදං. ඒකම්පි සංවට්‌ටවිවට්‌ටං ද්වේපි සංවට්‌ටවිවට්‌ටානි තීණිපි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරිපි සංවට්‌ටවිවට්‌ටානි පඤ්‌චපි සංවට්‌ටවිවට්‌ටානි දසපි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාපාහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්ති. 

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ උපදින්නේ. සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ....(පෙ).... යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ එක සංවට්ට විවට්ට කල්පයක්ද, ....(පෙ).... සංවට්ට විවට්ට කල්ප දහයක්ද, වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. ....(පෙ).... ඊට පස්සේ මං එතනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැල තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන්ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මේ කාරණය (ශාස්වතයි කියලා) මං දන්නේ.’

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං -අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි දෙවෙනි කාරණය.

39. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති? 

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා තුන්වෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. දසපි සංවට්‌ටවිවට්‌ටානි වීසතිම්‌පි සංවට්‌ටවිවට්‌ටානි තිංසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාලීසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. 

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ, සංවට්ට විවට්ට කල්ප දහයක්ද, සංවට්ට විවට්ට කල්ප විස්සක්ද, සංවට්ට විවට්ට කල්ප තිහක්ද, සංවට්ට විවට්ට කල්ප හතළිහක්ද වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදී මට ලැබුනේ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්දේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. සෙය්‍යථිදං. දසපි සංවට්‌ටවිවට්‌ටානි වීසතිම්‌පි සංවට්‌ටවිවට්‌ටානි තිංසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරීසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛ‌පටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති. 

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැලා තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ උපදින්නේ. සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයයෙන් යුතුව ....(පෙ).... යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ සංවට්ටවිවට්ට කල්ප දහයක්ද, ....(පෙ).... සංවට්ටවිවට්ට කල්ප හතළිහක් ද වශයෙන් අතීතය සිහි කරනවා. “මං අසවල් තැන හිටියා ....(පෙ).... ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා” කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැල තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන් ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මේ කාරණය (ශාස්වතයි කියලා) මං දන්නේ.’

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි තුන්වෙනි කාරණය.

40. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා හතරවෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයං පටිභානං ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ, භවයෙන් භවයට සැරිසරා යන්නේ, චුතවෙන්නේ උපදින්නේ, සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ.’

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි හතරවෙනි කාරණය.

41. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා. 

පින්වත් මහණෙනි, මේ කරුණු හතරෙන් තමයි ශාස්වතවාදී (සදාකාලික දේ ගැන මතවාද කියන) වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි කියලා උගන්වන්නේ. පින්වත් මහණෙනි, ඒ ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලා උගන්වන්නේ යම් කරුණකින් නම්, ඒ සියළු දෙනාම මේ කරුණු හතරෙන් හෝ මේවායෙන් එක් කරුණක් හෝ ගෙන තමයි උගන්වන්නේ. මෙයින් බාහිර කරුණක් නැත.

42. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ ඛෝ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති. තං ච පජානනං න පරාමසති. අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ. 

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය අවබෝධයෙන්ම දන්නවා. ඒ කියන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවි” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාම තමා තුළම නිවීගිය බව තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ (ඔය දෘෂ්ටි හතරට බැඳීමට හේතු වූ ඒ ඒ තැන්වල සැපදුක් විඳි බවට ඇති) වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

43. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං. 

පඨමකභාණවාරං

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් යනු මේවා තමයි.

පළමුවෙනි බණවරයි

44. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි? 

පින්වත් මහණෙනි, ඇතැම් දේවල් සදාකාලිකය යන ශාස්වතවාදී මතයත්, ඇතැම් දේවල් සදාකාලික නැත යන අශාස්වතවාදී මතයත් වශයෙන් මත දෙකක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් කරුණු හතරකින් උගන්වනවා. ඒ ශාස්වතවාදී හා අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

45. හෝති ඛෝ සෝ භික්‌ඛවේ සමයෝ යං කදාචි කරහචි දීඝස්‌ස අද්‌ධුනෝ අච්‌චයේන අයං ලෝකෝ සංවට්‌ටති. සංවට්‌ටමානේ ලෝකේ යේභුය්‍යේන සත්‌තා ආභස්‌සරසංවත්‌තනිකා හොන්‌ති. තේ තත්‌ථ හොන්‌ති මනෝමයා පීතිභක්‌ඛා සයංපභා අන්‌තලික්‌ඛචරා සුභට්‌ඨායිනෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨන්‌ති. 

පින්වත් මහණෙනි, ඉතාමත්ම දීර්ඝ කාලයක් ගෙවී ගියාට පසු යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින්ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, අහසේ හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගතකරනවා.

හෝති ඛෝ සෝ භික්‌ඛවේ සමයෝ යං කදාචි කරහචි දීඝස්‌ස අද්‌ධුනෝ අච්‌චයේන අයං ලෝකෝ විවට්‌ටති. විවට්‌ටමානේ ලෝකේ සුඤ්‌ඤං බ්‍රහ්‌මවිමානං පාතුභවති. අථඤ්‌ඤතරෝ සත්තෝ ආයුක්‌ඛයා වා පුඤ්‌ඤක්‌ඛයා වා ආභස්‌සරකායා චවිත්‌වා සුඤ්‌ඤං බ්‍රහ්‌මවිමානං උපපජ්‌ජති. සෝ තත්‌ථ හෝති මනෝමයෝ පීතිභක්‌ඛෝ සයංපභෝ අන්‌තලික්‌ඛචරෝ සුභට්‌ඨායී චිරං දීඝමද්‌ධානං තිට්‌ඨති. තස්‌ස තත්‌ථ ඒකකස්‌ස දීඝරත්‌තං නිබ්බුසිතත්‌තා අනභිරති පරිතස්‌සනා උප්පජ්‌ජති. අහෝ වත අඤ්‌ඤේපි සත්‌තා ඉත්‌ථත්‌තං ආගච්‌චේය්‍යුන්‌ති. අථ අඤ්‌ඤතරේපි සත්‌තා ආයුක්‌ඛයා වා පුඤ්‌ඤක්‌ඛයා වා ආභස්‌සරකායා චවිත්‌වා බ්‍රහ්‌මවිමානං උපපජ්‌ජන්‌ති තස්‌ස සත්‌තස්‌ස සහව්‍යතං. තේපි තත්‌ථ හොන්‌ති මනෝමයා පීතිභක්‌ඛා සයංපභා අන්‌තලික්‌ඛචරා සුභට්‌ඨායිනෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨන්‌ති.

පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක් ගෙවුනාට පසු මේ ලෝකය නැවත සකස් වෙනවා නම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දි, හිස් බ්‍රහ්ම විමානයක් පහළවෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හරි, පින ක්ෂය වීමෙන් හරි අර ආභස්සර ලෝකයෙන් චුත වෙලා හිස් බ්‍රහ්ම විමානයේ උපදිනවා. ඔහු එහි ඉන්නෙත් මනෝමය ශරීර ඇතිවයි. ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝකය විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවැත්මකින් යුතුවයි. ඒ විදිහට ඉතා දීර්ඝ කාලයක් ඉන්නවා. ඉතින් දීර්ඝ කාලයක් ගතකරන ඔහුට පාළු ගතියක් ඇතිවෙනවා. නොඇල්මක් ඇතිවෙනවා. කැළඹීමක් ඇතිවෙනවා. ‘අහෝ..! ඇත්තෙන්ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා හිතනවා. එතකොට ආයුෂ අවසන් වුන, පින අවසන් වුන අනෙකුත් සත්වයන්ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ්‍රහ්ම විමානයේ ඒ සත්වයාගේ ස්වභාවයෙන්ම උපදිනවා. ඒ උදවියත් එහි මනෝමය සිරුරු ඇතිවයි ඉන්නේ. ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගතකරනවා.

තත්‍ර භික්‌ඛවේ යෝ සෝ සත්තෝ පඨමං උපපන්‌නෝ තස්‌ස ඒවං හෝති අහමස්‌මි බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං. මයා ඉමේ සත්‌තා නිම්‌මිතා. තං කිස්‌ස හේතු? මමඤ්‌හි පුබ්‌බේ ඒතදහෝසි අහෝ වත අඤ්‌ඤේපි සත්‌තා ඉත්‌ථත්‌තං ආගච්‌චෙය්‍යුන්‌ති. ඉති මම ච මනෝපණිධි ඉමේ ච සත්‌තා ඉත්‌ථත්‌තං ආගතාති. යේපි තේ සත්‌තා පච්‌ඡා උපපන්‌නා තේසම්‌පි ඒවං හෝති. අයං ඛෝ භවං බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං. ඉමිනා මයං භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා. තං කිස්‌ස හේතු? ඉමං හි මයං අද්‌දසාම ඉධ පඨමං උපපන්‌නං මයං පනම්‌හා පච්‌ඡා උපපන්‌නාති.

පින්වත් මහණෙනි, එතකොට යම් සත්වයෙක් මුලින්ම ඉපදුනා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. “මං තමයි බ්‍රහ්මයා, මං මහා බ්‍රහ්මයා, මං සියල්ල මැඬලන කෙනා. මාව කාටවත් මැඬලන්න බෑ. මං හැමදේම දකිනවා. මං හැමදේම වසඟයට අරගෙනයි ඉන්නේ. මං තමයි දෙවියන් වහන්සේ. මං තමයි කර්තෘ, මං තමයි ලෝකය නිර්මාණය කළේ. මං තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කළේ මං. ලොව වසඟ කළේ මමයි. උපන් සත්වයන් ගේත් ඉපදෙන්නට ඉන්න සත්වයන්ගේත් පියාණන් මම ය” කියලා. ඒකට හේතුව කුමක්ද? කලින්ම මේ විදිහට මටයි හිතුනේ. ‘අහෝ..! ඇත්තෙන්ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා මේක තමයි මගේ මනෝ ප්‍රණිධිය (මගේ ප්‍රාර්ථනාව) වුනේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියලා. ඒ වගේම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇතිවුනේ මේ විදිහේ අදහසක්. “මේ තමයි භවත් බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. දෙවියන් වහන්සේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. මේ භවත් බ්‍රහ්මයා විසිනුයි අපව මැව්වේ. ඒකට හේතුව මොකක්ද? මේ ලෝකයෙහි මුලින්ම ඉපදිලා සිටිය මොහුව තමයි අපි දැක්කේ. අපි වනාහී පසුව ඉපදිච්ච අය නෙව” කියලා.

46. තත්‍ර භික්‌ඛවේ යෝ සෝ සත්තෝ පඨමං උපපන්‌නෝ සෝ දීඝායුකතරෝ ච හෝති වණ්‌ණවන්‌තතරෝ ච මහේසක්‌ඛතරෝ ච. යේ පන තේ සත්‌තා පච්‌ඡා උපපන්‌නා තේ අප්‌පායුකතරා ච හොන්‌ති දුබ්‌බණ්‌ණතරා ච අප්‌පේසක්‌ඛතරා ච. ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති.

පින්වත් මහණෙනි, ඉතින් එහි යම් ඒ සත්වයෙක් මුලින්ම ඉපදුනා නම්, ඔහු ඉතාමත් දිගු ආයුෂයකින් යුතු වුනා. ඉතා සුන්දර වුනා. ඉතාමත් මහේශාක්‍ය වුනා. නමුත් යම් ඒ සත්වයන් පසුව උපන්නාද, ඔවුන්ට ආයුෂ තිබුනේ අල්පයයි. එතරම් ලස්සන වුණේ නෑ. අල්පේශාක්‍ය වෙලයි හිටියේ. පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවාය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්.

ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති. සෝ ඒවමාහ. 

ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදි බව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයිද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා.

යෝ ඛෝ සෝ භවං බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං යේන මයං භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා සෝ නිච්චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්මෝ සස්‌සතිසමං තථේව ඨස්‌සති. යේ පන මයං අහුම්‌හා තේන භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා තේ මයං අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති.

“යම් ඒ භවත් බ්‍රහ්මයෙක් ඇද්ද, එයා තමයි මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. දෙවියන් වහනසේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. එයා විසින් තමයි අපව මැව්වේ. එයා නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලිකව පවතින යමක් ඇද්ද ඒ විදිහටම පවතිනවා. ඒ භවත් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ යම් වූ අපි වෙමුද, ඒ අප අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂයෙන් යුක්තයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි මෙලොවට ආවේ” කියලා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඒ ශාස්වතවාදී (මැවුම්කරු සදාකාලිකයි) හා අශාස්වතවාදී (මවන ලද උදවිය අනිත්‍යයි) යන මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

47. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති? 

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් දෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

1  |  2  |  3  |  4  |  5