දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

1. බ්‍රහ්මජාල සුත්තං

1. දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම

සන්‌ති භික්‌ඛවේ ඛිඩ්ඩාපදෝසිකා නාම දේවා තේ අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරන්‌ති. තේසං අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති ‌මුස්‌සති. සතියා සම්‌මෝසා තේ දේවා තම්‌හා කායා චවන්‌ති.

පින්වත් මහණෙනි, (සෙල්ලමින් කල්ගෙවා ආහාර ගන්නට බැරිවීමෙන් චුතවෙන) ‘ඛිඩ්ඩාපදෝසික’ නම් වූ දේව කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කරනවා. එතකොට වේලාව ඉක්මවා යන තුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින් ඒ තුළම වාසය කරන ඔවුන්ට ආහාර ගන්නට අමතක වෙනවා. සිහි මුලාවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙනවා.

ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති. ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති.

පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවාය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්. ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදිබව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයිද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ.

සෝ ඒවමාහ. යේ ඛෝ තේ භොන්‌තෝ දේවා න ඛිඩ්ඩාපදෝසිකා තේ න අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරන්‌ති. තේසං න අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති න ‌මුස්‌සති. සතියා අසම්‌මෝසා තේ දේවා තම්‌හා කායා න චවන්‌ති; නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සන්‌ති. යේ පන මයං අහුම්‌හ ඛිඩ්ඩාපදෝසිකා තේ මයං අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරිම්‌හ. තේසං නෝ අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති ‌මුස්‌ස. සතියා සම්‌මෝසා ඒවං මයං තම්‌හා කායා චුතා අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති. 

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘යම් ඒ භවත් දෙවිවරු ඉන්නවා. ඔවුන් ඛිඩ්ඩාපදෝසික දෙවිවරුන් නොවේ. ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කරන්නෙ නෑ. එතකොට වේලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය නොකරන නිසා ඔවුන්ගේ ආහාර ගන්නට ඇති සිහිය මුලාවෙන්නෙ නෑ. සිහි මුලා නොවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙන්නෙ නෑ. ඒ අය නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දේවල් පවතිනවා වගෙයි ඒ අයත් ඉන්නේ. අනේ ඒ වුනාට අපි නම් යම් ඛිඩ්ඩාපදෝසික දෙවිවරුන් වෙලයි හිටියේ. ඒ අපි වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කළා. එතකොට වේලාව ඉක්මවා යන තුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කළ අපට ආහාර ගැනීමට ඇති සිහිය මුලා වුනා. සිහි මුලාවීම නිසයි අපි ඒ දෙව්ලොවෙන් චුත වුනේ. අපි අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂ්කයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි අපි මෙහි ඉපදුනේ.’

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

48. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් තුන්වෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

සන්‌ති භික්‌ඛවේ මනෝපදෝසිකා නාම දේවා තේ අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌ති. තේ අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි පදූසෙන්‌ති. තේ අඤ්‌ඤමඤ්‌ඤම්හි පදුට්‌ඨචිත්‌තා කිලන්‌තකායා කිලන්‌තචිත්‌තා. තේ දේවා තම්‌හා කායා චවන්‌ති. 

පින්වත් මහණෙනි, (සිත දූෂ්‍ය කරගැනීම නිසා චුතවෙන) ‘මනෝපදෝසික’ නම් දේව කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලගෙන ඉන්නවා. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලාගෙන ඉන්න කොට එකිනෙකාගේ සිත් දූෂ්‍ය වෙලා යනවා. එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් කය ක්ලාන්ත වෙනවා. සිත ක්ලාන්ත වෙනවා. එතකොට ඒ දෙවිවරුන් ඒ ලෝකයෙන් චුත වෙනවා.

ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති. ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති. 

පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්. ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදිබව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. නමුත් එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ.

සෝ ඒවමාහ යේ ඛෝ තේ භොන්‌තෝ දේවා න මනෝපදෝසිකා තේන අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌ති. තේන අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි නප්‌පදූසෙන්‌ති. තේ අඤ්‌ඤමඤ්‌ඤං අප්‌පදුට්‌ඨචිත්‌තා අකිලන්‌තකායා අකිලන්‌තචිත්‌තා. තේ දේවා තම්‌හා කායා න චවන්‌ති නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සන්‌ති. යේ පන මයං අහුම්‌හ මනෝපදෝසිකා තේ මයං අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායිම්‌හ. තේ මයං අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි පදූසිම්‌හ තේ මයං අඤ්‌ඤමඤ්‌ඤං පදුට්‌ඨචිත්‌තා කිලන්‌තකායා කිලන්‌තචිත්‌තා. ඒවං තම්‌හා කායා චුතා අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති. 

එතකොට ඔහු මෙහෙම කියනවා. “යම් ඒ භවත් දෙවිවරු ඉන්නවා. ඔවුන් මනෝපදෝසික දෙවිවරු නෙවෙයි. ඔවුන් එකිනෙකා වේලාව ඉක්මවා යන තුරු කිපුණු සිතින් බලාගෙන ඉන්නෙ නෑ. ඉතින් ඔවුන් එකිනෙකා වේලාව ඉක්මවා යනතුරු කිපුණු සිතින් බලාගෙන ඉන්නෙ නැති නිසා එකිනෙකා සිත් දූෂ්‍ය කරගන්නේ නෑ. ඒ නිසා කය ක්ලාන්ත වෙන්නේ නෑ. සිත ක්ලාන්ත වෙන්නෙත් නෑ. එතකොට ඒ දෙවිවරුන් ඒ ලෝකයෙන් චුත වෙන්නේ නෑ. ඒ දෙවිවරු නම් නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දේවල් වගේම පවතිනවා. ඒ වුනාට යම් ඒ අපි මනෝපදෝසික වුනා නෙව. වේලාව ඉක්මවා යනතුරු අපි එකිනෙකා දෙස කිපුණු සිතින් බලා සිටියා. ඒ අපි වේලාව ඉක්මවා යන තුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලා සිටිය නිසා එකිනෙකාගේ සිත් දූෂ්‍ය වුනා. ඒ අපි එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් ක්ලාන්ත හැදුණු කයක් ඇතිවුනා. ක්ලාන්ත හැදුනු සිතක් ඇතිවුනා. මේ විදිහටයි ඒ ලෝකයෙන් චුත වුනේ. ඒ නිසා අපි අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂ්කයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි අපි මෙලොවට ආවේ” කියලා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

49. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් හතරවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී. සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ඒවමාහ. යං ඛෝ ඉදං වුච්‌චති චක්‌ඛුන්තිපි සෝතන්තිපි ඝානන්තිපි කායෝතිපි අයං අත්‌තා අනිච්චෝ අද්‌ධුවෝ අසස්‌සතෝ විපරිණාමධම්මෝ. යඤ්‌ච ඛෝ ඉදං වුච්‌චති චිත්‌තන්‌ති වා මනෝති වා විඤ්‌ඤාණන්‌ති වා අයං අත්‌තා නිච්චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්මෝ සස්‌සතිසමං තථේව ඨස්‌සතීති. 

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. “මේ යමක් ඇස කියලා කියනවාද, කන කියලා කියනවාද, නාසය කියලා කියනවාද, දිව කියලා කියනවාද, කය කියලා කියනවාද මේ ආත්මය නම් අනිත්‍යයි. අස්ථිරයි. සදාකාලික නෑ. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ යමක් සිත කියලා කියනවාද, මනස කියලා කියනවාද, විඤ්ඤාණය කියලා කියනවාද මේ ආත්මය නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දෙයක් පවතින පරිද්දෙන්ම පවතිනවා” කියලා.

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති. 

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ හතරවෙනි කරුණ.

ඉමේ හි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. 

පින්වත් මහණෙනි, මේ කරුණු හතරෙන් තමයි ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී, ඇතැම් දේ සදාකාලික නෑ යන මතය කියන අශාස්වතවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ඇතැම් දෙය ශාස්වතයි, ඇතැම් දෙය අශාස්වතයි කියලා උගන්වන්නේ.

යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ඇතැම් දේ ගැන ශාස්වතවාදී වූ ඇතැම් දේ ගැන අශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දේ ශාස්වතයි කියලත් ඇතැම් දේ අශාස්වතයි කියලත් උගන්වන්නේ යම් කරුණකින් නම්, ඒ සියළු දෙනාම මේ කරුණු හතරෙන් හෝ මේවායෙන් එක් කරුණක් හෝ ගෙන තමයි උගන්වන්නේ. මෙයින් බාහිර කරුණක් නැත.

50. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ. 

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය අවබෝධයෙන්ම දන්නවා. ඒ කියන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවී” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාම තමා තුළම නිවී ගිය බව තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ (ඔය දෘෂ්ටි හතරට බැඳීමට හේතු වූ ඒ ඒ තැන්වල සැපදුක් විඳි බවට ඇති) වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

51. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං. 

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් යනු මේවා තමයි.

52. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි? 

පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් ලෝකයේ කෙළවරක් ඇත, නැත යන මතය කරුණු හතරකින් උගන්වනවා. ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත, නැත යන මතය කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති. සෝ ඒවමාහ. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝ. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි. ඉමිනාමහං ඒතං ජානාමි. යථා අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවර සහිතයි. හාත්පසින් වටවෙලයි තියෙන්නේ. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ....(පෙ).... යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් කෙළවර සහිත නම් මේ ලෝකය එවැනි හාත්පසින් වට වූ දෙයක් කියලා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

53. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති? 

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය දෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති. සෝ ඒවමාහ. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝ. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝ. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනැවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් නැත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය අනන්තයි. හාත්පසින් වටවුන සීමාවක් නෑ. නමුත් යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙහෙම කියලා තියෙනවා. මේ ලෝකය කෙළවර සහිතයිලු, හාත්පසින් වටවෙලා තියෙනවාලු. ඒක ඔවුන්ගේ බොරුවක්. මේ ලෝකය අනන්තයි. හාත්පසින් වටවුන සීමාවක් නෑ. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ....(පෙ).... යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් නැත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් මේ ලෝකය අනන්තයි, හාත්පසින් වටවුන සීමාවක් නෑ කියලා.

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

54. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති? 

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය තෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ උද්‌ධමධෝ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති තිරියං අනන්‌තසඤ්‌ඤී. සෝ ඒවමාහ. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ ච. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති තේසම්‌පි මුසා. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ ච. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ උද්‌ධමධෝ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි තිරියං අනන්‌තසඤ්‌ඤී. ඉමිනාමහං ඒතං ජානාමි. යථා අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ චාති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි උඩත් යටත් කෙළවරක් තියෙන නමුත් හරස් අතට කෙළවරක් නෑ යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවර සහිතයි. ඒ වගේම කෙළවර රහිතයි. නමුත් යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවර සහිතයි, හාත්පසින් වටවෙලයි තියෙන්නේ’ කියලා. ඒක ඔවුන්ගේ බොරුවක්. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවරක් නෑ, හාත්පසින් වටවුණ සීමාවක් නෑ’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ....(පෙ).... යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි උඩත් යටත් කෙළවරක් තියෙන නමුත් හරස් අතට කෙළවරක් නෑ යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් ලෝකය කෙළවර සහිතයි, ඒ වගේම කෙළවරක් නැති දෙයක් කියලා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

55. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති? 

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය සතරවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී. සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ඒවමාහ. නේවායං ලෝකෝ අන්‌තවා න පනානන්‌තෝ. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති තේසම්‌පි මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ චාති තේසම්‌පි මුසා. නේවායං ලෝකෝ අන්‌තවා න පනානන්‌තෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවරක් සහිත වූවක් නොවෙයි. කෙළවරක් රහිත වූවකුත් නොවෙයි. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවර සහිතයි, හාත්පසින් වටවෙලයි තියෙන්නේ’ කියලා. ඒක ඔවුන්ගේ බොරුවක්. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවරක් නෑ, හාත්පසින් වටවුන සීමාවක් නෑ’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. ඒ වගේම යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා ඔවුන් කියන්නේ මේ විදිහටයි. ‘ලෝකය කෙළවර සහිතයි. ඒ වගේම කෙළවර රහිතයි’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. මේ ලෝකය කෙළවරකින් යුක්තත් නෑ. කෙළවර රහිතත් නෑ” කියලා.

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ හතරවෙනි කරුණ.

56. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා. 

පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය මේ කරුණු හතරින් තමයි උගන්වන්නේ. පින්වත් මහණෙනි, ඒ ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම්, මේ කරුණු හතරින් තමයි ඒ සියළු දෙනාම උගන්වන්නේ. එක්කෝ මේ කරුණුවලින් එකකිනුයි. මෙයින් බාහිර කරුණක් නම් නෑ.

57. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ. 

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිල ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවි” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවීයාමත් ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

58. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං. 

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකල ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දත යුත්තේ මේ දේවල් තමයි.

59. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි? 

පින්වත් මහණෙනි, ඇඟ බේරාගැනීමට පිළිතුරු දී (ආඳෙකු මෙන් ලිස්සා) ප්‍රශ්නයෙන් මගහැර යන අමරාවික්ෂේපවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට ක්‍රම හතරකින් වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා. අමරාවික්ෂේපවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට ක්‍රම හතරකින් වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

60. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහඤ්චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං තත්ථ මේ අස්ස ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා. යත්ථ මේ අස්ස ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා, තං මමස්‌ස මුසා. යං මමස්‌ස මුසා සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, එහිදී මගේ ඒ කියමන තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවනි. යම් කරුණකට මගේ කියමනට කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවන් නම් ඒක මගේ බොරුවක් වෙනවා. මගේ යම් කීමක් බොරු වෙනවා නම් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ මුසාවාදභයා මුසාවාදපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු බොරුකීමට බියෙන්, බොරුකීමට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

61. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන ආඳෙකු මෙන් ලිස්සා යන දෙවෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහං ‌චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං තත්‌ථ මේ අස්‌ස ඡන්‌දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා. යත්‌ථ මේ අස්‌ස ඡන්‌දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා තං මමස්‌ස උපාදානං. යං මමස්‌ස උපාදානං සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, එහිදී මට ඒ කියමන තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවනි. යම් කරුණකට මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවන් නම් ඒක මගේ උපාදානයක් (අනවශ්‍ය බැඳීමක්) වෙනවා. මගේ යම් කීමක් උපාදානයක් වෙනවා නම් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ උපාදානභයා උපාදානපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ; තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු උපාදානයට බියෙන්, උපාදානයට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං. 

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

62. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන, ආඳෙකු මෙන් ලිස්සා යන තුන්වෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහං චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං. සන්‌ති හි ඛෝ පන සමණබ්‍රාහ්‌මණා පණ්‌ඩිතා නිපුණා කතපරප්‌පවාදා වාලවේධිරූපා වෝභින්‌දන්‌තා මඤ්‌ඤේ චරන්‌ති පඤ්‌ඤාගතේන දිට්‌ඨිගතානි තේ මං තත්‌ථ සමනුයුඤ්‌ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං. යේ මං තත්‌ථ සමනුයුඤ්‌ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං තේසාහං න සම්‌පායෙය්‍යං. යේසාහං න සම්‌පායෙය්‍යං සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, මෙහෙම වේවි. පණ්ඩිත වූ, සියුම් නුවණ ඇති, අනුන් හා වාද කරලා ජයගත්තු, ඊතලයෙන් අශ්වලෝමයට විදින දක්ෂ දුනුවායන් වැනි වූ, තමන්ගේ දෘෂ්ටිවලින් නුවණ හසුරුවා අනුන් පරදවන්නන්ව හැසිරෙන යමෙක් ඇද්ද එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මං කුසල් අකුසල් ගැන කියන්නට ගියොත් ඔවුන් ඒ කරුණු අරභයා මගෙන් ප්‍රශ්න කරන්නට පුළුවනි. කරුණු ඉස්මතු කොට වාදයට එන්නට පුළුවනි. දොස් කියන්නට පුළුවනි. යම් කෙනෙක් මා පවසන කුසල් අකුසල් ගැන මගෙන් ප්‍රශ්න කරද්දී, කරුණු ඉස්මතුකොට වාද කරද්දී, දොස් කියද්දී ඔවුන්ගෙන් කරුණු විමසා මට ප්‍රශ්න කරන්නට බැරිවුනොත්, කරුණු ඉස්මතු කොට වාද කරන්නට බැරි වුණොත්, දොස් කියන්නට බැරි වුනොත් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ අනුයෝගභයා අනුයෝගපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ; තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු කරුණු ඉස්මතු කොට වාද කිරීමට බියෙන්, කරුණු ඉස්මතු කොට වාද කිරීමට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

63. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන ආඳෙකු මෙන් ලිස්සා යන සතරවෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා මන්‌දෝ හෝති මෝමුහෝ. සෝ මන්‌දත්‌තා මෝමුහත්‌තා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ‘අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති චේ මං පුච්‌ඡසි, අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති චේ මේ අස්‌ස, අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති තේ නං ව්‍යාකරෙය්‍යං. ඒවම්පි මේ නෝ. තථා’ති’පි මේ නෝ. අඤ්‌ඤථා’ති’පි මේ නෝ. නෝ’ති’පි මේ නෝ. නෝ නෝ’ති’පි මේ නෝ.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. නුවණ මදි. ඉතා මෝඩයි. ඔහු නුවණ මදි නිසා, බොහෝ සේ මෝඩ නිසා ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න විමසූ විට එක එක දේවල් කියා වචනවලින් මග අරිනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා. “පරලොවක් තියෙනවාද? කියලා මගෙන් විමසුවොත් එතකොට මට හිතෙනවා නම් පරලොවක් ඇත කියලා මං ඔබට එය විසඳන්නේ පරලොවක් තියෙනවා කියලයි. ඒ වුනාට මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ.

1  |  2  |  3  |  4  |  5