මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.9. සම්මාදිට්ඨි සුත්තං

1.1.9. සම්මා දිට්ඨිය යනු කුමක් දැ’යි විස්තර වශයෙන් වදාළ දෙසුම

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛූ ආමන්තේසි: ආවුසෝ භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ, අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ ය. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ කියල භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලා ද ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස’ කියල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ මොහොතේ දී තමයි මේ දේශනාව වදාළේ.

2. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවුසෝ වුච්චති; කිත්තාවතා නු ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති?

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල තේරුම් ගන්නේ කොහොම ද? ඔහුගේ දෘෂ්ටිය සෘජුව තියෙනවා කියල, සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් ඉන්නවා කියල, මේ සද්ධර්මය තුළට පැමිණුනා කියල තේරුම් ගන්නෙ කොහොම ද?”

3. දූරතෝපි ඛෝ මයං ආවුසෝ ආගච්ඡෙය්‍යාම ආයස්මතෝ සාරිපුත්තස්ස සන්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යේව සාරිපුත්තං පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ. ආයස්මතෝ සාරිපුත්තස්ස සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තේනහාවුසෝ සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමීති. ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, අපි ඔය කාරණයේ අර්ථය දැනගන්න, ඕනෑම දුරක ඉඳලා වුනත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට එන්න කැමතියි. ඇත්තෙන් ම ඔය ප්‍රකාශ කළ සදහම් කරුණේ අර්ථය ගැන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අපට කියා දෙන්න. එවිට මේ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් ඒ අර්ථය අහගෙන මතක තියාගනීවි.” “එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හොඳට අහගන්න. හොඳින් සිහි කරන්න. මං කියා දෙන්නම්.” “එසේ ය, ප්‍රිය අයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මේ විදිහට වදාළා. 

4. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති. කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති. එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් දවසක ආර්ය ශ්‍රාවකයා අකුසල් ගැන දන්නවා නම්, ඒ අකුසල්වල මුල් ගැනත් දන්නවා නම්, කුසල් ගැන දන්නවා නම්, කුසල්වල මුල් ගැනත් දන්නවා නම්, එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණුන කෙනෙක් වෙනවා.  

5. කතමං පනාවුසෝ අකුසලං? කතමං අකුසලමූලං? කතමං කුසලං? කතමං කුසලමූලංති? 

ප්‍රිය ආයුෂ්මතුනි, අකුසල් කියන්නෙ මොනවා ද? අකුසල මුල් කියන්නෙ මොනවා ද? කුසල් කියන්නෙ මොනවා ද? කුසල මුල් කියන්නෙ මොනවා ද?

6. පාණාතිපාතෝ ඛෝ ආවුසෝ අකුසලං, අදින්නාදානං අකුසලං, කාමේසුමිච්ඡාචාරෝ අකුසලං, මුසාවාදෝ අකුසලං, පිසුණාවාචා අකුසලං, ඵරුසාවාචා අකුසලං, සම්ඵප්පලාපෝ අකුසලං, අභිජ්ඣා අකුසලං, බ්‍යාපාදෝ අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං. ඉදං වුච්චතාවුසෝ අකුසලං. 

ප්‍රිය ආයුෂ්මතුනි, සතුන් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි විදිහට කාම සේවනයේ යෙදීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේළාම් කීම අකුසලයක්. නපුරු වචන කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. අනුන් සතු දේවල් ගැන ලෝභය ඉපදවීම අකුසලයක්. ද්වේෂය ඇති කරගැනීම අකුසලයක්. මිථ්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම අකුසලයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඕවාටයි අකුසල් කියන්නෙ.

7. කතමඤ්චාවුසෝ අකුසලමූලං? ලෝභෝ අකුසලමූලං, දෝසෝ අකුසලමූලං, මෝහෝ අකුසලමූලං. ඉදං වුච්චතාවුසෝ අකුසලමූලං.

ප්‍රිය ආයුෂ්මතුනි, අකුසල් මුල් කියන්නෙ මොනවාද? ලෝභය අකුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂය අකුසලයට මුල් වෙන දෙයක්. මෝහය අකුසලයට මුල් වෙන දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි අකුසල් මුල් කියල කියන්නෙ. 

8. කතමඤ්චාවුසෝ කුසලං? පාණාතිපාතා වේරමණී කුසලං, අදින්නාදානා වේරමණී කුසලං, කාමේසුමිච්ඡාචාරා වේරමණී කුසලං, මුසාවාදා වේරමණී කුසලං, පිසුණාවාචා වේරමණී කුසලං, ඵරුසාවාචා වේරමණී කුසලං, සම්ඵප්පලාපා වේරමණී කුසලං, අනභිජ්ඣා කුසලං, අබ්‍යාපාදෝ කුසලං, සම්මාදිට්ඨි කුසලං. ඉදං වුච්චතාවුසෝ කුසලං. 

ප්‍රිය ආයුෂ්මතුනි, කුසල් කියන්නෙ මොනවා ද? සතුන් මැරීමෙන් වැළකීම කුසලයක්. සොරකම් කිරීමෙන් වැළකීම කුසලයක්. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලයක්. බොරු කීමෙන් වැළකී සිටීම කුසලයක්. කේළාම් කීමෙන් වැළකී සිටීම කුසලයක්. නපුරු වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. හිස් වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. අනුන් සතු දේවල් වලට ලෝභ නොකර සිටීම කුසලයක්. ද්වේෂ සිත් නැතුව සිටීම කුසලයක්. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම කුසලයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවට තමයි ‘කුසල්’ කියන්නෙ.

9. කතමඤ්චාවුසෝ කුසලමූලං? අලෝභෝ කුසලමූලං, අදෝසෝ කුසලමූලං, අමෝහෝ කුසලමූලං. ඉදං වුච්චතාවුසෝ කුසලමූලං.

ප්‍රිය ආයුෂ්මතුනි, කුසල් මුල් කියන්නෙ මොනවා ද? ලෝභ නැතිකම කුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂ සිත් නැති බව කුසලයට මුල් වෙන දෙයක්. මෝහය නැති බව කුසලයට මුල් වෙන දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි ‘කුසල් මුල්’ කියල කියන්නෙ.

10. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ඒවං අකුසලං පජානාති, ඒවං අකුසලමූලං පජානාති, ඒවං කුසලං පජානාති, ඒවං කුසලමූලං පජානාති, සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ හෝති. එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට අකුසල් ගැන දැනගත්තොත්, ඔය විදිහට අකුසල් මුල් ගැනත් දැනගත්තොත්, ඔය විදිහට කුසල් ගැන දැනගත්තොත්, ඔය විදියට කුසල් මුල් ගැනත් දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම නැති කරල දාලා, ‘මම වෙමි’යි යන වැරදි දැකීමෙන් යුතුව සිතේ සැඟවුණු මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දාලා අවිද්‍යාව නැති කරලා, විද්‍යාව පහළ කරගෙන, මේ ජීවිතයේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”

(1. කම්මපථවාරෝ)

(1. කුසල් අකුසල් ගැන වදාළ කොටසයි නිමා වුනේ) 

 

11. සාධාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසෝ අඤ්ඤෝපි පරියායෝ යථා අරියසාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති?

එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, ඔහුගේ ආකල්පය ඍජුයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?” 

12. සියා ආවුසෝ. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ආහාරඤ්ච පජානාති, ආහාරසමුදයඤ්ච පජානාති, ආහාරනිරෝධඤ්ච පජානාති, ආහාරනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති. එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨී හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ආහාර ගැන දන්නවා නම්, ආහාර හටගැනීම ගැන දන්නවා නම්, ආහාර නිරුද්ධ වීම ගැන දන්නවා නම්, ආහාර නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා. 

13. කතමෝ පනාවුසෝ ආහාරෝ? කතමෝ ආහාරසමුදයෝ? කතමෝ ආහාරනිරෝධෝ? කතමෝ ආහාරනිරෝධගාමිනී පටිපදාති? 

ප්‍රිය ආයුෂ්මතුනි, ආහාර කියන්නෙ මොනවා ද? ආහාර හටගැනීම කියල කියන්නෙ මොකක් ද? ආහාර නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ආහාර නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?

14.චත්තාරෝ මේ ආවුසෝ ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවේසීනං වා අනුග්ගහාය. කතමේ චත්තාරෝ? කබලිංකාරෝ ආහාරෝ ඕළාරිකෝ වා සුඛුමෝ වා, ඵස්සෝ දුතියෝ, මනෝසඤ්චේතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. තණ්හාසමුදයා ආහාරසමුදයෝ, තණ්හානිරෝධා ආහාරනිරෝධෝ, අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආහාරනිරෝධගාමිනී පටිපදා. සෙය්‍යථීදං:: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

ප්‍රිය ආයුෂ්මතුනි, ආහාර වර්ග හතරක් තියෙනවා. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතකට සකස් වෙන සත්වයින්ට උදව් වීම පිණිසත්, තමයි ඒ ආහාර හතර තියෙන්නෙ. මොනව ද ඒ ආහාර හතර? එනම්; ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනස මුල් කරගත් චේතනාවකින් (මනෝ සංචේතනා) යුතු ආහාර, විඤ්ඤාණ ආහාරය. තණ්හාව ඇතිවීමෙනුයි ආහාර හටගන්නෙ. තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි, ආහාර නිරුද්ධ වෙන්නෙ. ආහාර නිරුද්ධ වෙන්නට හේතු වෙන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටයි. 

15. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ඒවං ආහාරං පජානාති, ඒවං ආහාරසමුදයං පජානාති, ඒවං ආහාරනිරෝධං පජානාති, ඒවං ආහාරනිරෝධගාමිනිං පටිපදං පජානාති, සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ හෝති. එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ආහාර ගැන දැනගත්තොත්, ආහාර හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ආහාර නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ආහාර නිරුද්ධ වෙන්නට හේතු වන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම නැති කරල දාලා, ‘මම වෙමි’ යි යන වැරදි දැකීමෙන් යුතුව සිතේ සැඟවුණු මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දාලා, අවිද්‍යාව (ආර්ය සත්‍යය ගැන ඇති අනවබෝධය) නැති කරල දාලා, විද්‍යාව (ආර්ය සත්‍ය අවබෝධය) උපදවාගෙන, මේ ජීවිතේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.” 

(2. ආහාරවාරෝ)

(2. ආහාර සතර ගැන වදාළ කොටසයි නිමා වුනේ)

 

1. සාධාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: “සියා පනාවුසෝ අඤ්ඤෝපි පරියායෝ යථා අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. ...(පෙ)... ආගතෝ ඉමං සද්ධම්මන්ති?”

එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණා ගැන ඉතා සතුටින් “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, ...(පෙ)... මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?” 

2. සියා ආවුසෝ. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ දුක්ඛඤ්ච පජානාති, දුක්ඛසමුදයඤ්ච පජානාති, දුක්ඛනිරෝධඤ්ච පජානාති, දුක්ඛනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. 

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා දුක ගැනත් දන්නවා නම්, දුකේ හටගැනීම ගැනත් දන්නවා නම්, දුක් නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, දුක් නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.

3. කතමං පනාවුසෝ දුක්ඛං? කතමෝ දුක්ඛසමුදයෝ? කතමෝ දුක්ඛනිරෝධෝ? කතමා දුක්ඛනිරෝධගාමිනී පටිපදාති? 

ප්‍රිය ආයුෂ්මතුනි, දුක කියන්නේ මොකක් ද? දුකේ හටගැනීම කියලා කියන්නෙ මොකක් ද? දුකේ නිරුද්ධ වීම කියලා කියන්නෙ මොකක් ද? දුක නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියලා කියන්නෙ මොකක් ද?

ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චතාවුසෝ දුක්ඛං. 

ඉපදීමත් දුකක්, වයස්ගතවීමත් දුකක්, රෝග පීඩා ඇතිවීමත් දුකක්. මැරී යාමත් දුකක්, ශෝක වැළපීම් වගේ ම කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදියත් දුකක්. දුක් පීඩා ආදිය නොලබා සිටින්න කැමති වුනත්, ඒ කැමැත්ත ඉටු නොවීම ද දුකක්. සියලු දුක් ගැන හකුලා කිව්වොත්, උපාදානස්කන්ධ පහ ම දුකක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕකටයි දුක කියල කියන්නෙ. 

කතමෝ චාවුසෝ දුක්ඛසමුදයෝ? යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී. සෙය්‍යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. අයං වුච්චතාවුසෝ, දුක්ඛසමුදයෝ. 

ප්‍රිය ආයුෂ්මතුනි, දුකේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? යළිත් භවයක් සකසා දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු, උපනූපන් තැන සතුටින් පිළිගන්නා විදිහේ යම් තණ්හාවක් ඇද්ද, එයයි. ඒ කිව්වේ (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස) යන කාම අරමුණු පිළිබඳව ඇති කාම තණ්හාවත්, (පැවැත්ම ගැන තියෙන ආශාව නම් වූ) භව තණ්හාවත්, (නොපැවැත්ම ගැන තියෙන ආශාව නම් වූ) විභව තණ්හාවත් ය. ඔන්න ඕක තමයි ප්‍රිය ආයුෂ්මතුනි, දුකේ හටගැනීම කියලා කියන්නෙ. 

කතමෝ චාවුසෝ දුක්ඛනිරෝධෝ? යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. අයං වුච්චතාවුසෝ දුක්ඛනිරෝධෝ. 

ප්‍රිය ආයුෂ්මතුනි, දුක නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ඔය තුන් ආකාර වූ තණ්හාව ම චුට්ටක්වත් ඉතුරු නැතිව ම, නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරින් ම දුරු කිරීමක් ඇද්ද, එයින් නිදහස් වීමක් ඇද්ද, ආලය රහිත වීමක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕකටයි දුක නිරුද්ධ වීම කියල කියන්නෙ.

කතමා චාවුසෝ දුක්ඛනිරෝධගාමිනී පටිපදා? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යථීදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටයි.

4. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ඒවං දුක්ඛං පජානාති, ඒවං දුක්ඛසමුදයං පජානාති, ඒවං දුක්ඛනිරෝධං පජානාති, ඒවං දුක්ඛනිරෝධගාමිනිං පටිපදං පජානාති, සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ හෝති. එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කවදා හරි ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දුක ගැන දැනගත්තොත්, ඔය විදිහට දුකේ හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදියට දුකේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම දුරු කරලා, ‘මම වෙමි’ යි කියන වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිතේ සැඟවෙලා තිබිච්ච මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දමලා, අවිද්‍යාව නැත්තට ම නැතිකරල දමලා, විද්‍යාව උපදවාගෙන, මේ ජීවිතේ දී ම ඔක්කෝම දුක් ටික නැති කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නො සෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”

(3. සච්චවාරෝ)

(3. ආර්ය සත්‍ය ගැන වදාළ කොටසයි නිමා වුනේ)

 

1. සාධාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: “සියා පනාවුසෝ අඤ්ඤෝපි පරියායෝ යථා අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති ...(පෙ)... ආගතෝ ඉමං සද්ධම්මන්ති?”

එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය  ගැන ඉතා ම සතුටු වෙලා,  සාදු නාද දෙමින් සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, ...(පෙ)... මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?” 

2. සියා ආවුසෝ. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරෝධඤ්ච පජානාති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. 

“ඔව් ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, කවදා හරි දවසක මේ ආර්ය ශ්‍රාවකයා ජරා මරණ ගැන දන්නවා නම්, ජරා මරණ හටගැනීම ගැනත් දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් හොඳට දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණිච්ච කෙනෙක් වෙනවා. 

3. කතමං පනාවුසෝ ජරාමරණං? කතමෝ ජරාමරණසමුදයෝ? කතමෝ ජරාමරණනිරෝධෝ? කතමා ජරාමරණනිරෝධගාමිනී පටිපදාති? 

ප්‍රිය ආයුෂ්මතුනි, ජරා මරණ කියන්නේ මොනවා ද? ජරා මරණයන්ගේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? මොකක් ද මේ ජරා මරණයන්ගේ නිරුද්ධ වීම කියල කියන්නෙ? මේ ජරා මරණ නිරුද්ධ වෙන්න හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?

යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා, ජීරණතා, ඛණ්ඩිච්චං, පාලිච්චං, වලිත්තචතා, ආයුනෝ සංහානි, ඉන්ද්‍රියානං පරිපාකෝ, අයං වුච්චතාවුසෝ ජරා. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන් තුළ, යම් දිරා යාමක් තියෙනවා ද, ජරාවට පත්වෙන බවක් තියෙනවා ද, කැඩී බිඳී යාමක් තියෙනවා ද, කෙස් රැවුල් පැසීමක් තියෙනවා ද, ඇඟ රැළි වැටීමක් තියෙනවා ද, ආයුෂ ගෙවීයාමක් තියෙනවා ද, ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් තියෙනවා ද, ඔන්න ඕක තමයි ජරාව කියල කියන්නෙ.

කතමඤ්චාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චුමරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, කලේබරස්ස නික්ඛේපෝ, ඉදං වුච්චතාවුසෝ මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං - ඉදං වුච්චතාවුසෝ ජරාමරණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මරණය කියල කියන්නෙ මොකක් ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් කිසි චුත වීමක්, චුත වී යන බවක්, බිඳී යාමක් වේ ද, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කළුරිය කිරීමක් වේ ද, ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේ ද, මෘත ශරීරයේ අත්හැරීමක් වේ ද, ප්‍රිය ආයුෂ්මතුනි, මරණය කියල කියන්නෙ ඕකටයි. ඔය විදිහට මේ ජරාවත්, මේ මරණයත් යන මේකටයි ජරා මරණ කියල කියන්නෙ. 

ජාතිසමුදයා ජරාමරණසමුදයෝ. ජාතිනිරෝධා ජරාමරණනිරෝධෝ. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරාමරණනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යථීදං: සම්මාදිට්ඨි ...(පෙ)... සම්මාසමාධි.

උපත හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නෙ. ඉපදීම නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නෙ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම තමයි මේ ජරා මරණ නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, ...(පෙ)... සම්මා සමාධි කියන මේ අංග අටයි.

4. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ඒවං ජරාමරණං පජානාති, ඒවං ජරාමරණසමුදයං පජානාති, ඒවං ජරාමරණනිරෝධං පජානාති, ඒවං ජරාමරණනිරෝධගාමිනිං පටිපදං පජානාති, සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා ...(පෙ)... එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ජරා මරණ ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා-මරණ හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා මරණ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු ද්වේෂය සම්පූර්ණයෙන් ම දුරු කරලා, ...(පෙ)... ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට පැමිණි කෙනෙක් වෙනවා.”

(4. ජරාමරණවාරෝ)

(4. ජරා මරණ ගැන වදාළ කොටසයි නිමා වුනේ)

 

1. සාධාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: “සියා පනාවුසෝ අඤ්ඤෝපි පරියායෝ ...(පෙ)... ආගතෝ ඉමං සද්ධම්මන්ති?”

එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ...(පෙ)... මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් ය කියලා කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”

2. සියා ආවුසෝ. යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරෝධඤ්ච පජානාති, ජාතිනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති.

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඉපදීම ගැනත් දන්නවා නම්, උපත හටගැනීම ගැනත් දන්නවා නම්, ඉපදීම නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, උපත නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා. 

3. කතමා පනාවුසෝ ජාති? කතමෝ ජාතිසමුදයෝ? කතමෝ ජාතිනිරෝධෝ? කතමා ජාතිනිරෝධගාමිනී පටිපදාති? 

ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීම කියල කියන්නෙ මොකක් ද? ඉපදීම හටගන්නවා කියල කියන්නෙ මොකක් ද? ඉපදීම නිරුද්ධ වෙනවා කියල කියන්නෙ මොකක් ද? ඉපදීම නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?

යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ - අයං වුච්චතාවුසෝ ජාති. 

ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, පරිපූර්ණව ඉපදීමක්, උපතක් පිණිස පිළිසිඳගැනීමක්, උපතක් පිණිස පහළ වීමක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ඇස්, කන් ආදී ආයතනයන්ගේ ලැබීමක් තිබේ නම්, ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීම කියල කියන්නෙ ඔන්න ඕකටයි. 

භවසමුදයා ජාතිසමුදයෝ. භවනිරෝධා ජාතිනිරෝධෝ. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජාතිනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යථීදං: සම්මාදිට්ඨි ...(පෙ)... සම්මාසමාධි.

විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නම් වූ භවය හටගැනීමෙන් තමයි උපතක් හටගන්නෙ. භවය නිරුද්ධ වීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නෙ. ඉපදීම නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, ...(පෙ)... සම්මා සමාධි කියන මේ අංග අටයි.

1  |  2  |  3