මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.10. සතිපට්ඨාන සුත්තං

1.1.10. සම්මා සතිය පිහිටුවා ගැනීම ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුරු ජනපදයේ, ‘කම්මාස්සදම්ම’ කියන කුරු ජනපදයට අයත් පුංචි නගරෙක. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි,” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

2. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය - යදිදං චත්තාරෝ සතිපට්ඨානා. කතමේ චත්තාරෝ? 

පින්වත් මහණෙනි, සත්වයන්ගේ ජීවිත පිරිසිදු වීම පිණිස, ශෝක වැළපීම් වලින් තොරව ජීවත් වීම පිණිස, කායික මානසික දුක් දොම්නස් වලින් තොරව ජීවත්වීම පිණිස, සැබෑ ම ජීවිතාවබෝධය ඇති කරගැනීම පිණිස, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස එක ම එක මාර්ගයයි තියෙන්නෙ. අන්න ඒකට තමයි සතර සතිපට්ඨානය කියල කියන්නෙ. මොකක් ද ඒ සතර සතිපට්ඨානය?

ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං.

(උද්දේසවාරෝ)

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, තමන්ගේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදිහට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, විඳීම් ගැන දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදිහට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, සිත ගැන දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදියට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, ධර්මයන් ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.

[1. කායානුපස්සනා සතිපට්ඨානං]

කථඤ්ච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති? 

පින්වත් මහණෙනි, ඒ භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

1. ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

(1).පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්කො අරණ්‍යකට යනවා. එහෙම නැත්නම් ගහක් යටට යනවා. එහෙමත් නැත්නම් පාළු තැනකට යනවා. එතන දී ඒ භික්ෂුව කය ඍජු කරගෙන, පළඟක් බැඳ ගෙන වාඩිවෙලා තමන් භාවනා කරන අරමුණ ගැන හොඳට සිහිය පිහිටුවා ගන්නවා. ඊට පස්සෙ ඒ භික්ෂුව හොඳ සිහියෙන් ම යි හුස්ම ගන්නෙ. හොඳ සිහියෙන් ම යි හුස්ම හෙළන්නෙ. ඉතින් ඒ භික්ෂුව දීර්ඝව හුස්ම ගන්නවා නම් දැන් තමන් දීර්ඝව හුස්ම ගන්න බව හොඳින් දැනගන්නවා. ඒ වගේ ම දීර්ඝව හුස්ම හෙළනවා නම් දැන් තමන් දීර්ඝව හුස්ම හෙළන බව හොඳින් දැනගන්නවා. හුස්ම ගන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්නවා. හුස්ම හෙළන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් හුස්ම හෙළන බව දැනගන්නවා. ඊට පස්සෙ ඒ භික්ෂුව ‘මුළු කය ම හොඳින් තේරෙන විදිහට හුස්ම ගන්න ඕන’ කියල හික්මෙනවා. ‘මුළු කය ම හොඳින් තේරෙන විදිහට හුස්ම හෙළන්න ඕන’ කියල හික්මෙනවා. ‘ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම ගන්න ඕන’ කියල හික්මෙනවා. ‘ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම හෙළන්න ඕන’ කියල හික්මෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේවාසී වා දීඝං වා අඤ්ඡන්තෝ දීඝං අඤ්ඡාමීති පජානාති, රස්සං වා අඤ්ඡන්තෝ රස්සං අඤ්ඡාමීති පජානාති, ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. ...(පෙ)... පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(1. ආනාපානපබ්බං)

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. යතුගෑමෙහි දක්ෂ වඩුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ වඩු උන්නැහේගේ ගෝලයෙක් ඉන්නවා. ඉතින් ඔහු දීර්ඝව යතු ගාද්දි දැන් තමන් දීර්ඝව යතු ගාන බව හොඳින් දැනගන්නවා. යතු ගාන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් යතු ගාන බවත් හොඳින් දැනගන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි, භික්ෂුවත් දීර්ඝව හුස්ම ගන්න කොට තමන් දැන් දීර්ඝව හුස්ම ගන්න බව හොඳින් දැනගන්නවා. ....(පෙ).... ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම හෙළන්න ඕන කියල හික්මෙනවා.

ඒ භික්ෂුව තමන් ගේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ ඔන්න ඔය විදිහටයි. අනුන් ගේ කය ගැනත් (තමන්ගේ කය වගේ ම බව දකිමින්) කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන් ගේ කය ගැනත් අනුන්ගේ කය ගැනත් දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ (ආශ්වාස ප්‍රශ්වාස) කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ විදිහට මේ කය හටගන්නා හැටිත්, නැති වී යන හැටිත් දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන විදිහේ (ආශ්වාස ප්‍රශ්වාස) කයක් විතරයි කියල ඒ භික්ෂුව ගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (ආශ්වාස ප්‍රශ්වාස) කයට ඇලෙන්නෙ නැතිව ඉන්නට පුළුවනි. මේ ජීවිතය නැමැති ලෝකෙ කිසි ම දේකට බැඳෙන්නෙ නැතිව ඉන්නට පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් ඒ භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

2. පුන ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඨිතෝ වා ඨිතොම්හීති පජානාති. නිසින්නෝ වා නිසින්නොම්හීති පජානාති. සයානෝ වා සයානොම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(2. ඉරියාපථපබ්බං)

පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහිලා භික්ෂුව ඇවිදගෙන යන කොට, තමන් දැන් ඇවිදින බව හොඳින් දැනගන්නවා. හිටගෙන ඉන්න කොට, තමන් දැන් හිටගෙන ඉන්න බව හොඳින් දැනගන්නවා. වාඩිවෙලා ඉන්න කොට, තමන් දැන් වාඩිවෙලා ඉන්න බව හොඳින් දැනගන්නවා. හාන්සි වෙලා ඉන්න කොට, තමන් දැන් හාන්සි වෙලා ඉන්න බව හොඳින් දැනගන්නවා. තමන්ගේ කය කොයි විදිහට තිබුනත් ඒ හැම විදිහක් ගැන ම ඒ විදිහට ම දැනගන්නවා. 

ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය පිළිබඳව හෝ කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ කය පිළිබඳව හෝ කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. තමන්ගේ හා අනුන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ (ඉරියව් පවත්වන) කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. මේ කයෙහි (ඉරියව්) නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ කයෙහි (ඉරියව්) හටගන්නා හැටිත්, නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන (ඉරියව් වලින් යුතු) කයක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (ඉරියව් පවත්වන) කයට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසි ම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් ඒ භික්ෂුව මේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

3. පුන ච පරං භික්ඛවේ, භික්ඛු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(3. සම්පජඤ්ඤපබ්බං)

(3). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව ඉස්සරහට ඇවිද ගෙන යද්දි, ආපසු හැරී එද්දි (තම සිත තුළ කෙලෙස් හටගන්නට ඉඩ නොදී) හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. ඉස්සරහ බලන කොට, වටපිට බලන කොට, හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. තමන්ගෙ අත්පා දිග හරින කොට, හකුළුවන කොට, හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. දෙපට සිවුර, පාත්තරේ, අනිත් සිවුරු දරන කොට හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. යමක් වළඳන කොට, පානය කරන කොට, හොඳින් හපන කොට, රස විඳින කොට, හොඳ කල්පනාවෙන් ම යි ඉන්නෙ. කොටින් ම වැසිකිළි කැසිකිළි යන විට පවා හොඳ කල්පනාවෙන් ම යි ඉන්නෙ. ඇවිද ගෙන යන කොට, හිටගෙන ඉන්න කොට, ඉඳගෙන ඉන්නකොට, සැතැපී ඉන්න කොට, නිදිවරන කොට, කතා බස් කරන කොට, නිහඬ ව ඉන්න කොට පවා හොඳ කල්පනා වෙන් ම යි ඉන්නෙ.

ඔන්න ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ....(පෙ).... පින්වත් මහණෙනි, ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. 

4. පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති.

(4). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහිලා භික්ෂුව යටි පතුලෙන් උඩටත්, හිස කෙස් වලින් පහළටත්, සමකින් වටවෙලා තියෙන, නා නා ප්‍රකාර ජරාවල් වලින් පිරිල තියෙන මේ කය ගැන නුවණින් විමසල බලනවා. ‘මේ ශරීරයේ තියෙන්නෙ කෙස්, ලොම්, නිය පොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටලොඳ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහැලි, මහා බඩවැල්, කුඩා බඩවැල් බොක්ක, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මුත්‍රා තියෙනවා’ කියලා.

සෙය්‍යථාපි භික්ඛවේ උභතෝමුඛා මූතෝළී පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස - සෙය්‍යථීදං: සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමේනං චක්ඛුමා පුරිසෝ මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය: ඉමේ සාලී ඉමේ වීහී ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති. ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(4. පටික්කූලමනසිකාරපබ්බං)

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්, මල්ලක් තියෙනවා. ඒ මල්ලෙ දෙපැත්තෙන් ම කට තියෙනවා. ඔය මල්ල පිරිල තියෙන්නෙ නා නා ප්‍රකාර ධාන්‍ය වලින්. එනම් හැල් වී, වී, මුං ඇට, මෑ ඇට, තල ඇට, හාල් වගේ දේවල් වලින්. ඉතින් ඔතනට හොඳට ඇස් පේන මිනිහෙක් එනවා. ඇවිදින් ඒ මල්ල ලිහනවා. ඒ මල්ලෙ ඇතුළෙ තියෙන දේවල් හොඳට බලනවා. ‘මේ තියෙන්නෙ හැල් වී, මේ තියෙන්නෙ වී, මේ තියෙන්නෙ මුං ඇට, මේ තියෙන්නෙ මෑ අට, මේවා තල ඇට, මේවා හාල් ඇට’ කියලා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. භික්ෂුව මේ කය දිහාත් ඔය විදිහට බලනවා. යටි පතුලෙන් උඩටත් හිස කෙස් වලින් පහළටත්, හමකින් වටවෙලා තියෙන නා නා ප්‍රකාර ජරාවලින් පිරිල තියෙන මේ කය ගැන නුවණින් විමසල බලනවා. 

‘මේ ශරීරයේ තියෙන්නෙ කෙස්, ලොම්, නිය පොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටලොඳ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහැලි, අතුණු, අතුණු බහන්, බොක්ක, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිඳුළු, මුත්‍රා’ කියලා. ඒ භික්ෂුව ඒ විදිහට තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ....(පෙ).... පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

5. පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූති. සෙය්‍යථාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(5. ධාතුමනසිකාරපබ්බං)

(5). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව මේ කය තියෙන විදිහට ම, පිහිටල තියෙන විදිහට ම ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමසා බලනවා. ඒක කරන්නෙ මෙහෙම යි. ‘මේ ශරීරයේ තියෙන්නෙ, පස්වෙලා යන ස්වභාවයට අයිති දේවල් (පඨවි ධාතු), දියවෙලා යන ස්වභාවයට අයිති දේවල් (ආපෝ ධාතු), රස්නෙ ගතියට අයිති දේවල් (තේජෝ ධාතු), හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් (වායෝ ධාතු)’ කියල.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. හරක් මරන්න දක්ෂ මිනිහෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ මිනිහගෙ ගෝලයෙක් ඉන්නවා. ඉතින් ඔහු එළදෙනක්ව මරනවා. ඒ හරක් මස වෙන් වෙන්ව කොටස් කරනවා. හතර මංහන්දියක ඒවා තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. භික්ෂුව ත් මේ කය තියෙන විදිහට ම, පිහිටල තියෙන විදියට ම, ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමස විමසා බලනවා. ‘මේ ශරීරයේ තියෙන්නෙ පස්වෙලා යන ස්වභාවයට අයිති දේවල් (පඨවි ධාතු). දියවෙලා යන ස්වභාවයට අයිති දේවල් (ආපෝ ධාතු). රස්නෙ ගතියට අයිති දේවල් (තේජෝ ධාතු). හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් (වායෝ ධාතු)’ කියල.

ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ....(පෙ).... පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

[නවසිවථිකාපබ්බං]

6. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - ඒකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (1)

(6). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ මිනිය එක දවසක් හරි, දවස් දෙකක් හරි, දවස් තුනක් හරි, කල් ගත වෙච්ච එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිලා තියෙන්නෙ. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපලා බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල.

ඔය විදියට ඒ භික්ෂුව තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ කය ගැන හෝ (ඒ මළකුණට වෙච්ච දේ ම වෙන බව දකිමින්) කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ හා අනුන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය හටගන්නා හැටිත්, නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී, නැති වී (කුණු වෙලා) යන විදිහේ කයක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (කුණු වෙලා යන) ඒ කයට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසි ම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

7. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - කාකේහි වා ඛජ්ජමානං කුලලේහි වා ඛජ්ජමානං ගිජ්‌ඣේහි වා ඛජ්ජමානං සුපාණේහි වා ඛජ්ජමානං සිගාලේහි වා ඛජ්ජමානං විවිධේහි වා පාණකජාතේහි ඛජ්ජමානං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (2)

(7). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ කුණ කාක්කො කකා ඉන්නවා, උකුස්සො කකා ඉන්නවා, ගිජුලිහිණියොත් කකා ඉන්නවා, හිවල්ලුත් කකා ඉන්නවා, බල්ලොත් කකා ඉන්නවා, එක එක ජාතියෙ සත්තු ඒ මළකුණ කකා ඉන්නවා. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ’ කියල. ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ....(පෙ).... පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

8. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකසංඛලිකං සමංසලෝහිතං නහාරුසම්බන්ධං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (3)

(8). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඒ මළ සිරුරේ ඇට සැකිල්ල පෑදිලා තියෙන්නෙ. ලේ මස් තැවරිලා නහර වැල් වලින් බැඳිලා තියෙන්නෙ. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ....(පෙ).... පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

9. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකසංඛලිකං නිම්මංසලෝහිතමක්ඛිත්තං නහාරුසම්බන්ධං, සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති ...(පෙ)... ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (4)

(9). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ සිරුරේ මස් මොකවත් නෑ. ලේ විතරක් තැවරිලා තියෙනවා. නහර වැල් වලින් විතරක් බැඳිලා ඇට සැකිල්ලක් වෙලා තියෙනවා. එතකොට භික්ෂුව තමන් ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ....(පෙ).... පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

1  |  2  |  3