මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.5. අනංගණ සුත්තං

1.1.5. අංගණ (උපක්ලේශ) නැතිවීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛූ ආමන්තේසි. ආවුසෝ, භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වදාළේ.

චත්තාරෝ මේ, ආවුසෝ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ? ඉධාවුසෝ, ඒකච්චෝ පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසෝ, ඒකච්චෝ පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති. ඉධාවුසෝ, ඒකච්චෝ පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසෝ, ඒකච්චෝ පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති. තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, අයං ඉමේසං ද්වින්නං පුග්ගලානං සාංගණානංයේව සතං හීනපුරිසෝ අක්ඛායති. තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, අයං ඉමේසං ද්වින්නං පුග්ගලානං සාංගණානංයේව සතං සෙට්ඨපුරිසෝ අක්ඛායති. තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, අයං ඉමේසං ද්වින්නං පුග්ගලානං අනංගණානංයේව සතං හීනපුරිසෝ අක්ඛායති. තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, අයං ඉමේසං ද්වින්නං පුග්ගලානං අනංගණානංයේව සතං සෙට්ඨපුරිසෝ අක්ඛායතීති. 

“ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් දකින්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා?

01. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් තමන් තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නේ නැහැ. 

02. තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. ඒ වගේ ම, ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නවා. 

03. තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ නෑ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ නැතිබව අවබෝධයෙන්÷ ම දන්නේ නෑ. 

04. මේ ලෝකෙ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළත් උපක්ලේශ නෑ. ඒ වගේ ම තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුළ තිබෙද්දී, තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නේ නැත්නම්, උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි. 

ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තියෙන කොට ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම්, තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා, මේ උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙන්නා ගෙන් වඩාත් උසස් පුද්ගලයන්ගේ ගණයට වැටෙන්නේ මේ පුද්ගලයායි. 

ප්‍රිය ආයුෂ්මත්වරුනි, උපක්ලේශ තමන් තුළ නැතිව තියෙද්දී, උපක්ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන් ම දන්නෙ නැති පුද්ගලයෙක් ඉන්නවානෙ. උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්න අතරින්, අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල උදවියගේ ගණයටයි. 

ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්ලේශ නැති විට ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම් තමන් තුළ උපක්ලේශ නැතෙයි කියල, අන්න ඒ පුද්ගලයා අයිති වන්නේ වඩාත් උසස් පුද්ගලයන්ගේ ගණයටයි.

ඒවං වුත්තේ, ආයස්මා මහාමොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච. කෝ නු ඛෝ, ආවුසෝ සාරිපුත්ත, හේතු කෝ පච්චයෝ යේනිමේසං ද්වින්නං පුග්ගලානං සාංගණානංයේව සතං ඒකෝ හීනපුරිසෝ අක්ඛායති, ඒකෝ සෙට්ඨපුරිසෝ අක්ඛායති? කෝ පනාවුසෝ සාරිපුත්ත, හේතු කෝ පච්චයෝ යේනිමේසං ද්වින්නං පුග්ගලානං අනංගණානංයේව සතං ඒකෝ හීනපුරිසෝ අක්ඛායති, ඒකෝ සෙට්ඨපුරිසෝ අක්ඛායතීති? 

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. 

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නා ගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල කෙනෙක් කියලත්, අනික් කෙනා වඩාත් උසස් ය කියලත් පවසන්නට හේතුව මොකක් ද? කාරණේ මොකක් ද?”

ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල ය කියන්නටත්, අනෙක් කෙනා වඩාත් උසස් ය කියන්නටත් හේතුව මොකක් ද? කාරණය මොකක් ද?”

තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, තස්සේතං පාටිකංඛං. න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති තස්සංගණස්ස පහානාය; සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජේන ච මලේන ච පරියෝනද්ධා. තමේනං සාමිකා න චේව පරිභුඤ්ජෙය්‍යුං න ච පරියෝදපෙය්‍යුං රජාපථේ ච නං නික්ඛිපෙය්‍යුං. ඒවං හි සා, ආවුසෝ, කංසපාති අපරේන සමයේන සංකිලිට්ඨතරා අස්ස මලග්ගහිතාති? ඒවමාවුසෝති. ඒවමේව ඛෝ, ආවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, තස්සේතං පාටිකංඛං. න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න විරියං ආරභිස්සති තස්සංගණස්ස පහානාය; සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. 

“ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්ලේශ තිබෙද්දී, තමන් තුළ උපක්ලේශ තියෙනවා කියල අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන මා දැන් කිව්වා නෙව. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ‘ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ඕන’ කියල එයා තුළ ඕනකමක් ඇති වෙන්නෙ නෑ. උත්සාහයක් ඇති කරගන්නෙ නෑ. වීරිය ඇති කරගන්නෙ නෑ. අන්තිමේ දී, ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධ වන්නෙ රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. උපක්ලේශත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. හැබැයි ඒ තඹ භාජනේ දූවිලි බැඳිච්ච, මළකඩ හැදිච්ච එකක්. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නෙ නැත්නම්, පිරිසිදු කරන්නෙත් නැත්නම්, දූවිලි තියෙන තැනක විසි කරලා තියෙනවා නම්, එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනේ කලක් යනකොට තවත් කිළිටි වෙලා, තවත් මළකඩ බැඳෙනවා නේද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත.”

“අන්න ඒ විදිහ ම යි ප්‍රිය ආයුෂ්මතුනි, උපක්ලේශ තියෙන පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නෙ නැත්නම්, ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ඒ පුද්ගලයාට තමන්ගේ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕනකමක් ඇතිවෙන්නෙ නෑ. උත්සාහයක් ඇතිවෙන්නෙ නෑ. වීරියක් පටන් ගන්නෙ නෑ. අන්තිමේ දී, උන්නැහේට මැරෙන්න සිද්ධ වෙන්නෙ, රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. උපක්ලේශත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි.

තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, තස්සේතං පාටිකංඛං. ඡන්දං ජනෙස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගණස්ස පහානාය; සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජේන ච මලේන ච පරියෝනද්ධා. තමේනං සාමිකා පරිභුඤ්ජෙය්‍යුඤ්චේව පරියෝදපෙය්‍යුඤ්ච, න ච නං රජාපථේ නික්ඛිපෙය්‍යුං. ඒවං හි සා, ආවුසෝ, කංසපාති අපරේන සමයේන පරිසුද්ධතරා අස්ස පරියෝදාතාති? ඒවමාවුසෝති. ඒවමේව ඛෝ, ආවුසෝ, ය්වායං පුග්ගලෝ සාංගණෝව සමානෝ අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, තස්සේතං පාටිකංඛං. ඡන්දං ජනෙස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගණස්ස පහානාය; සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. 

නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මං කිව්වනෙ අනිත් පුද්ගලයා ගැන. තමා තුළ උපක්ලේශ තියෙන කොට, තමා තුළ උපක්ලේශ තියෙන බව දන්න පුද්ගලයෙක් ඉන්නවා කියල. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. ඒ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕන කමක් ඇතිවෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ නිසා ම ඒ පුද්ගලයාට රාගය නැතිව, ද්වේෂය නැතිව, මෝහය නැතිව, උපක්ලේශ නැතිව, කිළිටි සිතක් නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකුගේ ගෙදරකින් හරි, තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. හැබැයි ඒක දූවිලි බැඳිච්ච එකක්. මළකඩ හැදිච්ච එකක්. ඒත් ඒකෙ අයිතිකාරයො ඒ භාජනේ පාවිච්චියට ගන්නවා. හොඳට පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන් වලට වීසි කරන්නෙ නෑ. අන්න එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, කලක් යනකොට ඒ තඹ භාජනේ හරිම ලස්සනට දිලිසෙන්න පටන් ගන්නවා නේද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහම යි, යම්කිසි පුද්ගලයෙක් තුළ උපක්ලේශ තිබුනත්, තමා තුළ උපක්ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නවා නම්, ඒ තැනැත්තා කැමති විය යුත්තේ මේක යි. ඒ උපක්ලේශයන් ගෙන් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙනවා. උත්සාහයක් ඇතිවෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයකින් තොරව, ද්වේෂයකින් තොරව, මෝහයකින් තොරව, උපක්ලේශ වලින් තොරව, කිළිටි සිතින් තොරව, මරණයට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා.

තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, තස්සේතං පාටිකංඛං. සුභනිමිත්තං මනසිකරිස්සති, තස්ස සුභනිමිත්තස්ස මනසිකාරා රාගෝ චිත්තං අනුද්ධංසෙස්සති; සෝ සරාගෝ සදෝසෝ සමෝහො සාංගනෝ සංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියෝදාතා. තමේනං සාමිකා න චේව පරිභුඤ්ජෙය්‍යුං න ච පරියෝදපෙය්‍යුං, රජාපථේ ච නං නික්ඛිපෙය්‍යුං. ඒවං හි සා, ආවුසෝ, කංසපාති අපරේන සමයේන සංකිලිට්ඨා අස්ස මලග්ගහිතාති? ඒවමාවුසෝති. ඒවමේව ඛෝ, ආවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති, තස්සේතං පාටිකංඛං. සුභනිමිත්තං මනසිකරිස්සති, තස්ස සුභනිමිත්තස්ස මනසිකාරා රාගෝ චිත්තං අනුද්ධංසෙස්සති; සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට්ඨචිත්තෝකාලංකරිස්සති. 

ප්‍රිය ආයුෂ්මතුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නෑ. නමුත් තමන් තුළ උපක්ලේශ නැති බව ඒ පුද්ගලයා දන්නෙ නෑ. ඒ නිසා ඒ පුද්ගලයා කැමැති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු (රාගය ඇතිවන විදියට) සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේ දී ඒ පුද්ගලයාට මැරෙන්න සිද්ධ වෙන්නෙ රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආවා කියල හිතමු. ඒක ඉතා පිරිසිදු දිලිසෙන එකක්. ඒ වුනාට ඒකෙ අයිතිකාරයො ඒ තඹ භාජනේ පාවිච්චි කරන්නෙ නෑ. පිරිසිදු කරන්නෙ නෑ. දූවිලි ගොඩේ විසි කරල තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඉතින් කාලයක් යනකොට ඒ තඹ භාජනේ කිළිටි වෙලා, මලකඩ බැඳිල යනවා නේ ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත.”

“අන්න ඒ විදිහ ම යි ප්‍රිය ආයුෂ්මතුනි, ඒ පුද්ගලයා උපක්ලේශ නැතිව හිටියත්, තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධ නොවෙච්ච නිසා කැමති වෙන්න තියෙන්නෙ මෙච්චරයි. ඔහු අරමුණු (රාගය ඇතිවෙන විදියට) සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. සුභ වශයෙන් අරමුණු සිහි කරන්න පුරුදු වෙච්ච නිසා, රාගය විසින් ඔහුගේ සිත ගිලගන්නවා. අන්තිමේ දී ඒ තැනැත්තාට රාගයත් එක්ක ම යි, ද්වේෂයත් එක්ක ම යි, මෝහයත් එක්ක ම යි, උපක්ලේශත් එක්ක ම යි, කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි මැරෙන්න සිද්ධ වෙන්නෙ.

තත්‍රාවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, තස්සේතං පාටිකංඛං. සුභනිමිත්තං න මනසිකරිස්සති, තස්ස සුභනිමිත්තස්ස අමනසිකාරා රාගෝ චිත්තං නානුද්ධංසෙස්සති; සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසෝ, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියෝදාතා. තමේනං සාමිකා පරිභුඤ්ජෙය්‍යුඤ්චේව පරියෝදපෙය්‍යුඤ්ච, න ච නං රජාපථේ නික්ඛිපෙය්‍යුං. ඒවං හි සා, ආවුසෝ, කංසපාති අපරේන සමයේන පරිසුද්ධතරා අස්ස පරියෝදාතාති? ඒවමාවුසෝති. ඒවමේව ඛෝ, ආවුසෝ, ය්වායං පුග්ගලෝ අනංගණෝව සමානෝ නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති, තස්සේතං පාටිකංඛං. සුභනිමිත්තං න මනසිකරිස්සති, තස්ස සුභනිමිත්තස්ස අමනසිකාරා රාගෝ චිත්තං නානුද්ධංසෙස්සති; සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨචිත්තෝ කාලං කරිස්සති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේ ම තමයි තව පුද්ගලයෙක් ඉන්නවා ඊට වෙනස්. තමා තුළ උපක්ලේශ නැති නම්, උපක්ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා කැමැති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු (රාගය ඇතිවන ආකාරයට) සුභ වශයෙන් සිහි කරන්නේ නෑ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නෙ නැති නිසා, රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා මරණයට පත්වෙන්නෙ රාගය නැතුවයි. ද්වේෂය නැතුවයි. මෝහය නැතුවයි. උපක්ලේශ නැතුවයි. කිළිටි සිතක් නැතුවයි. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවකුගේ ගෙදරකින් හරි, තඹ භාජනයක් අරගෙන ආවා කියල හිතමු. ඒක ගොඩාක් පිරිසිදු, දිලිසෙන එකක්. ඒ වගේ ම ඒකෙ අයිතිකාරයොත් ඒ තඹ භාජනේ පාවිච්චි කරනවා. පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන්වල දාන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට, කලක් යනකොට ඒ තඹ භාජනේ ගොඩාක් පිරිසිදු වෙනවා. තවත් ලස්සනට දිලිසෙනවා නේද?”

“ඔව්, ප්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහ ම තමයි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැත්නම්, තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා නම්, ඔහු කැමති වෙන්න ඕන මෙච්චර යි. ඔහු අරමුණු (රාගය ඇතිවන ආකාරයට) සුභ වශයෙන් සිහි කරන්නේ නෑ. අරමුණු සුභ වශයෙන් සිහි නොකරන නිසා, රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා රාගය නැතුව ම යි, ද්වේෂය නැතුව ම යි, මෝහය නැතුව ම යි, උපක්ලේශ නැතුව ම යි, කිළිටි සිතක් නැතුවයි මරණයට පත්වෙන්නෙ.

අයං ඛෝ, ආවුසෝ මොග්ගල්ලාන, හේතු අයං පච්චයෝ යේනිමේසං ද්වින්නං පුග්ගලානං සාංගණානංයේව සතං ඒකෝ හීනපුරිසෝ අක්ඛායති, ඒකෝ සෙට්ඨපුරිසෝ අක්ඛායති. අයං පනාවුසෝ මොග්ගල්ලාන, හේතු අයං පච්චයෝ යේනිමේසං ද්වින්නං පුග්ගලානං අනංගණානංයේව සතං ඒකෝ හීනපුරිසෝ අක්ඛායති, ඒකෝ සෙට්ඨපුරිසෝ අක්ඛායතීති. 

ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නා ගෙන් එක්කෙනෙක් ගොඩාක් දුර්වලයි කියන්නටත්, අනිත් එක්කෙනා ගොඩාක් උසස් කියන්නටත් හේතුව ඕක තමයි. කාරණෙත් ඕක තමයි. ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් ගොඩක් දුර්වලයි කියන්නටත්, අනෙක් කෙනා ගොඩක් උසස් කියන්නටත් හේතුව ඕක තමයි. කාරණය ඕක තමයි.”

අංගණං අංගණන්ති, ආවුසෝ, වුච්චති. කිස්ස නු ඛෝ ඒතං, ආවුසෝ, අධිවචනං යදිදං අංගණන්ති? පාපකානං ඛෝ ඒතං, ආවුසෝ, අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං, යදිදං අංගණන්ති. 

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ‘උපක්ලේශ, උපක්ලේශ’ කියල කියනවා. ඇත්තෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ උපක්ලේශ කියන නම යොදන්නෙ මොන වගේ දේකට ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේශ කියන නම යොදන්නෙ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යෑමෙන් හටගන්නා පාපී අකුසල්වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. ආපත්තිඤ්ච වත ආපන්නෝ අස්සං, න ච මං භික්ඛූ ජානෙය්‍යුං ආපත්තිං ආපන්නෝති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං තං භික්ඛුං භික්ඛූ ජානෙය්‍යුං. ආපත්තිං ආපන්නෝති. ජානන්ති මං භික්ඛූ ආපත්තිං ආපන්නෝති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහෙ දේවල් දකින්නට ලැබෙනවා. ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහුට මේ විදිහේ ලාමක ආශාවක් ඇතිවෙනවා. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වුනා. ඒ වුනාට මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වෙච්ච බව අනිත් භික්ෂූන් නොදන්නා එක තමයි හොඳ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. අනෙක් භික්ෂූන් වහන්සේලාට අර භික්ෂුවගේ වරද දැනගන්න ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව ‘දැන් මේ භික්ෂූන් වහන්සේලාත් මගෙන් වෙච්ච වැරැද්ද දැනගත්තා නෙව දැ’ යි කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි. 

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. ආපත්තිඤ්ච වත ආපන්නෝ අස්සං, අනුරහෝ මං භික්ඛූ චෝදෙය්‍යුං, නෝ සංඝමජ්ඣේති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං තං භික්ඛුං භික්ඛූ සංඝමජ්ඣේ චෝදෙය්‍යුං, නෝ අනුරහෝ. සංඝමජ්ඣේ මං භික්ඛූ චෝදෙන්ති, නෝ අනුරහෝති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මෙහෙම දේවලුත් දකින්නට ලැබෙනවා. යම් කිසි භික්ෂුවකට මේ විදිහෙ ලාමක ආශාවක් ඇතිවෙනවා. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වෙච්ච බව ඇත්ත. ඒ වුනාට භික්ෂූන් වහන්සේලා මේ වැරැද්ද ගැන සංඝයා මැද්දේ මට චෝදනා කරන්නෙ නැතිව, රහසේ කතා කරන එක තමයි හොඳ’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අර භික්ෂුවගේ වැරැද්ද ගැන භික්ෂූන් වහන්සේලා රහසේ කතා කරන්නෙ නැතිව, සංඝයා මැද්දෙ චෝදනා කරනවා. එතකොට ඒ භික්ෂුව ‘මගේ වැරැද්ද ගැන භික්ෂූන් වහන්සේලා මාත් එක්ක පුද්ගලිකව කතා කරන්නෙ නැතිව සංඝයා මැද්දේ මට චෝදනා කළා නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි. 

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. ආපත්තිඤ්ච වත ආපන්නෝ අස්සං, සප්පටිපුග්ගලෝ මං චෝදෙය්‍ය, නෝ අප්පටිපුග්ගලෝති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං තං භික්ඛුං අප්පටිපුග්ගලෝ චෝදෙය්‍ය, නෝ සප්පටිපුග්ගලෝ. අප්පටිපුග්ගලෝ මං චෝදේති, නෝ සප්පටිපුග්ගලෝති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහෙ දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නේ මේ විදියෙ ලාමක ආශාවක්. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වුනා තමයි. ඒ වුනාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැලපෙන කෙනෙක් විසිනුයි. නොගැලපෙන පුද්ගලයන් ඒ ගැන මාත් එක්ක කතා කරන්න ඕන නෑ’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඔහු හිතපු එක නෙවෙයි සිද්ධ වෙන්නෙ. අර භික්ෂුවට ගැලපෙන පුද්ගලයෙක් ඒ වැරැද්ද ගැන චෝදනා කරන්නේ නෑ. නොගැලපෙන කෙනෙක් තමයි චෝදනා කරන්නෙ. එතකොට අර භික්ෂුව ‘මේක හරි වැඩක් නෙව. මට ගැලපෙන කෙනෙක් එපා යැ මේ වැරැද්ද ගැන මට චෝදනා කරන්න. නමුත් චෝදනා කරන්නෙ මේ ගැන මට නො ගැලපෙන කෙනෙකු විසින් නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි. 

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත මමේව සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසෙය්‍ය, න අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසෙය්‍යාති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසෙය්‍ය, න තං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසෙය්‍ය. අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසේති, න මං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දේසේතීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේකුත් දකින්න ලැබෙනවා. යම්කිසි භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇතිවෙනවා. ‘අනේ ඇත්තෙන් ම ශාස්තෘන් වහන්සේ වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසන්නෙ නැතුව, මගෙන් ම විතරක් ධර්ම කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසනවා නම් කොයිතරම් හොඳයි ද’ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙන දෙයක්. ශාස්තෘන් වහන්සේ ධර්මය දේශනා කරද්දී, අර භික්ෂුවගෙන් ධර්ම කරුණු විමසන්නෙ නෑ. වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස විමසා ධර්මය දේශනා කරනවා. එතකොට ඒ භික්ෂුව ‘ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්ම කරුණු මගෙන් විමසන්නෙ නෑ නෙව, වෙන භික්ෂූන්ගෙන් ධර්ම කරුණු විමස විමසා නෙව ධර්මය දේශනා කරන්නෙ’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත මමේව භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං, න තං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං. අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසන්ති, න මං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසන්තීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවක් තුළ ඇතිවෙන්නෙ මේ විදිහේ ලාමක ආශාවක්. ‘මේ භික්ෂූන් ගමට දානෙට වඩිද්දී, වෙන භික්ෂුවක් ඉස්සරහින් වඩම්මවා ගෙන යන්නෙ නැතිව මාව ම ඉස්සරහින් වඩම්මවා ගෙන ගමට දානෙට වඩිනවා නම් ඒක නෙව හොඳ’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. ඒ භික්ෂූන් දානෙට වඩින කොට වෙනත් භික්ෂුවක් ඉස්සරහින් වඩම්මවා ගෙන යනවා. අර භික්ෂුවට ඉස්සරහින් වඩින්න ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘මේ භික්ෂූන් වහන්සේලා ගමේ දානෙට වඩිනකොටත්, ඉස්සරහට ගන්නෙ වෙන භික්ෂුවක් ම යි. මාව ඉස්සරහින් වඩම්මවා ගෙන යන්නේ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි. 

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව ලභෙය්‍යං භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං, න අඤ්ඤෝ භික්ඛු ලභෙය්‍ය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩන්ති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු ලභෙය්‍ය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං, න සෝ භික්ඛු ලභෙය්‍ය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං. අඤ්ඤෝ භික්ඛු ලභති භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං, නාහං ලභාමි භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩන්ති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘දාන ශාලාවෙ දී මුල් පුටුවත්, ඉස්සෙල්ලා ම ලැබෙන දන්පැනුත් ලැබෙන්න ඕන මටයි. වෙන භික්ෂුවකට ඒ මුල් පුටුවත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්පැනුත් ලැබෙන්නේ නැත්නම් කොයිතරම් හොඳ ද’ කියල. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. දාන ශාලාවෙ දී මුල් පුටුවත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්පැනුත් වෙන භික්ෂුවකට ලැබෙනවා. අර භික්ෂුවට මුල් පුටුව ලැබනේනේ නෑ. ඉස්සෙල්ල ම ලැබෙන දන්පැනුත් ලැබෙන්නේ නෑ. එතකොට ඒ භික්ෂුව, ‘එතකොට මූලාසනේවත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්පැන්වත් මට ලැබෙන්නෙ නෑ. එහෙම නම් මූලාසනෙත්, ඉස්සෙල්ලම ලැබෙන දන්පැනුත් ලැබෙන්නෙ වෙන භික්ෂුවකට ඈ!’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව භත්තග්ගේ භුත්තාවී අනුමෝදෙය්‍යං, න අඤ්ඤෝ භික්ඛු භත්තග්ගේ භුත්තාවී අනුමෝදෙය්‍යාති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු භත්තග්ගේ භුත්තාවී අනුමෝදෙය්‍ය, න සෝ භික්ඛු භත්තග්ගේ භුත්තාවී අනුමෝදෙය්‍ය. අඤ්ඤෝ භික්ඛු භත්තග්ගේ භුත්තාවී අනුමෝදති, නාහං භත්තග්ගේ භුත්තාවී අනුමෝදාමීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ ආකාරයේ ලාමක ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! මං තමයි දාන ශාලාවෙ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ කියන්නෙ. දන් ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ වෙන භික්ෂුවක් අනුමෝදනා බණ කියන්නෙ නැත්නම් කොයිතරම් හොඳ ද’ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අර භික්ෂුවට දාන ශාලාවෙ දන් වළඳලා අවසන් වුනාට පස්සෙ අනුමෝදනා බණ කියන්නට ලැබෙන්නෙ නෑ. වෙනත් භික්ෂුවකටයි දාන ශාලාවේ දන් වැළඳුවට පස්සෙ අනුමෝදනා බණ ලැබෙන්නෙ. එතකොට ඒ භික්ෂුව ‘දාන ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ කියන්නෙත් වෙනින් භික්ෂුවක්. දාන ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ ටිකවත් කියන්න මට ලැබෙන්නෙ නෑ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍යං, න අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දේසෙය්‍යාති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය, න සෝ භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දේසෙය්‍ය. අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දේසේති, නාහං ආරාමගතානං භික්ඛූනං ධම්මං දේසේමීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නෙ මේ විදිහේ ලාමක ආශාවක්. ‘මම තමයි අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නෙ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් බණ කියන්න අවශ්‍ය නෑ’ කියලා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ ඊට වෙනස් දෙයක්. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් තමයි බණ කියන්නෙ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්න ඒ භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නෙත් වෙන භික්ෂුවක්. එතකොට අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නටවත් මට ලැබෙන්නෙ නෑ’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං ඉධේකච්චස්ස භික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය. අහෝ වත අහමේව ආරාමගතානං භික්ඛුනීනං ධම්මං දේසෙය්‍යං ....(පෙ).... උපාසකානං ධම්මං දේසෙය්‍යං ....(පෙ).... උපාසිකානං ධම්මං දේසෙය්‍යං ....(පෙ).... න අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දේසෙය්‍යාති. ඨානං ඛෝ පනේතං, ආවුසෝ, විජ්ජති යං අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍ය, න සෝ භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දේසෙය්‍ය. අඤ්ඤෝ භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දේසේති, නාහං ආරාමගතානං උපාසිකානං ධම්මං දේසේමීති. ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. යෝ චේව ඛෝ, ආවුසෝ, කෝපෝ යෝ ච අප්පච්චයෝ. උභයමේතං අංගණං. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇතිවෙන්නෙ මේ විදිහේ ලාමක ආශාවක්. ‘අරමට පැමිණෙන භික්ෂුණීන්ට බණ කියන්නෙ මං විතරයි ....(පෙ).... උපාසකවරුන්ට බණ කියන්නෙත් මං විතරයි ....(පෙ).... උපාසිකාවන්ට බණ කියන්නෙත් මං විතරයි. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නෙ නැත්නම් කොයිතරම් හොඳ ද’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, නමුත් සිද්ධ වෙන්නෙ මේ විදිහේ දෙයක්. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නෙ. අරමට එන උපාසිකාවන්ට බණ කියන්න අර භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘අරමට එන උපාසිකාවන්ට බණ කියන්නෙත් වෙන භික්ෂුවක්. අරමට එන උපාසිකාවන්ට බණ ටිකක් කියා ගන්නවත් අවස්ථාවක් නෑ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් කියන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

1  |  2