මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.6. ආකංඛෙය්‍ය සුත්තං

1.1.6. ‘කැමති වන්නේ නම්’ යනුවෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ, අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියා, භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂු පිරිස ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ ඒ වෙලාවේ දී ය. 

සම්පන්නසීලා, භික්ඛවේ, විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගෝචරසම්පන්නා අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවි සමාදාය සික්ඛථ සික්ඛාපදේසු. 

පින්වත් මහණෙනි, සිල්වත්ව වාසය කරන්න. නිවන් මගට මුල් වන ශික්ෂාපද වලින් යුතුව වාසය කරන්න. නිවන් මගට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන්න. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වන්න. ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “සබ්‍රහ්මචාරීනං පියෝ චස්සං මනාපෝ ගරු භාවනීයෝ චා”ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම් ‘මම සබ්‍රහ්මචාරීන්  වහන්සේලාට ප්‍රිය කෙනෙක් වෙනවා. කැමති කෙනෙක් වෙනවා. ගරු බුහුමන් ලබන සම්භාවනීය කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන. 

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “ලාභී අස්සං චීවරපිණ්ඩපාතසේනාසන ගිලානපච්චයභේසජ්ජපරික්ඛාරාන”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම්, ‘මම දැහැමි ලෙස සිවුරු, පිණ්ඩපාත, කුටි, ගිලන්පස ආදිය ලැබෙන කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “යේසාහං චීවරපිණ්ඩපාතසේනාසන ගිලානපච්චයභේසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි, තේසං තේ කාරා මහප්ඵලා අස්සු මහානිසංසා”ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම්, ‘මම සැදැහැවතුන් ගෙන් ලැබෙන සිවුරු, පිණ්ඩපාත, කුටි, ගිලන්පස ආදිය පාවිච්චි කරනවා. ඉතින් ඔවුන්ගේ ඒ පූජාවන්ට මහත්ඵල මහානිසංස වෙන, පින් ලැබෙන විදිහට මං ඉන්නවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “යේ මේ ඤාති සාලෝහිතා පේතා කාලකතා පසන්නචිත්තා අනුස්සරන්ති තේසං තං මහප්ඵලං අස්ස මහානිසංසන්ති,” සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් කැමති නම්, ‘මිය පරලොව ගිහින් සිටින මගේ නෑදෑයෝ මා ගැන පැහැදුන සිතින් සිහි කරනවා නම් ඒ උදවියගේ ඒ සිහි කිරීමට මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට මම ඉන්න ඕන’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “අරතිරතිසහෝ අස්සං, න ච මං අරති සහෙය්‍ය, උප්පන්නං අරතිං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් කැමති නම් ‘භාවනාව කරගන්න බැරිවෙන වෙලාවල් එනවා. කම් සැපයේ සිත ඇලෙන අවස්ථාවල් එනවා. එතකොට මං ඒ අරතියට ඉඩදෙන්නෙ නෑ. ඒ අරතිය පාලනය කර කර තමයි මං ඉන්නෙ’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “භයභේරවසහෝ අස්සං, න ච මං භයභේරවං සහෙය්‍ය, උප්පන්නං භයභේරවං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය”න්ති, සීලෙස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම්, ‘භය බිරාන්ත වෙන බිහිසුණු අරමුණු එන අවස්ථා තියෙනවා. එතකොට මං ඒ බිහිසුණු අරමුණු වලට යටවෙන්නෙ නෑ, බිහිසුණු අරමුණු හටගත්තා ම මං ඒවා මර්ධනය කර කරයි ඉන්නෙ’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “චතුන්නං ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී”ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘ධ්‍යාන හතර මේ ජීවිතයේ දී ම කැමති සේ ලබාගෙන, පහසුවෙන් ලබාගෙන, නිදුකින් ලබාගෙන මම වාසය කරනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා, තේ කායේන ඵස්සිත්වා විහරෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මම රූප ධ්‍යාන ඉක්මවා ගිහින් ශාන්ත පැවැත්මක් වන අරූප ධ්‍යානයන් ද මේ ජීවිතයෙන් ස්පර්ශ කරල ඉන්නවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අස්සං අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ”ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම් ‘සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් මම සෝතාපන්න වෙනවා. ආයෙ කවදාවත් අපායේ නම් වැටෙන්නේ නෑ, මං ස්ථීරව ම නිවන් අවබෝධ කරගන්නවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී අස්සං සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මං සංයෝජන තුනක් නැති කරගෙන, රාග, ද්වේෂ, මෝහ දුර්වල කරගෙන සකදාගාමී කෙනෙක් වෙනවා. මං එක වතාවක් පමණක් මේ ලෝකෙට ඇවිදින් සියලු දුක් නිමා කරනවා” කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය  චේ,  භික්ඛවේ,  භික්ඛු  “පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ අස්සං තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා”ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘ඕරම්භාගීය (කාම ලෝකය තුළ පහළට ඇද වැටෙන) බන්ධන පහ ම නැති කරල, මම ඕපපාතිකව (බඹලොව) උපදින කෙනෙක් වෙනවා. ආයෙමත් ඒ ලෝකයෙන් චුත වෙලා මම වෙන තැනක උපදින්නේ නෑ. මම එහෙදි ම පිරිනිවන් පානවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්‍යං ඒකෝපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා ඒකෝ අස්සං. ආවීභාවං තිරෝභාවං. තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡෙය්‍යං, සෙය්‍යථාපි ආකාසේ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්‍යං, සෙය්‍යථාපි උදකේ. උදකේපි අභිජ්ජමානේ ගච්ඡෙය්‍යං, සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්ලංකේන කමෙය්‍යං, සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේපි චන්දිමසූරියේ ඒවංමහිද්ධිකේ මහානුභාවේ පාණිනා පරිමසෙය්‍යං පරිමජ්ජෙය්‍යං. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තෙය්‍ය”න්ති, සීලෙස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මම නොයෙක් ආකාරයෙන් ඉර්ධි බල ලබාගන්නවා. එතකොට මම තනියම ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පේන්න සළස්වනවා. බොහෝ දෙනෙක් වගේ පෙන්නල තනියම ඉන්නවා. බිත්ති වලින්, තාප්ප වලින්, ගොඩනැගිලි වලින් පිටතට ආකාසයේ යනවා වගේ ඒවායේ නොවැදී  යන කෙනෙක් වෙනවා. වතුරෙ වගේ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන කෙනෙක් වෙනවා. පොළොවේ ඇවිදිනවා වගේ ජලය මත ඇවිදගෙන යන කෙනෙක් වෙනවා. ඒ වගේ ම පළඟක් බැඳගෙන අහසින් යනවා කුරුල්ලෙක් වගේ. මේ තරම් බල සම්පන්න මහානුභාව ඇති හිරු සඳු දෙක පවා මම අතින් පිරිමදිනවා. බ්‍රහ්ම ලෝකයට යනකම් ම මේ ජීවිතයෙන් හැමදෙයක් ම වසඟ කරගන්නවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසකාය උභෝ සද්දේ සුණෙය්‍යං දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ චා”ති, සීලෙස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මිනිසුන්ගේ සාමාන්‍ය ශ්‍රවණ පථය ඉක්මවා ගිය දිව්‍යමය සවන් දීමෙන්, දිව්‍ය වූත් මානුෂික වූත් ශබ්ද දෙක ම අසන කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානෙය්‍යං සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්‍යං, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානෙය්‍යං. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානෙය්‍යං, වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානෙය්‍යං. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානෙය්‍යං, වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානෙය්‍යං. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානෙය්‍යං, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානෙය්‍යං. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානෙය්‍යං, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානෙය්‍යං. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානෙය්‍යං, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානෙය්‍යං. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානෙය්‍යං, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානෙය්‍යං. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්‍යං, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්‍ය”න්ති, සීලෙස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘බාහිර සත්වයන්ගේ, බාහිර පුද්ගලයන්ගේ සිත් සතන්වල ස්වභාවය මගේ සිතින් මම දැනගන්නවා. එතකොට සරාගී සිත, සරාගී සිතක් ය කියල මම දැනගන්නවා. එතකොට මම දැනගන්නවා විරාගී සිත, විරාගී සිතක් කියල. සදෝසී සිත, සදෝසී සිතක් ය කියල. වීතදෝසී සිත, වීතදෝසී සිතක් ය කියල. මෝහ සහිත සිත, මෝහ සහිත සිතක් ය කියල. වීතමෝහී සිත, වීතමෝහී  සිතක් කියල. නිදිමත හා අලස බවින් හැකිළී ගිය සිත, නිදිමත හා අලස බවින් හැකිළී ගිය සිතක් ය කියල. විසිරී ගිය සිත, විසිරී ගිය සිතක් ය කියල. සමාධියෙන් වැඩුණු සිත, සමාධියෙන් වැඩුණු සිතක් ය කියල. සමාධියෙන් නොවැඩුණු සිත, සමාධියෙන් නොවැඩුණු සිතක් ය කියල. බලවත් නොවූ සමාධි සිත, බලවත් නොවූ සමාධි සිතක් ය කියල. ධ්‍යාන ලබා ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිත, ධ්‍යාන ලබා ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් ය කියල. හොඳින් එකඟ වූ සිත, හොඳින් එකඟ වූ සිතක් ය කියල. හොඳින් එකඟ නොවූ සිත, හොඳින් එකඟ නොවූ සිතක් ය කියල. කෙලෙසුන්ගෙන් මිදුණු සිත, කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් ය කියල. කෙලෙසුන්ගෙන් නොමිදුණ සිත, කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් ය කියල මට දැනගන්න පුළුවන්’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරෙය්‍යං, සෙය්‍යථිදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පඤ්චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනේකේපි සංවට්ටකප්පේ අනේකේපි විවට්ටකප්පේ අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මම නොයෙක් ආකාරයේ පෙර ගත කළ ජීවිත ගැන සිහි කරන කෙනෙක් වෙනවා.  එතකොට මම එක ඉපදීමක්, ඉපදීම් දෙකක්, ඉපදීම් තුනක්, ඉපදීම් හතරක්, ඉපදීම් පහක්, ඉපදීම් දහයක්, ඉපදීම් විස්සක්, ඉපදීම් තිහක්, ඉපදීම් හතලිහක්, ඉපදීම් පනහක්, ඉපදීම් සීයක්, ඉපදීම් දාහක්, ඉපදීම් ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට-විවට්ට කල්ප සිහි කරනවා. එතකොට මට පුළුවනි දැනගන්න ‘මම අසවල් තැනයි ඉපදුනේ. මේ විදිහටයි නම් තිබුනේ. මේ විදිහටයි ගෝත්‍ර නම් තිබුනේ. මේ විදිහටයි හැඩ රුව. මේවා තමයි කෑවේ බීවේ. මේ විදිහටයි සැප දුක් වින්දේ. මේ විදිහටයි මැරිල ගියේ. ඊට පස්සෙ මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. මේ විදිහටයි නම් ලැබුනේ. මේ විදිහටයි ගෝත්‍ර නම් ලැබුනේ. මේ විදිහටයි හැඩරුව ලැබුනේ. මේවා තමයි කෑවේ බීවේ. මේ විදිහටයි සැප දුක් වින්දේ. මේ විදිහටයි මැරිල ගියේ. ඊට පස්සෙ එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා.’ මේ විදිහට මම කරුණු සහිතව පැහැදිලි විස්තර ඇතිව, නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත ගැන සිහි කරන කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සෙය්‍යං චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානෙය්‍යං ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නාති, ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සෙය්‍යං චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මම මිනිසුන්ගේ සාමාන්‍ය දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැස ලබාගන්නවා. එතකොට මට චුත වෙන, උපදින සත්වයන් දකින්න පුළුවනි. කර්මානුරූපව උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල උපදින සත්වයන් දකින්න පුළුවනි. ‘අනේ ඇත්තෙන් ම මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරලා, වචනයෙන් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට නින්දා කරලා, මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහලා, මිථ්‍යා දෘෂ්ටික ක්‍රියාවන් කරල මැරිල ගිහින්, දුක් ඇති අපාය නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේ ම මේ භවත් සත්වයන් කයින් සුසිරිත් කරලා, වචනයෙන් සුසිරිත් කරලා, මනසින් සුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට නින්දා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් කරලා, මරණයට පත්වුනාට පස්සේ යහපත් ජීවිත ඇති ස්වර්ග ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඉතින් මම ඔය විදිහට සාමාන්‍ය මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් ලබාගෙන, චුතවෙන උපදින සතුන් දකින කෙනෙක් වෙනවා. කර්මානුරූපව උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල උපදින සත්වයන් දකින කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

ආකංඛෙය්‍ය චේ, භික්ඛවේ, භික්ඛු “ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේවධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය”න්ති, සීලේස්වේවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. 

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම්, ‘මම ආශ්‍රවයන් ක්ෂය කරල, ආශ්‍රව රහිත වෙලා, සමථ භාවනාව තුළින් නීවරණයන් ගෙන් සිත නිදහස් කරගෙන ලබන චේතෝ විමුක්තියත්, විදර්ශනා භාවනාව තුළින් ඇතිවෙන ප්‍රඥාවෙන් සංයෝජනයන්ගෙන් සිත නිදහස් කරගෙන ලබන පඤ්ඤා විමුක්තියත් මා තුළ ඇති කරගත් විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරලා මේ ජීවිතයේ දී ම අරහත්වයට පත්ව වාසය කරන කෙනෙක් වෙනවා’ කියල, ඒ භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නොවී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.

“සම්පන්නසීලා භික්ඛවේ, විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගෝචරසම්පන්නා අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී සමාදාය සික්ඛථ සික්ඛාපදේසූති” ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තන්ති. 

පින්වත් මහණෙනි, සිල්වත්ව වාසය කරන්න කියල, නිවන් මගට මුල් වුන ශික්ෂාපද වලින් යුතුව වාසය කරන්න කියල, නිවන් මගට මුල් වන ශික්ෂාපද සංවරයෙන් සංවර වන්නට ම කියල, යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වන්න කියල, ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින් සමාදන් වී සිටින ශික්ෂාපද තුළ හික්මෙන්නට කියල මා ඔබට කිව්වේ ඔන්න ඔය අර්ථය පිණිස ම යි.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. 

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. ඉතා සතුටට පත් ඒ භික්ෂු පිරිස ද, භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය අසා සාදුකාර දෙමින් මහත් ආදර ගෞරවයෙන් පිළිගත්තා.

ආකංඛෙය්‍යසුත්තං නිට්ඨිතං. 

‘කැමති වන්නේ නම්’ යනුවෙන් වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!