මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.1. මූලපරියාය සුත්තං

1.1.1. හැම දෙයකට ම මුල් වන දේ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනේ සාලරාජමූලේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ උක්කට්ඨා නුවර අසල සුභග නම් වනාන්තරයේ විශාල සල් ගසක් සෙවණකයි. එදා භාග්‍යවතුන් වහන්සේ 

“පින්වත් මහණෙනි” කියල භික්ෂූන් වහන්සේලා ව ඇමතුවා. “එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

සබ්බධම්මමූලපරියායං වෝ භික්ඛවේ දේසෙස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරෝථ. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ  භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, හැම දේකට ම මුල්වෙච්ච දේවල් ගැනයි මා ඔබට දැන් දේශනා කරන්නේ. මෙය හොඳින් අහගෙන ඉන්න ඕන. ඒ වගේ ම නුවණින් තේරුම් ගන්නත් ඕන. දැන් මා පවසන්නම්.” 

“එසේ ය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ මූලපරියාය නම් දේශනය වදාළේ ඒ වෙලාවේ දී ය.

ඉධ භික්ඛවේ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ පඨවිං පඨවිතෝ සඤ්ජානාති. පඨවිං පඨවිතෝ සඤ්ඤත්වා පඨවිං මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතෝ මඤ්ඤති. පඨවිං මේති මඤ්ඤති. පඨවිං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

(අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ස්වභාවය ගැන වදාළ කොටස)

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ගැන දැනගෙන ඉන්න ඕන. මොහු ආර්යයන් වහන්සේලා හඳුනන්නෙ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙ නැහැ. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නෑ. 

(1)

ඒ නිසා ම අශ්‍රැතවත් පෘථග්ජනයා පොළොවට පස් වී යන පඨවි ධාතුව මුලාවෙන් හඳුනගන්නේ පඨවි ධාතුව වශයෙන් ම යි. ඉතින් පඨවි ධාතුව, පඨවි ධාතුව හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. පඨවි ධාතුව ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි (මඤ්ඤනා) ඇති කරගන්නේ. 

2. පඨවි ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. පඨවි ධාතුවෙන් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. පඨවි ධාතුව ‘මගේ දෙයක්’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු පඨවි ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? පඨවි ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(2)

ආපං ආපතෝ සඤ්ජානාති. ආපං ආපතෝ සඤ්ඤත්වා ආපං මඤ්ඤති. ආපස්මිං මඤ්ඤති. ආපතෝ මඤ්ඤති. ආපං මේති මඤ්ඤති. ආපං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා වතුරේ දිය වී යන ස්වභාවයට අයිති ආපෝ ධාතුව මුලාවෙන් හඳුනගන්නේ ආපෝ ධාතුව කියල ම යි. මේ විදිහට ආපෝ ධාතුව, ආපෝ ධාතුව හැටියට ම මුළාවෙන් හඳුනගෙන,

1. ආපෝ ධාතුව ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ආපෝ ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. ආපෝ ධාතුවෙන් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ආපෝ ධාතුව ‘මගේ දෙයක්’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ආපෝ ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ආපෝ ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(3)

තේජං තේජතෝ සඤ්ජානාති. තේජං තේජතෝ සඤ්ඤත්වා තේජං මඤ්ඤති. තේජස්මිං මඤ්ඤති. තේජතෝ මඤ්ඤති. තේජං මේති මඤ්ඤති. තේජං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා උණුසුම් ස්වභාවයට අයිති තේජෝ ධාතුව මුලාවෙන් හඳුනගන්නේ තේජෝ ධාතුව කියල ම යි. මේ විදිහට තේජෝ ධාතුව, තේජෝ ධාතුව හැටියට ම මුලාවෙන් හඳුනගෙන,

1. තේජෝ ධාතුව ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. තේජෝ ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. තේජෝ ධාතුවෙන් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. තේජෝ ධාතුව ‘මගේ දෙයක්’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු තේජෝ ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? තේජෝ ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(4)

වායං වායතෝ සඤ්ජානාති. වායං වායතෝ සඤ්ඤත්වා වායං මඤ්ඤති. වායස්මිං මඤ්ඤති. වායතෝ මඤ්ඤති. වායං මේති මඤ්ඤති. වායං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හමාගෙන යන ස්වභාවයට අයිති වායෝ ධාතුව මුළාවෙන් හඳුනගන්නේ වායෝ ධාතුව කියල ම යි. මේ විදිහට වායෝ ධාතුව, වායෝ ධාතුව හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. වායෝ ධාතුව ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. වායෝ ධාතුව තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. වායෝ ධාතුවෙන් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. වායෝ ධාතුව ‘මගේ දෙයක්’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු වායෝ ධාතුව ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? වායෝ ධාතුව පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(5)

භූතේ භූතතෝ සඤ්ජානාති. භූතේ භූතතෝ සඤ්ඤත්වා භූතේ මඤ්ඤති. භූතේසු මඤ්ඤති. භූතතෝ මඤ්ඤති. භූතේ මේති මඤ්ඤති. භූතේ අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ඉපදී සිටින සත්වයන් ගැන මුළාවෙන් හඳුනගන්නේ ඉපදිච්ච සත්වයන් ගේ බාහිරින් පෙනෙන ස්වභාවයට අනුව ම යි. මේ විදිහට ඉපදිච්ච සත්වයන්, ඉපදිච්ච සත්වයන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. ඉපදිච්ච සත්වයන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ඉපදිච්ච සත්වයන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. ඉපදිච්ච සත්වයන්ගෙන් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ඉපදිච්ච සත්වයන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ඉපදිච්ච සත්වයන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ඉපදිච්ච සත්වයන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(6)

දේවේ දේවතෝ සඤ්ජානාති. දේවේ දේවතෝ සඤ්ඤත්වා දේවේ මඤ්ඤති. දේවේසු මඤ්ඤති. දේවතෝ මඤ්ඤති. දේවේ මේති මඤ්ඤති. දේවේ අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට දෙවියන්, දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් 

පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(7)

පජාපතිං පජාපතිතෝ සඤ්ජානාති. පජාපතිං පජාපතිතෝ සඤ්ඤත්වා පජාපතිං මඤ්ඤති. පජාපතිස්මිං මඤ්ඤති. පජාපතිතෝ මඤ්ඤති. පජාපතිං මේති මඤ්ඤති. පජාපතිං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ලෝකාධිපති දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ ලෝකාධිපති දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට ලෝකාධිපති දෙවියන්, ලෝකාධිපති දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. ලෝකාධිපති දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ලෝකාධිපති දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. ලෝකාධිපති දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ලෝකාධිපති දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ලෝකාධිපති දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ලෝකාධිපති දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(8)

බ්‍රහ්මං බ්‍රහ්මතෝ සඤ්ජානාති. බ්‍රහ්මං බ්‍රහ්මතෝ සඤ්ඤත්වා බ්‍රහ්මං මඤ්ඤති. බ්‍රහ්මනි මඤ්ඤති. බ්‍රහ්මතෝ මඤ්ඤති. බ්‍රහ්මං මේති මඤ්ඤති. බ්‍රහ්මං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා මහා බ්‍රහ්මයා ගැන මුළාවෙන් හඳුනගන්නේ මහා බ්‍රහ්මයාගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට මහා බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. මහා බ්‍රහ්මයා ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. මහා බ්‍රහ්මයා තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. මහා බ්‍රහ්මයා තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. මහා බ්‍රහ්මයා ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු මහා බ්‍රහ්මයා ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? මහා බ්‍රහ්මයාගේ ස්වභාවය පිළිබව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියල යි මේ ගැන කියන්න තියෙන්නෙ.

(9)

ආභස්සරේ ආභස්සරතෝ සඤ්ජානාති. ආභස්සරේ ආභස්සරතෝ සඤ්ඤත්වා ආභස්සරේ මඤ්ඤති. ආභස්සරේසු මඤ්ඤති. ආභස්සරතෝ මඤ්ඤති. ආභස්සරේ මේති මඤ්ඤති. ආභස්සරේ අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ආභස්සර දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ ආභස්සර දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට ආභස්සර දෙවියන්, ආභස්සර දෙවියන් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. ආභස්සර දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ආභස්සර දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල යි ඔහුට හැඟෙන්නෙ. 

3. ආභස්සර දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ආභස්සර දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ආභස්සර දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ආභස්සර දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(10)

සුභකිණ්ණේ සුභකිණ්ණතෝ සඤ්ජානාති. සුභකිණ්ණේ සුභකිණ්ණතෝ සඤ්ඤත්වා සුභකිණ්ණේ මඤ්ඤති. සුභකිණ්ණේසු මඤ්ඤති. සුභකිණ්ණතෝ මඤ්ඤති. සුභකිණ්ණේ මේති මඤ්ඤති. සුභකිණ්ණේ අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සුභකිණ්ණ දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ  සුභකිණ්ණ දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුව ම යි. ඉතින් මේ විදිහට සුභකිණ්ණ දෙවියන්, සුභකිණ්ණ දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. සුභකිණ්ණ දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. සුභකිණ්ණ දෙවියන්  තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. සුභකිණ්ණ දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. සුභකිණ්ණ දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු සුභකිණ්ණ දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? සුභකිණ්ණ දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(11)

වේහප්ඵලේ වේහප්ඵලතෝ සඤ්ජානාති. වේහප්ඵලේ වේහප්ඵලතෝ සඤ්ඤත්වා වේහප්ඵලේ මඤ්ඤති. වේහප්ඵලේසු මඤ්ඤති. වේහප්ඵලතෝ මඤ්ඤති. වේහප්ඵලේ මේති මඤ්ඤති. වේහප්ඵලේ අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා වේහප්ඵල දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ වේහප්ඵල දෙවියන්ගේ බාහිර ස්වභාවය අනුවයි. ඉතින් මේ විදිහට වේහප්ඵල දෙවියන්, වේහප්ඵල දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. වේහප්ඵල දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. වේහප්ඵල දෙවියන්  තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. වේහප්ඵල දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. වේහප්ඵල දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු වේහප්ඵල දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? වේහප්ඵල දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(12)

අභිභුං අභිභුතෝ සඤ්ජානාති. අභිභුං අභිභුතෝ සඤ්ඤත්වා අභිභුං මඤ්ඤති. අභිභුස්මිං මඤ්ඤති. අභිභුතෝ මඤ්ඤති. අභිභුං මේති මඤ්ඤති. අභිභුං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා අභිභූ දෙවියන් ගැන මුළාවෙන් දකින්නේ අභිභූ දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට අභිභූ දෙවියන්, අභිභූ දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන, 

1. අභිභූ දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. අභිභූ දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. අභිභූ දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. අභිභූ දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු අභිභූ දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? අභිභූ දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(13)

ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතෝ සඤ්ජානාති. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතෝ සඤ්ඤත්වා ආකාසානඤ්චායතනං මඤ්ඤති. ආකාසානඤ්චායතනස්මිං මඤ්ඤති. ආකාසානඤ්චායතනතෝ මඤ්ඤති. ආකාසානඤ්චායතනං මේති මඤ්ඤති. ආකාසානඤ්චායතනං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ආකාසානඤ්චායතන දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ ආකාසානඤ්චායතන දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනගෙන,

1. ආකාසානඤ්චායතන දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ආකාසානඤ්චායතන දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. ආකාසානඤ්චායතන දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ආකාසානඤ්චායතන දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ආකාසානඤ්චායතන දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ආකාසානඤ්චායතන දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(14)

විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතෝ සඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතෝ සඤ්ඤත්වා විඤ්ඤාණඤ්චායතනං මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනස්මිං මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනතෝ මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනං මේති මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා විඤ්ඤාණඤ්චායතන දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට විඤ්ඤාණඤ්චායතන දෙවියන්, විඤ්ඤාණඤ්චායතන දෙවියන් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. විඤ්ඤාණඤ්චායතන දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. විඤ්ඤාණඤ්චායතන දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු විඤ්ඤාණඤ්චායතන දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගේ ස්වභාවය පිළිබඳ ව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියල යි මේ ගැන කියන්න තියෙන්නෙ.

(15)

ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතෝ සඤ්ජානාති. ආකිඤ්චාඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතෝ සඤ්ඤත්වා  ආකිඤ්චඤ්ඤායතනං මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනස්මිං මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනතෝ මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනං මේති මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට ආකිඤ්චඤ්ඤායතන දෙවියන්, ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හැටියට ම මුළාවෙන් හඳුනාගෙන, 

1. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(16)

නේවසඤ්ඤානාසඤ්ඤායතනං නේවසඤ්ඤානාසඤ්ඤායතනතෝ සඤ්ජානාති. නේවසඤ්ඤානාසඤ්ඤායතනං නේවසඤ්ඤානාසඤ්ඤායතනතෝ සඤ්ඤත්වා නේවසඤ්ඤානාසඤ්ඤායතනං මඤ්ඤති. නේවසඤ්ඤානාසඤ්ඤායතනස්මිං මඤ්ඤති. නේවසඤ්ඤානා සඤ්ඤායතනතෝ මඤ්ඤති. නේවසඤ්ඤානාසඤ්ඤායතනං මේති මඤ්ඤති. නේවසඤ්ඤානාසඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ගැන මුළාවෙන් හඳුනගන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ගේ බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්, නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නේ. 

2. නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තුළින් ‘මම කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? නේවසඤ්ඤා÷නාසඤ්ඤායතන දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(17)

දිට්ඨං දිට්ඨතෝ සඤ්ජානාති. දිට්ඨං දිට්ඨතෝ සඤ්ඤත්වා දිට්ඨං මඤ්ඤති. දිට්ඨස්මිං මඤ්ඤති. දිට්ඨතෝ මඤ්ඤති. දිට්ඨං මේති මඤ්ඤති. දිට්ඨං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා තමන් දකින දේවල් ගැන මුළාවෙන් හඳුනගන්නේ ඒ තමන් දකින දේවල්වල බාහිරින් පෙනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට තමන් දකින දේවල්, දකින දේවල් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. දකින දේවල් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නෙ. 

2. දකින දේවල් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. දකින දේවල් තුළින් ‘මම, කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. දකින දේවල් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු දකින දේවල් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? දකින දේවල්වල ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

(18)

සුතං සුතතෝ සඤ්ජානාති. සුතං සුතතෝ සඤ්ඤත්වා සුතං මඤ්ඤති. සුතස්මිං මඤ්ඤති. සුතතෝ මඤ්ඤති. සුතං මේති මඤ්ඤති. සුතං අභිනන්දති. තං කිස්ස හේතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා අසන දේවල් ගැන මුළාවෙන් හඳුනගන්නේ අසන දේවල්වල බාහිරින් දැනෙන ස්වභාවය අනුවයි. මේ විදිහට අසන දේවල්, අසන දේවල් හැටියට මුළාවෙන් හඳුනගෙන, 

1. අසන දේවල් ගැන රැවටෙන විදිහේ හැඟීම් ම යි ඇති කරගන්නෙ. 

2. අසන දේවල් තුළ ‘මම කියල ආත්මයක් තියෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

3. අසන දේවල් තුළින් ‘මම, කියල ආත්මයක් චුත වෙනවා’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

4. අසන දේවල් ‘මගේ’ කියල ම යි ඔහුට හැඟෙන්නෙ. 

5. එතකොට ඔහු අසන දේවල් ‘මම, මගේ, මගේ ආත්මය’ කියල සතුටින් පිළිගන්නවා. 

පින්වත් මහණෙනි, ඇයි එයා එහෙම කරන්නෙ? අසන දේවල්වල ස්වභාවය පිළිබඳව පිරිසිඳ අවබෝධයක් හෙවත් යථාර්ථයෙන් ලත් අවබෝධයක් ඔහු තුළ නැතිකම නිසා කියලයි මේ ගැන කියන්න තියෙන්නෙ.

1  |  2  |  3