මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.3. ධම්මදායාද සුත්තං

1.1.3. ශ්‍රී සද්ධර්මය දායාද කර ගැනීම පිළිබඳව වදාළ දෙසුම.

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි භික්ඛවෝති. භදන්‌තේති තේ භික්‌ඛූ භගවතෝ පච්‌චස්‌සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂූන් වහන්සේලාව ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

ධම්‌මදායාදා මේ භික්ඛවේ භවථ මා ආමිසදායාදා. අත්‌ථි මේ තුම්‌හේසු අනුකම්‌පා.  කින්‌ති මේ සාවකා ධම්‌මදායාදා භවෙය්‍යුං, නෝ ආමිසදායාදාති. තුම්‌හේ ච මේ භික්ඛවේ, ආමිසදායාදා භවෙය්‍යාථ නෝ ධම්‌මදායාදා, තුම්‌හේපි තේන ආදිස්‌සා භවෙය්‍යාථ. ආමිසදායාදා සත්‌ථුසාවකා විහරන්‌ති, නෝ ධම්‌මදායාදා. අහම්‌පි තේන ආදිස්සෝ භවෙය්‍යං. ආමිසදායාදා සත්‌ථුසාවකා විහරන්‌ති. නෝ ධම්‌මදායාදාති. තුම්‌හේ ච මේ භික්ඛවේ, ධම්‌මදායාදා භවෙය්‍යාථ, නෝ ආමිසදායාදා, තුම්‌හේපි තේන න ආදිස්සා භවෙය්‍යාථ. ධම්‌මදායාදා සත්‌ථුසාවකා විහරන්‌ති, නෝ ආමිසදායාදාති. අහම්‌පි තේන න ආදිස්සෝ භවෙය්‍යං. ධම්‌මදායාදා සත්‌ථුසාවකා විහරන්‌ති, නෝ ආමිසදායාදාති. තස්‌මාතිහ මේ භික්ඛවේ, ධම්‌මදායාදා භවථ, මා ආමිසදායාදා. අත්‌ථි මේ තුම්‌හේසු අනුකම්‌පා. කින්‌ති මේ සාවකා ධම්‌මදායාදා භවෙය්‍යුං, නෝ ආමිසදායාදාති.

“පින්වත් මහණෙනි, මා විසින් මනාකොට පවසන ලද මේ සද්ධර්මයේ සැබෑ හිමිකරුවන් වෙන්න! ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට හිමිකරුවන් වෙන්න එපා! මා තුළ ඔබ කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. ‘ඇත්තෙන් ම මාගේ ශ්‍රාවකයන් මේ සද්ධර්මයට ම සැබෑ උරුමක්කාරයන් වෙනවා නම්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට උරුමක්කාරයන් නො වෙනවා නම් කොතරම් හොඳ ද’ කියලා. 

පින්වත් මහණෙනි, ඔබ උරුම කරගන්නේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය නම්, ඔබ සද්ධර්මයේ සැබෑ උරුමක්කාරයන් වෙන්නෙ නැත්නම්, ඒ තුළින් ඔබත් නින්දාවට පත්වෙනවා. එනම් ‘ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය උරුම කරගෙනයි. ඒ උදවියට සද්ධර්මයේ උරුමක්කාරකමක් නැහැ’ කියලා. 

එහෙම වුණෝතින් මට පවා නින්දා විඳින්නට සිදුවෙනවා. ‘ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය විතරයි උරුම කරගෙන ඉන්නේ. ඔවුන්ට සද්ධර්මය උරුම කරගන්න වාසනාවක් නැහැ’ කියලා. 

පින්වත් මහණෙනි, ඇත්තෙන් ම ඔබ, මා විසින් මනාකොට කියා දීපු මේ සද්ධර්ම දායාදය උරුම කරගත්තොත්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය උරුම නොකරගත්තොත්, ඔබටත් ඒ නිසා නින්දා විඳින්නට සිදුවෙන්නේ නෑ. ‘ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ පවා සැබෑ ම උරුමක්කාරයන්ව සිටින්නේ සද්ධර්මයට ම යි. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට නොවේ’ කියල. ඒ හේතුවෙන් මට පවා නින්දා විඳින්නට සිදුවෙන්නෙ නෑ. ‘ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයොත් සැබෑ ම උරුමක්කාරයන්ව සිටින්නේ සද්ධර්මයට ම යි. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට නොවේ’ කියල.

ඒ නිසා පින්වත් මහණෙනි, සද්ධර්මයේ සැබෑ උරුමක්කාරයන් වෙන්න! ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය උරුම කරගන්න එපා! මා තුළ ඔබ කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. ‘ඇත්තෙන් ම මාගේ ශ්‍රාවකයන් මේ සද්ධර්මයට ම සැබෑ උරුමක්කාරයන් වෙනවා නම්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට උරුමක්කාරයන් නොවෙනවා නම් කොතරම් හොඳ ද’ කියල.

ඉධාහං භික්ඛවේ, භුත්‌තාවී අස්‌සං පවාරිතෝ පරිපුණ්‌ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්‌ථෝ සියා ච මේ පිණ්‌ඩපාතෝ අතිරේකධම්‌මෝ ඡඩ්‌ඩියධම්‌මෝ. අථ ද්‌වේ භික්‌ඛූ ආගච්‌ඡෙය්‍යුං ජිඝච්‌ඡාදුබ්‌බල්‍ය පරේතා. ත්‍යාහං ඒවං වදෙය්‍යං. අහං ඛොම්‌හි භික්ඛවේ, භුත්‌තාවී පවාරිතෝ පරිපුණ්‌ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්‌ථෝ. අත්‌ථි ච මේ අයං පිණ්‌ඩපාතෝ අතිරේකධම්‌මෝ ඡඩ්‌ඩියධම්‌මෝ. සචේ ආකංඛථ භුඤ්‌ජථ, ස චේ තුම්‌හේ න භුඤ්‌ජිස්‌සථ, ඉදානාහං අප්‌පහරිතේ වා ඡඩ්‌ඩෙස්‌සාමි, අප්‌පාණකේ වා උදකේ ඕපිලාපෙස්‌සාමීති. 

පින්වත් මහණෙනි, මේ කරුණ ගැන තේරුම් ගත යුත්තේ මෙහෙමයි. මං දන් වළඳා අවසන් වුන වෙලාවක, මං ඇති වනතුරු හොඳට වළඳා, වැළඳීම අවසන් කරලා, වැළඳීම සම්පූර්ණ කරලා, බඩගිනි රහිතව, සම්පූර්ණයෙන් ම සුවපත් වෙලා ඉන්න වෙලාවක් කියලා හිතන්න. මගේ පිණ්ඩපාතයෙන් කොටසක් අහක දමන්න ඉතිරි වෙලත් තිබෙනවා කියල හිතන්න. ඒ වෙලාවෙ භික්ෂූන් දෙනමක් මං සමීපයට එනවා. දෙන්නම කුසගින්නෙන් පීඩාවට පත් වෙලා දුර්වල වෙලා ඉන්නෙ. ඉතින් මං ඒ භික්ෂූන්ට මෙහෙම කියනවා. ‘පින්වත් මහණෙනි, මං ඇති වනතුරු වළඳලා ඉන්නෙ. වැළඳීම අවසන් කරලා, වැළඳීම සම්පූර්ණ කරලා, බඩගිනි රහිත වෙලා, සම්පූර්ණයෙන් ම සුවපත් වෙලයි ඉන්නෙ. මගේ පිණ්ඩපාතයෙන් කොටසකුත් අහක දමන්න ඉතිරි වෙලා තිබෙනවා. ඉතින් ඔබ කැමති නම් වළඳන්න. ඉතින් ඔබ වළඳන්නෙ නැතිනම්, මං මේක තණකොළ රහිත බිමක දානවා. එහෙමත් නැතිනම් පණුවන් රහිත වතුරක පා කර හරිනවා.

තත්‍රේකස්‌ස භික්‌ඛුනෝ ඒවමස්‌ස. භගවා ඛෝ භුත්‌තාවී පවාරිතෝ පරිපුණ්‌ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්‌ථෝ. අත්‌ථි චායං භගවතෝ පිණ්‌ඩපාතෝ අතිරේකධම්‌මෝ ඡඩ්‌ඩියධම්‌මෝ. සචේ මයං න භුඤ්‌ජිස්‌සාම, ඉදානි භගවා අප්‌පහරිතේ වා ඡඩ්‌ඩෙස්‌සති, අප්‌පාණකේ වා උදකේ ඕපිලාපෙස්‌සති. වුත්‌තං ඛෝ පනේතං භගවතා ධම්‌මදායාදා මේ භික්ඛවේ භවථ, මා ආමිසදායාදාති. ආමිසඤ්‌ඤතරං ඛෝ පනේතං,  යදිදං පිණ්‌ඩපාතෝ. යංනූනාහං ඉමං පිණ්‌ඩපාතං අභුඤ්‌ජිත්‌වා ඉමිනාව ජිඝච්‌ඡාදුබ්‌බල්‍යෙන ඒවං ඉමං රත්‌තින්‌දිවං  වීතිනාමෙය්‍යන්‌ති.  සෝ තං පිණ්‌ඩපාතං අභුඤ්‌ජිත්‌වා තේනේව ජිඝච්‌ඡාදුබ්‌බල්‍යෙන. ඒවං තං රත්‌තින්‌දිවං වීතිනාමෙය්‍ය. 

එතකොට ඒ භික්ෂූන්ගෙන් එක භික්ෂුවකට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘භාග්‍යවතුන් වහන්සේත්, ඇති තරම් වළඳලයි වැඩඉන්නෙ. වැළඳීම අවසන් කරලා, වැළඳීම සම්පූර්ණ කරලා, බඩගිනි රහිත වෙලා, සම්පූර්ණයෙන් ම සුවපත් වෙලයි වැඩඉන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ පිණ්ඩපාතයෙන් කොටසක් අහක දමන්න ඉතිරි වෙලත් තියෙනවා. ඉතින් අපි වළඳන්නෙ නැත්නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ දානෙ ටික තණකොළ නැති බිමක දමාවි. එහෙම නැත්නම්, පණුවන් නැති වතුරක පා කර යවාවි’ කියල. 

නමුත් භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහටයි වදාරලා තියෙන්නේ. ‘පින්වත් මහණෙනි, සද්ධර්මයේ සැබෑ උරුමක්කාරයන් වෙන්න. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසය උරුම කරගන්න එපා’ කියලා. ඉතින් මේ පිණ්ඩපාතෙ කියල කියන්නෙත් එක්තරා ආමිසයක්. ඒ නිසා මේ දානෙ ටික වළඳන්නෙ නැතිව, කුසගින්නෙන් ඇති වෙච්ච දුර්වලතාව ඉවසගෙන මං මේ රෑ දවල් දෙක ගෙවන එක තමයි හොඳ. එහෙම හිතලා ඒ භික්ෂුව ඒ දානෙ ටික වළඳන්නෙ නැතිව, කුසගින්නෙන් ඇතිවෙච්ච දුර්වලකමින් ම ඒ රෑ දවල් දෙක ගෙවල දානවා.

අථ දුතියස්‌ස භික්‌ඛුනෝ ඒවමස්‌ස. භගවා ඛෝ භුත්‌තාවී පවාරිතෝ පරිපුණ්‌ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්‌ථෝ. අත්‌ථි චායං භගවතෝ පිණ්‌ඩපාතෝ අතිරේකධම්‌මෝ ඡඩ්‌ඩියධම්‌මෝ. සචේ මයං න භුඤ්‌ජිස්‌සාම, ඉදානි භගවා අප්‌පහරිතේ වා ඡඩ්‌ඩෙස්‌සති, අප්‌පාණකේ වා උදකේ ඕපිලාපෙස්‌සති. යංනූනාහං ඉමං පිණ්‌ඩපාතං භුඤ්‌ජිත්‌වා ජිඝච්‌ඡාදුබ්‌බල්‍යං පටිවිනෙත්‌වා. ඒවං ඉමං රත්‌තින්‌දිවං වීතිනාමෙය්‍යන්‌ති. සෝ තං පිණ්‌ඩපාතං භුඤ්‌ජිත්‌වා ජිඝච්‌ඡාදුබ්‌බල්‍යං පටිවිනෙත්‌වා ඒවං රත්‌තින්‌දිවං වීතිනාමෙය්‍ය. කිඤ්‌චාපි සෝ, භික්ඛවේ, භික්‌ඛු තං පිණ්‌ඩපාතං භුඤ්‌ජිත්‌වා ජිඝච්‌ඡාදුබ්‌බල්‍යං පටිවිනෙත්‌වා ඒවං තං රත්‌තින්‌දිවං වීතිනාමෙය්‍ය, අථ ඛෝ අසුයේව මේ පුරිමෝ භික්‌ඛු පුජ්‌ජතරෝ ච පාසංසතරෝ ච. තං කිස්‌ස හේතු? තඤ්‌හි තස්‌ස, භික්ඛවේ, භික්‌ඛුනෝ දීඝරත්‌තං අප්‌පිච්‌ඡතාය සන්‌තුට්‌ඨියා සල්‌ලේඛාය සුභරතාය විරියාරම්‌භාය සංවත්‌තිස්‌සති. තස්‌මාතිහ භික්ඛවේ, ධම්‌මදායාදා භවථ, මා ආමිසදායාදා. අත්‌ථි මේ තුම්‌හේසු අනුකම්‌පා. කින්‌ති මේ සාවකා ධම්‌මදායාදා භවෙය්‍යුං නෝ ආමිසදායාදාති. 

ඒ වුණාට දෙවෙනි භික්ෂුවට මෙහෙම හිතෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේත් ඇති තරම් වළඳලයි වැඩඉන්නෙ. වැළඳීම අවසන් කරලා, වැළඳීම සම්පූර්ණ කරලා, බඩගිනි රහිත වෙලා, සම්පූර්ණයෙන් ම සුවපත් වෙලයි වැඩඉන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ පිණ්ඩපාතයෙන් කොටසක් අහක දමන්නටත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් අපි වළඳන්නෙ නැත්නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ දානෙ ටික තණකොළ නැති බිමක දමාවි. එහෙම නැත්නම් පණුවන් නැති වතුරක පා කර යවාවි. ඒ නිසා මේ දානෙ ටික මම වළඳන එක තමයි හොඳ. එතකොට බඩගින්නෙන් ඇතිවෙච්ච දුර්වලකම නැතිකරගෙන මේ රෑ දවල් ගෙවා දමන්නට පුළුවනි.’ ඉතින් ඒ භික්ෂුව ඒ දානෙ ටික වළඳල බඩගින්නෙන් ඇතිවෙච්ච දුර්වලකම නැති කරගෙන ඒ රෑ දවල් ගෙවා දමනවා. 

පින්වත් මහණෙනි, දානෙ ටික වළඳලා බඩගින්නෙන් ඇතිවෙච්ච දුර්වලකම නැති කරගෙන ඒ රෑ දවල් ගෙවා දැමූ භික්ෂුවට වඩා, මම ප්‍රශංසා කරන්නෙ අර කලින් භික්ෂුවටයි. එයා තමයි වඩාත්ම පිදිය යුතු කෙනා. වඩාත්ම ප්‍රශංසා ලැබිය යුතු කෙනා. ඇයි මම එහෙම කියන්නෙ? පින්වත් මහණෙනි, ආශාවන් අඩුවෙන්, ලද දෙයින් සතුටු වෙමින්, කෙලෙස් ඉවත් කරමින්, පහසුවෙන් යැපීමටත්, වීර්යය දියුණු කරගැනීමටත් ඒ භික්ෂුවට සෑහෙන කාලෙකට ඒ කාරණය ගොඩාක් උපකාර වෙනවා. 

ඒ නිසා පින්වත් මහණෙනි, මේ සද්ධර්මයේ සැබෑ හිමිකරුවන් වෙන්න! ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට හිමිකරුවන් වෙන්න එපා! මා තුළ ඔබ කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. ‘ඇත්තෙන් ම මාගේ ශ්‍රාවකයන් මේ සද්ධර්මයට ම සැබෑ උරුමක්කාරයන් වෙනවා නම්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට උරුමක්කාරයන් නොවෙනවා නම් කොතරම් හොඳ ද’ කියල.”

ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ උට්‌ඨායාසනා විහාරං පාවිසි. 

භාග්‍යවතුන් වහන්සේ ඔය දේශනය වදාළා. ඊට පස්සේ සුගතයන් වහන්සේ ආසනයෙන් නැගිටලා කුටියට වැඩම කළා. 

තත්‍ර ඛෝ ආයස්‌මා සාරිපුත්‌තෝ අචිරපක්‌කන්‌තස්‌ස භගවතෝ භික්‌ඛූ ආමන්‌තේසි. ආවුසෝ භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස පච්‌චස්‌සෝසුං. ආයස්‌මා සාරිපුත්‌තෝ ඒතදවෝච. 

භාග්‍යවතුන් වහන්සේ කුටියට වැඩම කොට ස්වල්ප වෙලාවකට පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” යි කියල භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂු පිරිස ද “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල පිළිතුරු දුන්නා. එවිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනය වදාළා.

කිත්‌තාවතා නු ඛෝ ආවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌ති, කිත්‌තාවතා ච පන සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌තීති? දූරතෝපි ඛෝ මයං, ආවුසෝ, ආගච්‌ඡෙය්‍යාම ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස සන්‌තිකේ ඒතස්‌ස භාසිතස්‌ස අත්‌ථමඤ්‌ඤාතුං. සාධු වතායස්‌මන්‌තංයේව සාරිපුත්‌තං පටිභාතු ඒතස්‌ස භාසිතස්‌ස අත්‌ථෝ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තීති. තේන හාවුසෝ සුණාථ, සාධුකං මනසි කරෝථ භාසිස්‌සාමීති. ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස පච්‌චස්‌සෝසුං. ආයස්‌මා සාරිපුත්‌තෝ ඒතදවෝච. 

“ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩඉන්න කොට, කොයි කැරුණු නිසා ද ශ්‍රාවක පිරිස ඒ ආකාරයෙන් සදහම් සුවයක් පිණිස හික්මෙන්නේ නැත්තේ? 

ඒ වගේ ම ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩඉන්න කොට, කොයි කරුණු නිසා ද ශ්‍රාවකයන් ඒ සදහම් සුවය පිණිස හික්මෙන්නේ?” 

“ප්‍රිය ආයුෂ්මතුනි, කොතරම් දුරක් ගෙවා ගෙන නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් ළඟට ඔය ප්‍රකාශ කළ කරුණෙහි අර්ථය දැනගන්න අපි එන්න සූදානම්. ඒ නිසා, ඔය පැවසූ කරුණේ තේරුම ආයුෂ්මත් සාරිපුත්තයන්ට ම වැටහෙන සේක්වා! ආයුෂ්මත් සාරිපුත්තයන්ගෙන් අසාගෙන මේ භික්ෂු පිරිස මතක තබාගන්නට කැමතියි.”

“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, මනාකොට සවන් දෙන්න. නුවණින් තේරුම් ගන්න. මා කියා දෙන්නම්. 

“එහෙමයි ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හට පිළිතුරු දුන්නා. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ කරුණ වදාළා.

කිත්‌තාවතා නු ඛෝ, ආවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌ති? ඉධාවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌ති, යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ, තේ ච ධම්‌මේ නප්‌පජහන්‌ති, බාහුලිකා ච හොන්‌ති, සාථලිකා, ඔක්‌කමනේ පුබ්‌බංගමා, පවිවේකේ නික්‌ඛිත්‌තධුරා. තත්‍රාවුසෝ, ථේරා භික්‌ඛූ තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌තීති ඉමිනා පඨමේන ඨානේන ථේරා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ නප්‌පජහන්‌තීති  ඉමිනා දුතියේන ඨානේන ථේරා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. බාහුලිකා ච, සාථලිකා, ඔක්‌කමනේ පුබ්‌බංගමා, පවිවේකේ නික්‌ඛිත්‌තධුරාති ඉමිනා තතියේන ඨානේන ථේරා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. ථේරාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, ශ්‍රාවකයෝ ඒ ආකාර වූ සදහම් සුවයක් පිණිස නොහික්මෙන්නේ කුමන කරුණු මත ද? 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ ශාසනයෙහි අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් විවේකයෙන් වැඩසිටිද්දී ශ්‍රාවකයන් විවේකය පිණිස හික්මෙන්නෙ නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ යම් යම් දේවල් පිළිබඳව ප්‍රහාණය කිරීම ගැන වදාරලා තියෙනවා නම්, ඒ දේවල් ප්‍රහාණය කරන්නේ නෑ. ඔවුන් සිව්පසය ම ගොඩගහගන්නවා. ධර්මයේ වටිනාකම හෑල්ලු කරගන්නවා. චිත්ත දියුණුවට බාධක කරුණු පෙරටු කරගෙන ඉන්නවා. සදහම් සුවයෙන් සිටින එක සිතින් අත්හරිනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න එවිටයි මහ තෙරුන් වහන්සේලාව කරුණු තුනකින් ගර්හාවට ලක්වන්නේ. 

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, මේ මහ තෙරුන් වහන්සේලා සදහම් සුවයක් පිණිස පුහුණු වෙන්නේ නැහැ නොවේ දැ’ යි කියා මේ පළමු කරුණින් මහ තෙරුන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේවල් මනාකොට පෙන්වා දී තිබෙද්දීත්, මේ මහ තෙරුන් වහන්සේලා ඒවා ප්‍රහාණය කරන්නෙ නැහැ නොවේ දැ’ යි කියා මේ දෙවෙනි කරුණිනුත් මහ තෙරුන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

03. ‘මේ උදවිය සිව්පසය ම ගොඩ ගහගන්නවා. ධර්මයේ වටිනාකම හෑල්ලු කරගන්නවා. චිත්ත දියුණුවට බාධක කරුණු පෙරටු කරගෙන ඉන්නවා. සදහම් සුවයෙන් ඉන්න එක සිතින් අත්හැරල දාල ඉන්නවා නොවේ දැ’ යි කියා මේ තුන්වෙනි කරුණිනුත් මහ තෙරුන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට මහ තෙරුන් වහන්සේලා කරුණු තුනකින් ගර්හාවට පත්වෙනවා.

තත්‍රාවුසෝ, මජ්‌ක්‍ධිමා භික්‌ඛූ තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌තීති ඉමිනා පඨමේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ නප්‌පජහන්‌තීති ඉමිනා දුතියේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. බාහුලිකා ච, සාථලිකා, ඔක්‌කමනේ පුබ්‌බංගමා, පවිවේකේ නික්‌ඛිත්‌තධුරාති ඉමිනා තතියේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. මජ්‌ක්‍ධිමාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආකාරයෙන් ම සසුන් ගත වී තරමක කාලයක් ගෙවුන මධ්‍යම භික්ෂූන් ද කරුණු තුනකින් ගර්හාවට පත්වෙනවා.

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, සසුන් ගත වී තරමක කාලයක් ගෙවුන මේ මධ්‍යම භික්ෂූන් වහන්සේලා සදහම් සුවයක් පිණිස පුහුණු වෙන්නේ නැහැ නොවේ දැ’ යි කියා මේ පළමු කරුණින් මධ්‍යම භික්ෂූන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේවල් මනාකොට පෙන්වා දී තිබෙද්දීත්, මේ මධ්‍යම භික්ෂූන් වහන්සේලා ඒවා ප්‍රහාණය කරන්නෙ නැහැ නොවේ දැ’ යි කියා මේ දෙවෙනි කරුණිනුත් මධ්‍යම භික්ෂූන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

03. ‘මේ උදවිය සිව්පසය ම ගොඩ ගහගන්නවා. ධර්මයේ වටිනාකම හෑල්ලු කරගන්නවා. චිත්ත දියුණුවට බාධක කරුණු පෙරටු කරගෙන ඉන්නවා. සදහම් සුවයෙන් ඉන්න එක සිතින් අත්හැරල දාල ඉන්නව නොවේ දැ’ යි කියා මේ තුන්වෙනි කරුණිනුත් මධ්‍යම භික්ෂූන් වහන්සේලා ගර්හාවට ලක්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට මධ්‍යම භික්ෂූන් වහන්සේලා කරුණු තුනකින් ගර්හාවට පත්වෙනවා.

නවා භික්‌ඛූ තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌තීති ඉමිනා පඨමේන ඨානේන නවා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ නප්‌පජහන්‌තීති ඉමිනා දුතියේන ඨානේන නවා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. බාහුලිකා ච සාථලිකා ච, ඔක්‌කමනේ පුබ්‌බංගමා, පවිවේකේ නික්‌ඛිත්‌තධුරාති ඉමිනා තතියේන ඨානේන නවා භික්‌ඛූ ගාරය්‌හා භවන්‌ති. නවාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි ගාරය්‌හා භවන්‌ති.

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආකාරයෙන් ම අලුතින් සසුන් ගත වූ නවක භික්ෂූන් ද කරුණු තුනකින් ගර්හාවට පත්වෙනවා. 

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, මේ නවක පැවිද්දෝ එබඳු වූ සදහම් සුවයක් පිණිස පුහුණු වෙන්නේ නැහැ නොවේ දැ’ යි කියා මේ පළමු කරුණින් නවක පැවිද්දෝ ගර්හාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේවල් මනාකොට පෙන්වා දී තිබෙද්දීත්, මේ නවක පැවිද්දෝ ඒවා ප්‍රහාණය කරන්නෙ නැහැ නොවේ දැ’ යි කියා මේ දෙවෙනි කරුණිනුත් නවක පැවිද්දන් ගර්හාවට ලක්වෙනවා. 

03. ‘මේ උදවිය සිව්පසය ම ගොඩ ගහගන්නවා. ධර්මයේ වටිනාකම හෑල්ලු කරගන්නවා. චිත්ත දියුණුවට බාධක කරුණු පෙරටු කරගෙන ඉන්නවා. සදහම් සුවයෙන් ඉන්න එක සිතින් අත්හැරල දාල ඉන්නවා නොවේ දැ’ යි කියා මේ තුන්වෙනි කරුණිනුත් නවක පැවිද්දන් ගර්හාවට ලක්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට නවක පැවිද්දනුත් කරුණු තුනකින් ගර්හාවට පත්වෙනවා.

එත්‌තාවතාවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකං නානුසික්‌ඛන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, ශ්‍රාවක පැවිද්දෝ එබඳු ම සදහම් සුවයක් පිණිස නොහික්මෙන්නේ ඔන්න ඔය ආකාරයට යි.

කිත්‌තාවතා ච, පනාවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌ති? ඉධාවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌ති යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ පජහන්‌ති. න ච බාහුලිකා හොන්‌ති, න සාථලිකා ඔක්‌කමනේ නික්‌ඛිත්‌තධුරා පවිවේකේ පුබ්‌බංගමා. තත්‍රාවුසෝ, ථේරා භික්‌ඛූ තීහි ඨානේහි පාසංසා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌තීති ඉමිනා පඨමේන ඨානේන ථේරා භික්‌ඛූ පාසංසා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ පජහන්‌තීති ඉමිනා දුතියේන ඨානේන ථේරා භික්‌ඛූ පාසංසා භවන්‌ති. න ච බාහුලිකා, න සාථලිකා ඔක්‌කමනේ නික්‌ඛිත්‌තධුරා පවිවේකේ පුබ්‌බංගමාති ඉමිනා තතියේන ඨානේන ථේරා භික්‌ඛූ පාසංසා භවන්‌ති. ථේරාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි පාසංසා භවන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, ශ්‍රාවකයෝ ඒ ආකාර වූ සදහම් සුවයක් පිණිස පුහුණු වෙන්නේ කුමන කරුණු මත ද? ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, පැවිදි ශ්‍රාවකයන් ද ඒ ආකාර වූ සදහම් සුවයක් පිණිස පුහුණු වෙන්නේ මෙන්න මෙහෙමයි. ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේ ගැන කියල දීල තියෙනවා. ඉතින්, ශ්‍රාවකයෝ ඒවා ප්‍රහාණය කරදමනවා. සිව්පසය ගොඩ ගහගන්නෙ නෑ. ධර්මයේ වටිනාකම හෑල්ලු කරන්නෙ නෑ. චිත්ත දියුණුවට බාධක කරුණු අතහැරල දානවා. සදහම් සුවයෙන් සිටින එක ම පෙරටු කරගන්නවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, එවිට මහ තෙරුන් වහන්සේලාව කරුණු තුනකින් ප්‍රශංසා ලබනවා. 

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, මහ තෙරුන් වහන්සේලාත් එබඳු ම සදහම් සුවයක් පිණිස හික්මෙනවා නොවේ දැ’ යි කියා මේ පළමු ප්‍රශංසාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේ මනාකොට පෙන්වා දීල තියෙනවා, මහ තෙරුන් වහන්සේලාත් ඒවා ප්‍රහාණය කොට වැඩසිටිනවා නොවේ දැ’ යි කියා මේ දෙවෙනි ප්‍රශංසාවට ලක්වෙනවා. 

03. ‘මහ තෙරුන් වහන්සේලා සිව්පසය ගොඩ ගහගන්නෙ නෑ. ධර්මයේ වටිනාකම හෑල්ලු කරන්නෙ නෑ. චිත්ත දියුණුවට බාධක කරුණු අතහැර දාල යි ඉන්නෙ. සදහම් සුවයෙන් සිටීම ම මුල් කරගෙනයි ඉන්නෙ’ කියල මේ තුන්වෙනි ප්‍රශංසාවට පත්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට මහ තෙරුන් වහන්සේලා කරුණු තුනකින් ප්‍රශංසාව ලබනවා.

තත්‍රාවුසෝ මජ්‌ක්‍ධිමා භික්‌ඛූ තීහි ඨානේහි පාසංසා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌තීති ඉමිනා පඨමේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ පාසංසා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ පජහන්‌තීති ඉමිනා දුතියේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ පාසංසා භවන්‌ති. න ච බාහුලිකා, න සාථලිකා ඔක්‌කමනේ නික්‌ඛිත්‌තධුරා පවිවේකේ පුබ්‌බංගමාති ඉමිනා තතියේන ඨානේන මජ්‌ක්‍ධිමා භික්‌ඛූ පාසංසා භවන්‌ති. මජ්‌ක්‍ධිමාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි පාසංසා භවන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආකාරයෙන් ම සසුන් ගත වී තරමක කාලයක් ගෙවුණු මධ්‍යම භික්ෂූන් ද කරුණු තුනකින් ප්‍රශංසා ලබනවා. 

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, සසුන් ගත වී තරමක කාලයක් ගෙවුණු මධ්‍යම භික්ෂූන් වහන්සේලාත් එබඳු ම සදහම් සුවයක් පිණිස හික්මෙනවා නොවේ දැ’ යි කියා මේ පළමු ප්‍රශංසාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේවල් මනාකොට පෙන්වා දීල තියෙනවා, මේ සසුන් ගත වී තරමක කාලයක් ගෙවුණු මධ්‍යම භික්ෂූන් වහන්සේලාත් ඒවා ප්‍රහාණය කොට වැඩසිටිනවා නොවේ දැ’ යි කියා මේ දෙවෙනි ප්‍රශංසාවට ලක්වෙනවා. 

03. ‘සසුන් ගත වී තරමක කාලයක් ගෙවුණු මධ්‍යම භික්ෂූන් වහන්සේලා සිව්පසය ගොඩ ගහගන්නෙ නෑ. ධර්මයේ වටිනාකම හෑල්ලු කරන්නෙ නෑ. චිත්ත දියුණුවට බාධක කරුණු අතහැර දාල යි ඉන්නෙ. සදහම් සුවයෙන් සිටීම ම මුල් කරගෙනයි ඉන්නෙ’ කියල මේ තුන්වෙනි ප්‍රශංසාවට ලක්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට සසුන් ගත වී තරමක කාලයක් ගෙවුණු මධ්‍යම භික්ෂූන් වහන්සේලා කරුණු තුනකින් ප්‍රශංසාවට පත් වෙනවා.

තත්‍රාවුසෝ නවා භික්ඛූ තීහි ඨානේහි පාසංසා භවන්‌ති. සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌තීති. ඉමිනා පඨමේන ඨානේන නවා භික්‌ඛූ පාසංසා භවන්‌ති. යේසඤ්‌ච ධම්‌මානං සත්‌ථා පහානමාහ තේ ච ධම්‌මේ පජහන්‌තීති  ඉමිනා දුතියේන ඨානේන නවා භික්‌ඛූ පාසංසා භවන්‌ති. න ච බාහුලිකා, න සාථලිකා ඔක්‌කමනේ නික්‌ඛිත්‌තධුරා පවිවේකේ පුබ්‌බංගමාති ඉමිනා තතියේන ඨානේන නවා භික්‌ඛූ පාසංසා භවන්‌ති. නවාහාවුසෝ, භික්‌ඛූ ඉමේහි තීහි ඨානේහි පාසංසා භවන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආකාරයෙන් ම අලුතින් සසුන් ගත වුන මේ නවක භික්ෂූන් ද කරුණු තුනකින් ප්‍රශංසාවට ලක්වෙනවා.

01. ‘ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩසිටිද්දී, මේ නවක පැවිද්දන් ද එබඳු ම සදහම් සුවයක් පිණිස හික්මෙනවා නොවේ දැ’ යි කියා මේ පළමු ප්‍රශංසාවට ලක්වෙනවා. 

02. ‘ශාස්තෘන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දේවල් මනාකොට පෙන්වා දීල තියෙනවා, මේ නවක පැවිද්දන් ද ඒවා ප්‍රහාණය කර දමනවා නොවේ දැ’ යි කියා මේ දෙවෙනි ප්‍රශංසාවට ලක්වෙනවා. 

03. ‘මේ නවක පැවිද්දන් ද සිව්පසය ගොඩ ගහගන්නෙ නෑ. ධර්මයේ වටිනාකම හෑල්ලු කරන්නෙ නෑ. චිත්ත දියුණුවට බාධක කරුණු අතහැර දාලයි ඉන්නෙ. සදහම් සුවයෙන් සිටීම ම මුල් කරගෙන යි ඉන්නෙ’ කියල මේ තුන්වෙනි ප්‍රශංසාවට ලක්වෙනවා. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට නවක භික්ෂූන් වහන්සේලා කරුණු තුනකින් ප්‍රශංසාවට පත්වෙනවා.

එත්‌තාවතා ඛෝ, ආවුසෝ, සත්‌ථු පවිවිත්‌තස්‌ස විහරතෝ සාවකා විවේකමනුසික්‌ඛන්‌ති. 

ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ සදහම් සුවයෙන් වැඩ සිටිද්දී, ශ්‍රාවක පැවිද්දන් ද ඒ ආකාර වූ සදහම් සුවයක් පිණිස හික්මෙන්නේ ඔන්න ඔය විදිහට යි.

තත්‍රාවුසෝ, ලෝභෝ ච පාපකෝ දෝසෝ ච පාපකෝ. ලෝභස්‌ස ච පහානාය දෝසස්‌ස ච පහානාය අත්‌ථි මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තති. කතමා ච සා, ආවුසෝ, මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තති? අයමේව අරියෝ අට්‌ඨංගිකෝ මග්‌ගෝ, සෙය්‍යථිදං.  සම්‌මාදිට්‌ඨි සම්‌මාසංකප්‌පෝ සම්‌මාවාචා සම්‌මාකම්‌මන්‌තෝ සම්‌මාආජීවෝ සම්‌මාවායාමෝ සම්‌මාසති සම්‌මාසමාධි. අයං ඛෝ සා ආවුසෝ, මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තති.

ප්‍රිය ආයුෂ්මතුනි, මේ ගැන කියන විට, ලෝභය ද පාපී දෙයකි. ද්වේෂය ද පාපී දෙයකි. මේ ලෝභයත්, ද්වේෂයත් ප්‍රහාණය කිරීම පිණිස යි මේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නෙ. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබාදෙනවා. නුවණ ලබාදෙනවා. සංසිඳීම ලබාදෙනවා. සුවිශේෂ ඤාණය ලබාදෙනවා. ආර්ය සත්‍ය අවබෝධය ලබාදෙනවා. අමා නිවන පිණිස පවතිනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එසේ සදහම් ඇස් ලබාදෙන, නුවණ ලබාදෙන, සංසිඳීම ඇති කරදෙන, විශිෂ්ට ඤාණය ලබාදෙන, ආර්ය සත්‍යාවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවතින, ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ කුමක් ද? ඒ මේ ආර්ය 

අෂ්ටාංගික මාර්ගය ම යි. එනම්; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙය යි. ප්‍රිය ආයුෂ්මතුනි, සදහම් ඇස් ලබාදෙන, නුවණ ලබාදෙන, සංසිඳීම ඇති කරදෙන, විශිෂ්ට ඤාණය ලබාදෙන, ආර්ය සත්‍යාවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවතින්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි.

තත්‍රාවුසෝ, කෝධෝ ච පාපකෝ උපනාහෝ ච පාපකෝ. ....(පෙ).... මක්‌ඛෝ ච පාපකෝ පලාසෝ ච පාපකෝ. ....(පෙ).... ඉස්‌සා ච පාපිකා මච්‌ඡේරඤ්‌ච පාපකං. ....(පෙ).... මායා ච පාපිකා සාඨෙය්‍යඤ්‌ච පාපකං. ....(පෙ).... ථම්‌භෝ ච පාපකෝ සාරම්‌භෝ ච පාපකෝ. ....(පෙ).... මානෝ ච පාපකෝ අතිමානෝ ච පාපකෝ. ....(පෙ).... මදෝ ච පාපකෝ පමාදෝ ච පාපකෝ. මදස්‌ස ච පහානාය පමාදස්‌ස ච පහානාය අත්‌ථි මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තති. කතමා ච ආවුසෝ, මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තති. අයමේව අරියෝ අට්‌ඨංගිකෝ මග්‌ගෝ, සෙය්‍යථිදං. සම්‌මාදිට්‌ඨි සම්‌මාසංකප්‌පෝ සම්‌මාවාචා සම්‌මාකම්‌මන්‌තෝ සම්‌මාආජීවෝ සම්‌මාවායාමෝ සම්‌මාසති සම්‌මාසමාධි. අයං ඛෝ සා, ආවුසෝ, මජ්‌ක්‍ධිමා පටිපදා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්‌ඤාය සම්‌බෝධාය නිබ්‌බානාය සංවත්‌තතීති. 

ප්‍රිය ආයුෂ්මතුනි, මේ ගැන කියන විට, ක්‍රෝධය ද පාපී දෙයකි. බද්ධ වෛරය ද පාපී දෙයකි. ....(පෙ).... ඇති ගුණ මැකීම ද පාපී දෙයකි. එකට එක කිරීම ද පාපී දෙයකි. ....(පෙ).... ඊර්ෂ්‍යාව ද පාපී දෙයකි. තමාගේ දෙයක් තවත් කෙනෙක් පරිහරණය කරනවාට අකමැති වීම නම් වූ මසුරුකම ද පාපී දෙයකි. ....(පෙ).... ගුණවතුන් ලෙස රඟපෑම ද පාපී දෙයකි. කෛරාටිකකම ද පාපී දෙයකි. ....(පෙ).... ධර්මානුකූල අදහසට විරුද්ධව දැඩි මතයක සිටීම ද පාපී දෙයකි. අනුන්ට ඉහළින් පෙනී සිටීමේ අදහස ද පාපී දෙයකි. ....(පෙ).... මාන්නක්කාරකම ද පාපී දෙයකි. මාන්නයෙන් ඉදිමී සිටීම ද පාපී දෙයකි. ....(පෙ).... තමන් ගැන පමණට වඩා සිතට ගැනීම නම් වූ මදය ද පාපී දෙයකි. බාහිර කටයුතුවල යෙදෙමින් ධර්මයේ හැසිරීම ප්‍රමාද කිරීම නම් ප්‍රමාදය ද පාපී දෙයකි. මේ අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස යි මේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නෙ. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබාදෙනවා. නුවණ ලබාදෙනවා. සංසිඳීම ලබාදෙනවා. සුවිශේෂ ඤාණය ලබාදෙනවා. ආර්ය සත්‍ය අවබෝධය ලබාදෙනවා. අමා නිවන පිණිස පවතිනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එසේ සදහම් ඇස් ලබා දෙන, නුවණ ලබාදෙන, සංසිඳීම ඇති කරදෙන, විශිෂ්ට ඤාණය ලබාදෙන, ආර්ය සත්‍යාවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවතින, ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම්; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙය යි. ප්‍රිය ආයුෂ්මතුනි, සදහම් ඇස් ලබාදෙන, නුවණ ලබාදෙන, සංසිඳීම ඇති කරදෙන, විශිෂ්ට ඤාණය ලබා දෙන, ආර්ය සත්‍යාවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවතින්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි.

ඉදමවෝචායස්‌මා සාරිපුත්‌තෝ අත්‌තමනා තේ භික්‌ඛූ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස භාසිතං අභිනන්‌දුන්‌ති. 

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ දේශනාව ඒ භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු සිතින් සාදු නාද දෙමින් පිළිගත්තා.

ධම්‌මදායාදසුත්‌තං නිට්‌ඨිතං.

ශ්‍රී සද්ධර්මය දායාද කරගැනීම පිළිබඳව වදාළ දෙසුම නිමා විය. 

සාදු! සාදු!! සාදු!!!