සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.3. උපනීයති සුත්තං

1.1.3. මරණය කරා යන ජීවිතය ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය.

අථ ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි. 

ඉතින් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

උපනීයති ජීවිතමප්‌පමායු 
ජරූපනීතස්‌ස න සන්‌ති තාණා
ඒතං භයං මරණේ පෙක්‌ඛමානෝ 
පුඤ්‌ඤානි කයිරාථ සුඛාවහානී’ති

“ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නෙ සුළු කාලයයි. ජරාව විසින්, මරණය කරා ගෙන යන සත්වයන්ට  ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභියස ඇති මේ බිය දකින කෙනා සැප සැළසෙන පින්කම්ම යි කරන්න ඕන.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

උපනීයති ජීවිතමප්‌පමායු 
ජරූපනීතස්‌ස න සන්‌ති තාණා
ඒතං භයං මරණේ පෙක්‌ඛමානෝ 
ලෝකාමිසං පජහේ සන්‌තිපෙක්‌ඛෝ’ති

“ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නෙ සුළු කාලයයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභිසය තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කැමැත්තෙන්, ලෝකාමිසය අත්හරින්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!