සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.5. කතිඡින්ද සුත්තං

1.1.5. කීයක් සිඳිය යුතුදැයි වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය.........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

පැත්තකින් සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

කති ඡින්‌දේ කති ජහේ 
කති චුත්‌තරි භාවයේ
කති සං‌ගාතිගෝ භික්‌ඛු 
ඕඝතිණ්‌ණෝ’ති වුච්‌චතී’ති.

“කීයක්ද සිඳින්න තියෙන්නෙ? කීයක්ද අත්හරින්න තියෙන්නෙ? අමුතුවෙන් දියුණු කරගන්න කීයක් තියෙනවාද? සංග කීයක් ඉක්මවා ගිය භික්‍ෂුවටද සැඩපහර තරණය කළා කියන්නෙ?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

පඤ්‌ච ඡින්‌දේ පඤ්‌ච ජහේ 
පඤ්‌ච චුත්‌තරි භාවයේ
පඤ්‌ච සං‌ගාතිගෝ භික්‌ඛු 
ඕඝතිණ්‌ණෝ’ති වුච්‌චතී’ති.

“(සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ යන සංයෝජන) පහක් තමයි සිඳින්න තියෙන්නෙ. (රූප රාග, අරූප රාග, මාන උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන) පහක් තමයි අත්හරින්න තියෙන්නෙ. (සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්‍ද්‍රිය) පහක් තමයි අමුතුවෙන් දියුණු කරගන්න තියෙන්නෙ. (රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන සංග) පහ ඉක්මවා ගිය භික්‍ෂුවටයි සැඩපහර තරණය කළා කියන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!