සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.6. ජාගර සුත්තං

1.1.6. නිදිවැරීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය.........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

පැත්තකින් සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කිව්වා.

කති ජාගරතං සුත්‌තා
කති සුත්‌තේසු ජාගරා
කතීහි රජමාදේති
කතීහි පරිසුජ්‌ඣතී’ති

“කී දෙනෙක් නිදිවරද්දී, කී දෙනෙක් නිදියනවාද? කී දෙනෙක් නිදාගනිද්දී, කී දෙනෙක් නිදිවරනවාද? කෙලෙස් හැදෙන්නෙ කොච්චරකින්ද? පිරිසිදු වෙන්නෙ කොච්චරකින්ද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

පඤ්‌ච ජාගරතං සුත්‌තා
පඤ්‌ච සුත්‌තේසු ජාගරා
පඤ්‌චහි රජමාදේති
පඤ්‌චහි පරිසුජ්‌ඣතී’ති.

“(සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්‍ද්‍රිය ධර්ම) පහක් අවදිව සිටිද්දී, (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ) පහක් නිදාගෙන ඉන්නවා. (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ) පහක් නිදාගෙන ඉන්න කොට, (සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම) පහක් අවදිව ඉන්නවා. (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ) පහක් තුළිනුයි කෙලෙස් හැදෙන්නෙ. (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම) පහක් තුළිනුයි පිරිසිදු වෙන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!