සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.9. න මානකාම සුත්‌තං

1.1.9. මාන්නය අකමැති වීම මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

න මානකාමස්‌ස දමෝ ඉධත්‌ථි 
න මෝනමත්‌ථි අසමාහිතස්‌ස
ඒකෝ අරඤ්‌ඤේ විහරං පමත්‌තෝ 
න මච්‌චුධෙය්‍යස්‌ස තරෙය්‍ය පාරන්‌ති

“මේ ශාසනයේ මාන්නය කැමති කෙනෙකුට නම් දමනය වෙන්න බෑ. සිත අසමාහිත කෙනෙකුට නම් මුනිවරයෙක් වෙන්න බෑ. හුදෙකලාවේ අරණ්‍යයක වාසය කළත් එයා ප්‍රමාදී කෙනෙක් නම්, මාරයාගේ ග්‍රහණයෙන් මිදිලා එතෙර වෙන්නෙ නෑ.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

මානං පහාය සුසමාහිතත්‌තෝ 
සුචේතසෝ සබ්‌බධි විප්‌පමුත්‌තෝ 
ඒකෝ අරඤ්‌ඤේ විහරං අප්පමත්තෝ 
ස මච්‌චුධෙය්‍යස්‌ස තරෙය්‍ය පාරන්‌ති

“(ඇත්ත!) මාන්නය අත්හරින්න ඕන. හිත හොඳට එකඟ කරගන්න ඕන. හැම අකුසලයෙන්ම නිදහස් වන සිතක් ඇති කරගන්න ඕන. හුදෙකලාවේ අරණ්‍යයේ වාසය කරන අප්‍රමාදී කෙනා තමයි මාරයාගේ ග්‍රහණයෙන් මිදිලා එතෙර යන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!