සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.10. අරඤ්‌ඤ සුත්‌තං

1.1.10. අරණ්‍ය මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අරඤ්‌ඤේ විහරන්‌තානං
සන්‌තානං බ්‍රහ්‌මචාරිනං
ඒකභත්‌තං භුඤ්‌ජමානානං
කේන වණ්‌ණෝ පසීදතී’ති

“අරණ්‍යයේ වාසය කරමින්, උදේ වරුවේ විතරක් දන් වළඳන, ශාන්ත විහරණ තියෙන මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙච්චර ලස්සන මොකද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

අතීතං නානුසෝචන්‌ති
නප්‌පජප්‌පන්‌ති’නාගතං
පච්‌චුප්‌පන්‌නේන යාපෙන්‌ති
තේන වණ්‌ණෝ පසීදති

“උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නෙ නෑ. අනාගතේ ගැන ආශාවෙන් පතන්නෙ නෑ. වර්තමානයේ ලැබෙන දේකින් යැපෙනවා. ඒ නිසයි උන්වහන්සේලා එච්චර ලස්සන.”

අනාගතප්‌පජප්‌පාය
අතීතස්‌සානුසෝචනා
ඒතේන බාලා සුස්‌සන්‌ති
නළෝව හරිතෝ ලු‍තෝති.

“අනාගතේ ගැන ආශාවෙන් පත පතා, අතීතය ගැන ශෝක වෙවී, දුක් විඳින බාල ජනයා මැලවිලා යන්නෙ ළපටි උණබට කපලා අව්වේ දැම්මා වගේ.”

සාදු! සාදු!! සාදු!!!