සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.1. ඕඝතරණ සුත්තං

1.1.1. සසර සැඩ පහර තරණය කිරීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමි, උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්‌තං ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා රැය පහන් වෙද්දී එක්තරා දෙවි කෙනෙක් මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. 

කථං නු ත්‌වං මාරිස, ඕඝමතරීති? 

“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ මේ සසර සැඩ පහර තරණය කළේ කොහොමද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) 

අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං ආවුසෝ අනායූහං ඕඝමතරින්‌ති.

“ප්‍රිය ආයුෂ්මත, මං පිහිටල හිටියෙත් නෑ. මං උත්සාහ කළෙත් නෑ. අන්න ඒ විදිහටයි සසර සැඩපහර තරණය කළේ.”

(දේවතා);
(දෙවියා) 

යථා කථං පන ත්‌වං මාරිස අප්‌පතිට්‌ඨං අනායූහං ඕඝමතරීති? 

“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ පිහිටා සිටින්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව, සසර සැඩපහර තරණය කළේ කොහොමද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) 

යදා ස්‌වාහං ආවුසෝ සන්‌තිට්‌ඨාමි. තදාස්‌සු සංසීදාමි. යදා ස්‌වාහං ආවුසෝ ආයූහාමි තදාස්‌සු නිබ්‌බුය්‌හාමි. ඒවං ඛ්‌වාහං ආවුසෝ අප්‌පතිට්‌ඨං අනායූහං ඕඝමතරින්‌ති.

“ප්‍රිය ආයුෂ්මත, යම් විටෙක මං පිහිටා සිටින්න හැදුවොත්, එතකොට මාව ගිලෙනවා. (මෙහි තේරුම කාමසුඛල්ලිකානුයෝගයේ පිහිටා නොසිටිය යුතු බවයි.) ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, මං යම් වෙලාවක උත්සාහ කරන්න ගියොත්, එතකොට මාව උඩට මතුවෙනවා විතරයි. (මෙහි තේරුම අත්තකිලමථානුයෝගය අත්හළ යුතු බවයි.) ඔය විදිහට ප්‍රිය ආයුෂ්මත, මං පිහිටන්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව සසර සැඩපහර තරණය කළා.” 

(දේවතා);
(දෙවියා)

චිරස්‌සං වත පස්‌සාමි බ්‍රාහ්‌මණං පරිනිබ්‌බුතං
අප්‌පතිට්‌ඨං අනායූහං තිණ්‌ණං ලෝකේ විසත්‌තිකං

“හා! පිහිටන්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව මේ ලෝකයේ විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙන් එතෙර වුන, පිරිනිවුන, ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් කලාතුරකින් මට දැකගන්න ලැබුනේ.”

ඉදමවෝච සා දේවතා. සමනුඤ්‌ඤෝ සත්‌ථා අහෝසි. අථ ඛෝ සා දේවතා ‘සමනුඤ්‌ඤෝ මේ සත්‌ථා’ති භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායී’ති.

ඒ දෙවියා ඔය විදිහට කිව්වා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එතකොට ඒ දෙවියා ‘ශාස්තෘන් වහන්සේ මාගේ අදහස අනුමත කොට වදාළ සේකැ’යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!