මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.7. වත්ථූපම සුත්තං

1.1.7. ඇඳුමක් උපමාවට ගෙන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි. භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ.

සෙය්‍යථාපි, භික්ඛවේ, වත්ථං සංඛිලිට්ඨං මලග්ගහිතං. තමේනං රජඛෝ යස්මිං යස්මිං රංගජාතේ උපසංහරෙය්‍ය. යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මඤ්ජෙට්ඨකාය දුරත්තවණ්ණමේවස්ස අපරිසුද්ධවණ්ණමේවස්ස. තං කිස්ස හේතු? අපරිසුද්ධත්තා, භික්ඛවේ, වත්ථස්ස. ඒවමේව ඛෝ, භික්ඛවේ, චිත්තේ සංකිලිට්ඨේ, දුග්ගති පාටිකංඛා. 

“පින්වත් මහණෙනි, කිලුටු වෙලා, අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඉතින් රෙදිවලට සායම් පොවන කෙනෙක් හිතනවා ඒ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා. එහෙම හිතලා නිල් පාට හරි, කහ පාට හරි, රතුපාට හරි, මදටිය පාට හරි සායම් තියෙන භාජනයක ඒ ඇඳුම දානවා. ඇත්තෙන් ම ඒ ඇඳුමට ලස්සනට සායම් අල්ලන්නේ නෑ. අවලස්සන පාටක් ම යි ඇතිවෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ?

පින්වත් මහණෙනි, ඒක එහෙම වෙන්නෙ ඒ ඇඳුම අපිරිසිදු එකක් නිසා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහම යි සිතක් වුනත් කිලුටු වෙලා ගියොත් කැමති වෙන්න තියෙන්නේ දුගතියේ උපතක් ම තමයි.

සෙය්‍යථාපි, භික්ඛවේ, වත්ථං පරිසුද්ධං පරියෝදාතං. තමේනං රජඛෝ යස්මිං යස්මිං රංගජාතේ උපසංහරෙය්‍ය. යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මඤ්ජෙට්ඨකාය. සුරත්තවණ්ණමේවස්ස පරිසුද්ධවණ්ණමේවස්ස. තං කිස්ස හේතු? පරිසුද්ධත්තා, භික්ඛවේ, වත්ථස්ස. ඒවමේව ඛෝ, භික්ඛවේ, චිත්තේ අසංකිලිට්ඨේ, සුගති පාටිකංඛා. 

පින්වත් මහණෙනි, හොඳ පිරිසිදුවට බබලන ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඉතින් රෙදි වලට සායම් පොවන කෙනෙක් හිතනවා ඒ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා. එහෙම හිතල නිල් පාට හරි, කහ පාට හරි, රතුපාට හරි, මදටිය පාට හරි සායම් තියෙන භාජනයකට ඒ ඇඳුම දානවා. එතකොට ඒ ඇඳුමට හොඳට සායම් අල්ලනවා. ලස්සනට පාට වෙනවා. පිරිසිදු පාටකට හැරෙනවා. ඇයි එහෙම වෙන්නෙ?

පින්වත් මහණෙනි, ඒක එහෙම වෙන්නෙ, ඒ ඇඳුම පිරිසිදු එකක් නිසා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහට ම යි සිතක් වුනත් කිලුටු වෙලා නැත්නම් කැමති වෙන්න තියෙන්නෙ සැප තියෙන ලෝකයක ඉපදීමක් තමයි.

කතමේ ච, භික්ඛවේ, චිත්තස්ස උපක්කිලේසා? අභිජ්ඣාවිසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ, බ්‍යාපාදෝ  චිත්තස්ස උපක්කිලේසෝ, කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ, උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ, මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝ, පළාසෝ චිත්තස්ස උපක්කිලේසෝ, ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ, මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝ, මායා චිත්තස්ස උපක්කිලේසෝ, සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ, ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ, සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ, මානෝ චිත්තස්ස උපක්කිලේසෝ, අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝ, මදෝ චිත්තස්ස උපක්කිලේසෝ, පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝ. 

පින්වත් මහණෙනි, මොනවයින් ද සිතක් කිලුටු වෙන්නෙ? තමන් සතු දේ තමා ළඟම තබා ගන්නටත්, අනුන් සතු දේ තමන් සතු කරගන්නටත් ලෝභකම ඇතිවෙනවා. අන්න ඒක සිතට කිලුටක්. ද්වේෂය ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ක්‍රෝධය ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. වෛර බැඳගැනීම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. අනුන්ගේ ගුණවත්කම මතුවෙද්දී එය යටපත් කොට මකලා දානවා. අන්න ඒකත් සිතට කිලුටක්. එකට එක කරනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ඉරිසියාව ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට අකැමති මසුරුකම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. කපටිකම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. තරඟයට වැඩකරනවා. අන්න ඒකත් සිතට කිලුටක්. අහංකාරකමින් ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. අධික අහංකාරකමින් ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. හිතට අරගෙන ඉදිමිලා ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. බාහිර කටයුතු පෙරට ගෙන ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. අන්න ඒකත් සිතට කිලුටක්.

ස ඛෝ සෝ, භික්ඛවේ, භික්ඛු අභිජ්ඣාවිසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලෝභං චිත්තස්ස උපක්කිලේසං පජහති. බ්‍යාපාදෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා බ්‍යාපාදං චිත්තස්ස උපක්කිලේසං පජහති. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා කෝධං චිත්තස්ස උපක්කිලේසං පජහති. උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්කිලේසං පජහති. මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්කිලේසං පජහති. පළාසෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා පළාසං චිත්තස්ස උපක්කිලේසං පජහති. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්කිලේසං පජහති. මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසං පජහති. මායා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මායං චිත්තස්ස උපක්කිලේසං පජහති. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසං පජහති. ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ථම්භං චිත්තස්ස උපක්කිලේසං පජහති. සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්කිලේසං පජහති. මානෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්කිලේසං පජහති. අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්කිලේසං පජහති. මදෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්කිලේසං පජහති. පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්කිලේසං පජහති. 

පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තමන් සතු දේ ගැනත්, අනුන් සතු දේ ගැනත් ඇතිවෙන ලෝභකම නම් වූ අභිජ්ඣා විෂම ලෝභය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අභිජ්ඣා විෂම ලෝභය අත්හරිනවා. ද්වේෂය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ව්‍යාපාදය අත්හරිනවා. ක්‍රෝධය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ක්‍රෝධය අත්හරිනවා. වෛර බැඳ ගැනීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ බද්ධ වෛරය අත්හරිනවා. ගුණමකුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ගුණමකුකම අත්හරිනවා. එකට එක කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ එකට එක කිරීම අත්හරිනවා. ඉරිසියාව සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ඉරිසියාව අත්හරිනවා. මසුරුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ මසුරුකම අත්හරිනවා. නැති ගුණ පෙන්වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ නැති ගුණ පෙන්වීම අත්හරිනවා. කපටිකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ කපටිකම අත්හරිනවා. සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව සිටීම අත්හරිනවා. තරඟයට වැඩ කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ තරඟයට වැඩ කිරීම අත්හරිනවා. අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අහංකාරකම අත්හරිනවා. අධික අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අධික අහංකාරකම අත්හරිනවා. හිතට අරගෙන ඉදිමී සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ හිතට අරගෙන ඉදිමී සිටීම අත්හරිනවා. ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ප්‍රමාදය අත්හරිනවා.

යතෝ ච ඛෝ භික්ඛවේ, භික්ඛුනෝ අභිජ්ඣාවිසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති, බ්‍යාපාදෝ  චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා බ්‍යාපාදෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. පළාසෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා පළාසෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. මායා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මායා චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. මානෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මානෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. මදෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා මදෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ හෝති. 

පින්වත් මහණෙනි, ඒ භික්ෂුව යම් දවසක තමන් සතු දේ ගැනත්, අනුන් සතු දේ ගැනත් ඇතිවෙන ලෝභකම නම් වූ අභිජ්ඣා විෂම ලෝභය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අභිජ්ඣා විෂම ලෝභය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ද්වේෂය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ව්‍යාපාදය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ක්‍රෝධය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ක්‍රෝධය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, වෛර බැඳ ගැනීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ බද්ධ වෛරය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ගුණමකුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ගුණමකුකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, එකට එක කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ එකට එක කිරීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ඉරිසියාව සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ඉරිසියාව සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, මසුරුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ මසුරුකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, නැති ගුණ පෙන්වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ නැති ගුණ පෙන්වීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, කපටිකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ කපටිකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, තරඟයට වැඩ කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ තරඟයට වැඩ කිරීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අහංකාරකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, අධික අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අධික අහංකාරකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, හිතට අරගෙන ඉදිමී සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ හිතට අරගෙන ඉදිමී සිටීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ප්‍රමාදය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්,

සෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. 

අන්න ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියල අවබෝධයෙන් ම හඳුනාගෙන උන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. “ඒ අප ගේ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති පරම පිවිතුරු සිත් ඇති කෙනෙක් වන සේක (අරහං). බාහිර උපකාරයකින් තොරව තම බුද්ධි මහිමයෙන් ම චතුරාර්ය සත්‍යාවබෝධය ලබාගත් කෙනෙක් වන සේක (සම්මා සම්බුද්ධෝ). ඉතා පිරිසිදු අවබෝධ ඤාණයෙනුත්, ඊට අනුකූල ජීවිත පැවැත්මෙනුත් යුක්ත කෙනෙක් වන සේක (විජ්ජා චරණ සම්පන්නෝ). සුන්දර නිවන් මග සොයා ගෙන ඒ සුන්දර නිවනට පැමිණි කෙනෙක් වන සේක (සුගතෝ). සකල ලෝක ධාතුව ම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනෙක් වන සේක (ලෝකවිදූ). දෙව් මිනිසුන් දමනය කිරීමෙහි අතිශයින් ම දක්ෂ කෙනෙක් වන සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී). දෙවි මිනිස් ප්‍රජාවට නිවැරදි නායකත්වය සපයන කෙනෙක් වන සේක (සත්ථා දේවමනුස්සානං). අවබෝධ කරගත් සද්ධර්මය අන්‍යන්ට ද අවබෝධ කරවන කෙනෙක් වන සේක (බුද්ධෝ). මේ සියලු ගුණ දැරීමට භාග්‍යය ඇති කෙනෙක් වන සේක (භගවා)” කියල.

ඒ වගේ ම “සද්ධර්මය” කියන්නේ මොකක් ද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන සද්ධර්මය ගැනත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. “අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මුල, මැද, අග ඉතා ම යහපත් විදිහට, ඉතා ම අර්ථවත්ව, පැහැදිලි වචන වලින් පරිපූර්ණ නිවන් මග පෙන්වා වදාළ නිසා මේ සද්ධර්මය ‘ස්වාක්ඛාත’ යි. මේ ජීවිතයේ දී ම අවබෝධ කරගන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘සන්දිට්ඨික’ යි. ඕනෑ ම කාලයක දී අවබෝධ කරගන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘අකාලික’ යි. ඇවිත් අවබෝධ කරගන්න කියල පෙන්වා දෙන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘ඒහිපස්සික’ යි. තමා තුළින් ම අවබෝධ කර ගත යුතු නිසා මේ සද්ධර්මය ‘ඕපනයික’ යි. බුද්ධිමත් උදවිය වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගත යුතු දෙයක් නිසා මේ සද්ධර්මය ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ ගුණයෙන් යුක්තයි කියල. 

ඒ වගේ ම භික්ෂුව ශ්‍රාවක සංඝරත්නය කියන්නෙ කවුද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන “ශ්‍රාවක සංඝරත්නය” ගැනත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන රාග, ද්වේෂ, මෝහ දුරුකරන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා ‘සුපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සඟරුවන සෘජු මාර්ගය වන ආර්ය 

අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා ‘උජුපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රවක සඟරුවන චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන ප්‍රතිපදාවකින් යුක්ත නිසා ‘ඤායපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒ නිවන් මග අන්‍යන්ටත් කියා දෙන නිසා ‘සාමීචිපටිපන්න’ යි. යුගල වශයෙන් ශ්‍රාවකයන් හතරකුත්, පුද්ගලයන් වශයෙන් ශ්‍රාවකයන් අට දෙනෙකුත් දකින්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට රැගෙන ආ දන් පැන් ලැබීමට සුදුසු වූ ‘ආහුනෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. ආගන්තුක සත්කාර ලැබීමට සුදුසු වූ ‘පාහුනෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. පින් ලබා ගැනීම පිණිස දන් පැන් පිදීමට සුදුසු වූ ‘දක්ඛිණෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. වැඳුම්-පිඳුම් ලැබීමට සුදුසු වූ ‘අඤ්ජලිකරණීය’ ගුණයෙන් යුක්තයි. ලෝකයේ උතුම් පින් කෙත වන නිසා ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස’ වන සේක කියලා.

යතෝපි ඛෝ පනස්ස වත්තං හෝති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, සෝ බුද්ධේ  අවෙච්චප්පසාදේන සමන්නාගතෝම්හීති ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝම්හීති ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝම්හීති ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. යතෝපි ඛෝ පන මේ වත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨන්ති ලභති අත්ථවේදං, ලභති ධම්මවේදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. 

ඉතින් පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියට යම් දවසක ආර්ය ශ්‍රාවකයා ගේ සිතින්, සිත කිලුටු කරන දේවල් බැහැර වුනොත්, වමනෙ දැම්මා වගේ වුනොත්, ඒවායින් නිදහස් වෙලා ගියොත්, දුරු වෙලා ගියොත්, එතකොට ඒ භික්ෂුව, “අනේ! මාත් බුදු සමිඳාණන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ. 

ඒ වගේ ම “අනේ! මාත් ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ. 

ඒ වගේ ම “අනේ! මාත් ශ්‍රාවක සඟරුවන කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ. 

ඒ වගේ ම ඒ භික්ෂුව “අනේ! මගේ හිතෙත් කිලුටු තිබුනා. ඒත් දැන් ඒ කිලුටු ඔක්කොම සිතෙන් බැහැර වුනා. වමනෙ ගියා වගෙ වුනා. නැති වෙලා ගියා. දුරු වෙලා ගියා නේද” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ.

ස ඛෝ සෝ, භික්ඛවේ, භික්ඛු ඒවංසීලෝ ඒවංධම්මෝ ඒවංපඤ්ඤෝ සාලීනං චේපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනේකසූපං අනේකබ්‍යඤ්ජනං, නේවස්ස නං හෝති අන්තරායාය. සෙය්‍යථාපි, භික්ඛවේ, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං අච්ඡෝදකං ආගම්ම පරිසුද්ධං හෝති පරියෝදාතං, උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං පරිසුද්ධං හෝති පරියෝදාතං, ඒවමේව ඛෝ, භික්ඛවේ, භික්ඛු ඒවංසීලෝ ඒවංධම්මෝ ඒවංපඤ්ඤෝ සාලීනඤ්චේපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනේකසූපං අනේකබ්‍යඤ්ජනං, නේවස්ස නං හෝති අන්තරායාය. 

පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඔය විදිහේ සීලයකිනුත්, ඔය විදිහේ සමාධියකිනුත්, ඔය විදිහේ ප්‍රඥාවකිනුත් යුක්තව ඉන්න කොට, කොයිතරම් රසවත්, සූප ව්‍යංජන පිරුන ඇල් හාලේ බතක් වැළඳුවත් ඒක ඒ භික්ෂුවගෙ නිවන් මගට අන්තරායක් වෙන්නෙ නෑ.

පින්වත් මහණෙනි, කිලුටු වෙලා අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඒ ඇඳුම හොඳ පිරිසිදු වතුරෙන් සේදුවා ම පිරිසිදුව බබලන්නට පටන් ගන්නවා. ඒ වගේ ම කෝවක දාලා හොඳ හැටියට පිරිසිදු කරගත්තු රත්තරන් හරි ම ලස්සනට බබලනවා. පින්වත් මහණෙනි, දැන් ඉතින් භික්ෂුවත් ඒ වගේ තමයි. ඒ භික්ෂුවත් ඔය විදිහේ සීලයකිනුත්, ඔය විදිහේ සමාධියකිනුත්, ඔය විදිහේ ප්‍රඥාවකිනුත් යුක්තව ඉන්න කොට, කොයිතරම් රසවත්, සූප ව්‍යංජන පිරුන ඇල් හාලේ බතක් වැළඳුවත් ඒක ඒ භික්ෂුවගෙ නිවන් මගට අන්තරායක් නම් වෙන්නෙ නෑ.

සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමදෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති. කරුණාසහගතේන චේතසා ....(පෙ).... මුදිතාසහගතේන චේතසා ....(පෙ).... උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමදෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති. 

ඉතින් ඒ භික්ෂුව එක දිශාවක් පුරා ම මෛත්‍රී සහගත සිතුවිලි පතුරුවනවා. ඒ විදිහට ම දෙවෙනි, තුන්වැනි, හතරවැනි  දිසාවන්ට ත් පතුරුවනවා. ඒ වගේ ම උඩ-යට-හරහට හැම දිශාවකට ම, සකල ලෝකයට ම මෛත්‍රී සිතුවිලි බහුල වශයෙන් පතුරුවනවා. සමාධිමත් සිතකින් යුක්තව ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති, මෙත් සිතුවිලි පතුරුවනවා. ඒ වගේ ම කරුණාබර සිතුවිලි පතුරුවනවා. ....(පෙ).... අනුන්ගෙ දියුණුව දැක දැක සතුටු වන මුදිතා සිතුවිලි පතුරුවනවා. ....(පෙ).... උපේක්ෂා සිතුවිලි පතුරුවනවා. ඒ වගේ ම දෙවෙනි, තුන්වැනි, හතරවැනි දිශාවන්ටත් පතුරුවනවා. ඒ වගේ ම උඩ-යට-හරහට හැම දිශාවට ම, සකල ලෝකයට ම උපේක්ෂා සිතුවිලි බහුල වශයෙන් පතුරුවනවා. සමාධිමත් සිතකින් යුක්තව ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති උපේක්ෂා සිතුවිලි පතුරුවනවා.

සෝ අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණන්ති පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති, භික්ඛවේ, භික්ඛු සිනාතෝ අන්තරේන සිනානේනාති. 

ඒ භික්ෂුව අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම. ‘මේ තියෙන්නේ දුකක්’ ය කියලා. ‘මේ ලාමක වූ දුක හටගන්නෙ මෙහෙම යි’ කියලා. ‘උතුම් වූ බ්‍රහ්ම විහාර භාවනාවත් තියෙනවා’ කියලා. ‘ඒ බ්‍රහ්මවිහාර සඤ්ඤාවට වඩා උතුම් වූ අමා නිවනකුත් තියෙනවා’ කියලා. මේ විදිහට දැනගන්න කොට, මේ විදිහට දැකගන්න කොට ඒ භික්ෂුවගේ හිත කාම ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. සියලු ආශ්‍රවයන්ගෙන් ම සිත නිදහස් වෙලා ගියා ම, ‘තමන් සියලු දුකින් නිදහස් වුනා!’ කියල අවබෝධ වෙනවා. ‘ඉපදීම නැති වුනා! නිවන් මග සම්පූර්ණ කරගත්තා! කළ යුතු දේ කළා! ආයෙත් නම් මට ඉපදීමක් නැහැ!’ කියල අවබෝධ වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවටයි කියන්නේ “ජීවිතේ ඇතුළෙ තියෙන වතුරින් හොඳ හැටි නා ගත්තු කෙනා” කියලා.

තේන ඛෝ පන සමයේන සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති. අථ ඛෝ සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච. ගච්ඡති පන භවං ගෝතමෝ බාහුකං නදිං සිනායිතුන්ති? 

එතකොට, ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා වාඩිවෙලා හිටියා. ඉතින් ඒ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ඒත් භාග්‍යවතුන් වහන්සේ පවා ‘බාහුකා’ කියන ගංගාවෙන් පැන් පහසුවෙන්නට වඩිනවා නේද?”

කිං, බ්‍රාහ්මණ, බාහුකාය නදියා? කිං බාහුකා නදී කරිස්සතීති? ලෝඛ්‍යසම්මතා හි භෝ ගෝතම, බාහුකා නදී බහුජනස්ස, පුඤ්ඤසම්මතා හි, භෝ ගෝතම,  බාහුකා නදී බහුජනස්ස, බාහුකාය ච පන නදියා බහුජනෝ පාපකං කතං කම්මං පවාහේතීති. 

“පින්වත් බ්‍රාහ්මණය, ඔය බාහුකා ගංගාව මොකක් ද? බාහුකා ගංගාවෙන් මොකක් ද කරන්නට පුළුවන්?”

“පින්වත් ගෞතමයන් වහන්ස, බාහුකා ගංගාව ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ පුණ්‍ය තොටුපොළක් හැටියටයි. පින්වත් ගෞතමයන් වහන්ස, ඔය බාහුකා ගංගාව පින් තොටුපොළක් හැටියට බොහෝ දෙනෙක් සම්මත කරගෙනත් ඉන්නවා. බොහෝ දෙනෙක් ඔය බාහුකා ගංගාවේ ගිලිලා නාලා පව් හෝදලත් දානවා.” 

අථ ඛෝ භගවා සුන්දරිකභාරද්වාජං බ්‍රාහ්මණං ගාථාහි අජ්ඣභාසි.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට මේ ගාථාවන් වදාළා.

බාහුකං අධිකක්කඤ්ච, ගයං සුන්දරිකාමපි, 
සරස්සතිං පයාගඤ්ච, අථෝ බාහුමතිං නදිං. 

බාහුකා ගංගාව, අධිකක්ක තීර්ථය, ගයා තීර්ථය, සුන්දරිකා ගංගාව, සරස්වතී ගංගාව, ප්‍රයාග තීර්ථය, බාහුමතී නදිය ආදී තැන් තියෙනවා තමයි.

නිච්චම්පි බාලෝ පක්ඛන්නෝ කණ්හකම්මෝ න සුජ්ඣති, 
කිං සුන්දරිකා කරිස්සති, කිං පයාගෝ කිං බාහුකා නදී, 
වේරිං කතකිබ්බිසං නරං, න හි නං සෝධයේ පාපකම්මිනං.

පව් කරන අඥාන උදවිය ඔය වතුරකට හැම තිස්සේ ම බැහැගෙන හිටියත් පිරිසිදු වෙන්නෙ නම් නෑ. එබඳු කෙනෙකුට ඔය සුන්දරිකා ගඟ කුමක් කරන්න ද? ප්‍රයාග තීර්ථය කුමක් කරන්න ද? බාහුකා නදිය කුමක් කරන්න ද? වෛර කරන, නපුරුකම් කරන, පව්කම් කරන ඒ අඥානයාව පිරිසිදු කරන්නට ඔය වතුරට බැහැ.

සුද්ධස්ස වේ සදා ඵග්ගු, සුද්ධස්සුපෝසථෝ සදා, 
සුද්ධස්ස සුචිකම්මස්ස, සදා සම්පජ්ජතේ වතං, 
ඉධේව සිනාහි බ්‍රාහ්මණ, සබ්බභූතේසු කරෝහි ඛේමතං. 

කෙලෙස් රහිත පිරිසිදු කෙනාට හැම තිස්සෙම සුභ නැකත ම යි ලබලා තියෙන්නෙ. ඔහු ගේ ජීවිතේ හැමදාම පිරිසිදු පොහොය දවස වගෙයි. පිරිසිදු ජීවිතයක් ඇති කෙනාට තමන්ගේ පිරිසිදු ක්‍රියා කලාපය නිසා, පිරිසිදු පිළිවෙත් නිසා හැමදාම දියුණුවක් තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, මෙතනදී ම අන්න ඒ වතුර ටික නාගන්න. සියලු සතුන් කෙරෙහි මෙත් පතුරන්න.

සචේ මුසා න භණසි, සචේ පාණං න හිංසසි, 
සචේ අදින්නං නාදියසි, සද්දහානෝ අමච්ඡරී, 
කිං කාහසි ගයං ගන්ත්වා, උදපානෝපි තේ ගයාති. 

ඉදින් බොරු කියන්නෙ නැත්නම්, ඉදින් ප්‍රාණීන්ට හිංසා කරන්නෙ නැත්නම්, ඉදින් හොරකම් කරන්නෙ නැත්නම්, ශ්‍රද්ධාවත් තියෙනවා නම්, තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරන කොට සතුටු වෙනවා නම්, ගයා තීර්ථයට ගිහින් කුමක් කරන්න ද? එතකොට ඔබේ නිවසේ තියෙන ළිඳ වුනත් ගයාවක් තමයි.”

ඒවං වුත්තේ, සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච. අභික්කන්තං, භෝ ගෝතම, අභික්කන්තං, භෝ ගෝතම! සෙය්‍යථාපි, භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය. චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තීති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාහං භෝතෝ ගෝතමස්ස සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්ති. 

එතකොට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා.

“පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, මේ ගැන මට මේ විදිහටයි හිතෙන්නෙ.

යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින ඇස් ඇති උදවියට රූප දකින්න තෙල් පහන් දැල්වුවා වගෙයි. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි වෙන්න තියෙනවා නම්, උපසම්පදා වෙන්න තියෙනවා නම් කොයිතරම් හොඳ ද?

අලත්ථ ඛෝ සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නෝ ඛෝ පනායස්මා භාරද්වාජෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව. යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේවධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ඛෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති. 

ඉතින් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදා වුනා. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ උපසම්පදා වෙලා ටික දවසකින් හුදෙකලා වුනා. පිරිසෙන් වෙන් වුනා. අප්‍රමාදී වුනා. බලවත්ව වීරිය ඇති කරගත්තා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙන කොට ඉතා සුළු කලකින් අරහත්වයට පත්වුනා. යම් පින්වත් කෙනෙක් ගිහි ගෙයින් වෙන් වෙලා මේ ශාසනයේ යහපත් මහණ ජීවිතේ ලබාගන්නෙ උතුම් අදහසක් ඇතිවයි. අන්න ඒ නිවන් මග සම්පූර්ණ කරගෙන මේ ජීවිතේ දී ම තම නුවණින් උතුම් අරහත්වයට පත්වෙලා වාසය කරන්න ඒ භික්ෂුවටත් පුළුවන් වුනා. ‘ඉපදීම නැති වුනා! නිවන් මග සම්පූර්ණ කරගත්තා! කළ යුත්ත කළා! නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත’ කියල අවබෝධ වුනා. දැන් ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේත් රහතන් වහන්සේලා අතර කෙනෙක්!

වත්ථූපමසුත්තං සත්තමං.

ඇඳුමක් උපමා කරගෙන වදාළ දෙසුම නිමා විය. 

සාදු! සාදු!! සාදු!!!