සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.2.3. නත්ථිපුත්තසම සුත්තං

1.2.3. ‘දරුවන්ට සමාන දෙයක් නැතැ’යි වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

නත්‌ථි පුත්‌තසමං පේමං නත්‌ථි ගෝසමිතං ධනං
නත්‌ථි සුරියසමා ආභා සමුද්‌දපරමා සරාති

“දරු සෙනෙහසට සම කරන්න තරම් වෙන ආදරයක් නෑ. ගව සම්පතට සමාන වෙන ධනයක් නෑ. හිරු එළියට සමාන වෙන එළියක් නෑ. මහ සයුරට සමාන වෙන විලකුත් නෑ.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

නත්‌ථි අත්‌තසමං පේමං නත්‌ථි ධඤ්‌ඤසමං ධනං
නත්‌ථි පඤ්‌ඤාසමා ආභා වුට්‌ඨි වේ පරමා සරාති

“තමන්ට ආදරය කිරීම හා සමාන වෙන ආදරයක් නෑ. ධාන්‍යවලට සමාන වෙන ධනයක් නෑ. ප්‍රඥාවට සමාන වෙන එළියක් නෑ. ඇත්තෙන්ම වැස්සට සමාන විලකුත් නෑ.”

සාදු! සාදු!! සාදු!!!