සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.2.7. දුක්කර සුත්තං

1.2.7. දුෂ්කරතාව ගැන වදාළ දෙසුම

සාවත්ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

(දේවතා);
(දෙවියා) :

දුක්‌කරං දුත්‌තිතික්‌ඛඤ්‌ච අබ්‍යත්‌තේන හි සාමඤ්‌ඤං
බහූ හි තත්‌ථ සම්‌බාධා යත්‌ථ බාලෝ විසීදතීති

“ඉවසන්න බැරි කෙනාටත්, මෝඩපහේ කෙනාටත් මහණකම කිරීම දුෂ්කරයි. එබඳු අඥාන පුද්ගලයාට හරියට බාධා තියෙනවා. ඔහු මහණකමින් පස්සට විසිවෙනවා.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

කතිහං චරෙය්‍ය සාමඤ්‌ඤං චිත්‌තං චේ න නිවාරයේ
පදේ පදේ විසීදෙය්‍ය සං‌කප්‌පානං වසානුගෝ

“ඉතින් එහෙම නම්, තමන්ගේ සිත පවින් වළකගන්නේ නැත්නම්, සැබෑ මහණකමක් කොච්චර දවසක් කරන්නද? පාපී අදහස්වලට වසඟ වුනාට පස්සෙ පියවරක්, පියවරක් පාසා පස්සට විසිවෙනවා.

කුම්‌මෝව අංගානි සකේ කපාලේ සමෝදහං භික්‌ඛු මනෝවිතක්‌කේ
අනිස්‌සිතෝ අඤ්‌ඤමහේඨයානෝ පරිනිබ්‌බුතෝ න උපවදෙය්‍ය කඤ්‌චීති.

ඉබ්බෙක් තමන්ගේ අවයව කටුව අස්සට ගන්නවා වගේ, භික්‍ෂුවත් තමන්ගේ මනෝ විතර්ක භාවනා අරමුණේ එකඟ කරන්න ඕන. පාපී අකුසල් ඇසුරු කරන්නෙ නැතුව, අනුන්ව වෙහෙසවන්නෙ නැතුව පිරිනිවී යන භික්‍ෂුව කාටවත් චෝදනා කරන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!