සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.3.2. ඵුසති සුත්තං

1.3.2. ස්පර්ශය මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

නාඵුසන්‌තං ඵුසති ච ඵුසන්‌තඤ්‌ච තතෝ ඵුසේ
තස්‌මා ඵුසන්‌තං ඵුසති අප්‌පදුට්‌ඨප්පදෝසිනන්‌ති

“කර්මයක් ස්පර්ශ වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට විපාක ස්පර්ශ වෙන්නෙත් නෑ. කර්මය ස්පර්ශ වුනොත් තමයි ඒ හේතුවෙන් විපාක ස්පර්ශ වෙන්නෙ. ඒ නිසා නිදොස් උතුමන්ට දොස් කියන්න ගියොත්, කර්මය ස්පර්ශ වෙලා, විපාකත් ස්පර්ශ වේවි.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

යෝ අප්‌පදුට්‌ඨස්‌ස නරස්‌ස දුස්‌සති 
සුද්‌ධස්‌ස පෝසස්‌ස අනංගණස්‌ස
තමේව බාලං පච්‌චේති පාපං
සුඛුමෝ රජෝ පටිවාතංව ඛිත්‌තෝති

“යම්කිසි කෙනෙක් පිරිසිදු ජීවිත ඇති, පාපී ආශාවන් හේතුවෙන් අකුසල් හැදෙන ගතිය නැති, නිදොස් වූ උතුමන්ට, ද්වේෂ කරන්න ගියොත්, ඒ පව අඥාන පුද්ගලයාව පීඩාවට පත් කරවනවා. උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ල ආයෙමත් තමන් කරාම එනවා වගේ.”

සාදු! සාදු!! සාදු!!!