සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.3.4. මනෝ නිවාරණ සුත්තං

1.3.4. මනස වැළැක්වීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

යතෝ යතෝ මනෝ නිවාරයේ
න දුක්‌ඛමේති නං තතෝ තතෝ
ස සබ්‌බතෝ මනෝ නිවාරයේ
ස සබ්‌බතෝ දුක්‌ඛා පමුච්‌චතී’ති

“යම් යම් අරමුණකින් මනස වළක්වා ගත්තොත්, ඒ ඒ අරමුණෙන් ඇතිවෙන දුක් ඇතිවෙන්නේ නෑ. ඉතින් ඔහු සියලු අරමුණින්ම මනස වළක්වා ගත්තොත්, එතකොට ඔහු සියලු දුකින් නිදහස් වෙනවා.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

න සබ්‌බතෝ මනෝ නිවාරයේ
මනෝ යතත්‌තමාගතං
යතෝ යතෝ ච පාපකං
තතෝ තතෝ මනෝ නිවාරයේ’ති

“නෑ. හැම අරමුණින්ම මනස වළක්වන්න ඕන නෑ. කොටින්ම සංවර වෙච්ච මනසේ වළක්වන්න දෙයක් නෑ. යම් යම් අරමුණක් නිසා අකුසල් සිදුවෙනවා නම්, ඒ ඒ අරමුණිනුයි මනස වැළැක්විය යුත්තේ.”

සාදු! සාදු!! සාදු!!!