සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.3.6. පජ්ජෝත සුත්තං

1.3.6. ආලෝක ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං..
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

කති ලෝකස්‌මිං පජ්‌ජෝතා යේහි ලෝකෝ පකාසති 
භගවන්‌තං පුට්‌ඨුමාගම්‌ම කථං ජානෙමු තං මයං

“මේ ලෝකයේ යමකින් එළිය විහිදෙනවා නම්, එබඳු එළිය විහිදෙන ආලෝක කීයක් තියෙනවාද? භාග්‍යවතුන් වහන්සේ ළඟට අපි ආවේ ඕකටමයි. ඉතින් අපි කොහොමද ඒක දැනගන්නේ?”

(භගවා)
(භාග්‍යවතුන් වහන්සේ) :

චත්‌තාරෝ ලෝකේ පජ්‌ජෝතා පඤ්‌චමෙත්‌ථ න විජ්‌ජති
දිවා තපති ආදිච්‌චෝ රත්‌තිං ආභාති චන්‌දිමා
අථ අග්‌ගි දිවාරත්‌තිං තත්‌ථ තත්‌ථ පකාසති
සම්‌බුද්‌ධෝ තපතං සෙට්‌ඨෝ ඒසා ආභා අනුත්‌තරා’ති

“ආලෝක හතරක් තිබෙනවා. හැබැයි, පහක් නෑ. දවල්ට සූර්යයා බබලනවා. රාත්‍රියට සඳ බබලනවා. දිවා රාත්‍රී දෙකේම ඒ ඒ තැන ගින්න බබලනවා. මේ බබලන හැම දේකටම වඩා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ ආලෝකය අනුත්තරයි.”

සාදු! සාදු!! සාදු!!!