සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.3.8. මහද්ධන සුත්තං

1.3.8. මහා ධනය මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

මහද්‌ධනා මහාභෝගා රට්‌ඨවන්‌තෝපි ඛත්‌තියා
අඤ්‌ඤමඤ්‌ඤාභිගිජ්‌ඣන්‌ති කාමේසු අනලං‌කතා
තේසු උස්‌සුක්‌කජාතේසු භවසෝතානුසාරිසු
කේධ තණ්‌හං පජහිංසු කේ ලෝකස්‌මිං අනුස්‌සුකාති.

“මහා ධනය තියෙන, මහා සැප සම්පත් තියෙන, රට රාජ්‍යවල් තියෙන. රජවරු පවා එකිනෙකාගේ දේට ආශා කර කර ඉන්නේ. ඔවුන් කාමයන් ගැන සෑහීමකට පත් වෙලා නෑ. සංසාරෙ සැඩපහරට අහු වෙලා සෑහීමකට පත් නොවී, කාමයම සොයා සොයා යන ජනතාව අතර, තණ්හාව දුරු කළේ  කවුද? මේ ලෝකයේ කාමය හොයන උත්සාහය නැතුව ඉන්නෙ කවුද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

හිත්‌වා අගාරං පබ්‌බජිතා හිත්‌වා පුත්‌තං පසුං පියං
හිත්‌වා රාගඤ්‌ච දෝසඤ්‌ච අවිජ්‌ජඤ්‌ච විරාජිය
ඛීණාසවා අරහන්‌තෝ තේ ලෝකස්‌මිං අනුස්‌සුකාති

“ගිහි ජීවිතේ අත්හැර දාලා, අඹු දරුවන්, හරක බාන ආදී ප්‍රිය දේවල් අත්හැර දාලා, මේ ශාසනේ මහණ වෙන අය ඉන්නවා. ඔවුන් අවිද්‍යාව නැතිකරලා, රාගයත්, ද්වේෂයත් නැතිකරලා, ආශ්‍රව රහිත වෙනවා. ඒ තමයි රහතන් වහන්සේලා. ලෝකයේ කාමය සෙවීමේ කිසිම උත්සාහයක් ඔවුන් තුළ නෑ.” (මෙහි තේරුම රහතන් වහන්සේලා පමණක් මේ ලෝකයෙහි සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ව වැඩවෙසෙන බවයි.)

සාදු! සාදු!! සාදු!!!