සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.5. උජ්ඣාන සඤ්ඤී සුත්තං

1.4.5. උජ්ඣාන සඤ්ඤී දෙවියන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ සම්‌බහුලා උජ්‌ඣානසඤ්‌ඤිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමිංසු. උපසංකමිත්‌වා වේහාසං අට්‌ඨංසු. වේහාසං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

මා හට අසන්නට ලැබුනේ මෙහෙමයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ උජ්ඣාන සඤ්ඤික දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ, මුළු ජේතවන ආරාමයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිදින් අහසෙහි හිටියා. අහසෙහි හිටිය එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අඤ්‌ඤථා සන්‌තමත්‌තානං අඤ්‌ඤථා යෝ පවේදයේ
නිකච්‌ච කිතවස්‌සේව භුත්‌තං ථෙය්‍යේන තස්‌ස තං

“යම් පැවිද්දෙක්, තමන් වෙන අයුරකින් ජීවත් වෙමින්, ඊට හාත්පසින්ම වෙනස් විදිහට කතාබස් කරනවා නම්, ඒක ලිහිණි වැද්දාගේ, ලිහිණි මස් කෑම වගේ දෙයක්. එයා සිව්පසය පාවිච්චි කරද්දී හොරකමට අහුවෙනවා.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

යං හි කයිරා තං ‌හි වදේ යං න කයිරා න තං වදේ
අකරොන්‌තං භාසමානානං පටිජානන්‌ති පණ්‌ඩිතාති

“යමක් කරනවා නම්, ඒ දේ තමයි කිවයුත්තෙ. යමක් කරන්නෙ නැත්නම්, ඒ නොකරන දේ කියන්න ඕන නෑ. කියන අය අතරින්, නොකරන අය ගැන නුවණැත්තෝ දන්නවා.

නයිදං භාසිතමත්‌තේන ඒකන්‌තසවණේන වා
අනුක්‌කමිතවේ සක්‌කා යායං පටිපදා දළ්‌හා
යාය ධීරා පමුච්‌චන්‌ති ඣායිනෝ මාරබන්‌ධනා 

යම් ප්‍රතිපදාවකින් ප්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින්, මාර බන්ධනයෙන් නිදහස් වෙනවාද, ක්‍රමානුකූලව දැඩි වූ ප්‍රතිපදාවකිනුයි ඒක කළ යුත්තෙ. එහෙම නැතුව මේ ප්‍රතිපදාව හුදෙක් කතාබස් කළ පමණකින් හෝ, ශ්‍රවණය කළ පමණින් හෝ පිළිපදින්න බෑ.

න වේ ධීරා පකුබ්‌බන්‌ති විදිත්‌වා ලෝකපරියායං
අඤ්‌ඤාය නිබ්‌බුතා ධීරා තිණ්‌ණා ලෝකේ විසත්‌තිකන්‌ති 

ලෝක ස්වභාවය දන්න, ආර්ය සත්‍ය අවබෝධ කළ, ලෝකයේ ඇති තණ්හාවෙන් එතෙර වුන, නිවනට පත් වූ නුවණැත්තෝ කවදාවත් ඔය විදිහට නම් කරන්නෙ නෑ.”

අථ ඛෝ තා දේවතායෝ පඨවියං පතිට්‌ඨහිත්‌වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං ඒතදවෝචුං. අච්‌චයෝ නෝ භන්තේ, අච්‌චගමා යථාබාලං යථාමූළ්‌හං යථාඅකුසලං. යා මයං භගවන්‌තං ආසාදේතබ්‌බං අමඤ්‌ඤිම්‌හා. තාසං නෝ භන්තේ භගවා අච්‌චයං අච්‌චයතෝ පතිගණ්‌හාතු ආයතිං සංවරායාති. 

එතකොට ඒ දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනි, අපටයි වරද සිද්ධ වුනේ. අඥානයෙක් වගේ, මෝඩයෙක් වගේ, පව්කාරයෙක් වගේ, අපිත් භාග්‍යවතුන් වහන්සේ සමඟ හැප්පෙන්න කල්පනා කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට ආයෙමත් සංවරවීම පිණිස, මේ සිද්ධ වෙච්ච වරද, වරදක් ලෙස පිළිගන්නා සේක්වා!”

අථ ඛෝ භගවා සිතං පාත්‌වාකාසි.

 ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළා. 

අථ ඛෝ තා දේවතායෝ භීයෝසෝමත්‌තාය උජ්‌ඣායන්‌තියෝ වේහාසං අබ්‌භුග්‌ගඤ්‌ඡුං. ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට ඒ දෙවිවරු බොහෝ දොස් කියමින් අහසට පැන නැග්ගා. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.

“තමන්ගේ වරද ගැන කියද්දිත්, යමෙක් ඉතින් ඒක පිළිගන්නෙ නැත්නම්, ඔහුගෙ සිත ඇතුළෙ කේන්තිය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරන කෙනෙක්. ඔහු වෛර බඳින කෙනෙක්.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

අච්‌චයෝ චේ න විජ්‌ජෙථ නෝ චිධාපගතං සියා
වේරානි ච සම්‌මෙය්‍යුං  තේනීධ කුසලෝ සියා

“ඇත්තෙන්ම මෙතන වරදක් සිදුවෙලා නෑ. වෙන අපරාධයක් සිද්ධ වෙලත් නෑ. වෛර ඔක්කොම සංසිඳිල තියෙන්නෙ. ඒ කාරණයෙන් මෙතනදී  දක්‍ෂ වෙන්නයි ඕන.”

(දේවතා);
(දෙවියා) :

කස්‌සච්‌චයා න විජ්‌ජන්‌ති කස්‌ස නත්‌ථි අපාගතං
කෝ සම්‌මෝහමාපාදි ඛෝ වා ධීරෝ සදා සතෝති

“වැරදි නැත්තෙ කාගෙද? අපරාධ නැත්තෙ කාගෙද? මුළාවට පත්වෙන්නෙ නැත්තෙ කවුද? හැමවෙලාවෙම සිහියෙන් සිටින ඥානවන්තයා කියන්නෙ කවුද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

තථාගතස්‌ස බුද්‌ධස්‌ස සබ්‌බභූතානුකම්‌පිනෝ
තස්‌සච්‌චයා න විජ්‌ජන්‌ති තස්‌ස නත්‌ථි අපාගතං
සෝ න සම්‌මෝහමාපාදි සෝව ධීරෝ සදා සතෝ

“සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන, සම්බුදු වූ, තථාගතයන් වහන්සේ තුළ වැරදි නෑ. උන්වහන්සේ තුළ අපරාධ නෑ. උන්වහන්සේ මුළා වෙලා නෑ. හැමවෙලාවෙම සිහියෙන්ම ජීවත් වෙන, උන්වහන්සේ ඤාණවන්තයි.

අච්‌චයං දේසයන්‌තීනං යෝ චේ න පටිගණ්‌හති
කෝපන්‌තරො දෝසගරු ස වේරං පටිමුච්චති
තං වේරං නාභිනන්‌දාමි පති‌ගණ්‌හාමි වොච්‌චයන්‌ති

කෙනෙකුගේ වරද පවසද්දිත්, ඒක පිළිගන්නෙ නැත්නම්, ඔහුගේ සිතේ කෝපය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක්. නමුත් මම වෛරය පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං ඔබේ වරද පිළිගන්නවා.”

සාදු! සාදු!! සාදු!!!