සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.6. සද්ධා සුත්තං

1.4.6. ශ්‍රද්ධාව ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ සම්‌බහුලා සතුල්‌ලපකායිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමිංසු. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.  

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ සතුල්ලපකායික දෙවිවරු රැය පහන් වන වෙලාවේ මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සෙ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

සද්‌ධා දුතියා පුරිසස්‌ස හෝති නෝ චේ අස්‌සද්‌ධියං අවතිට්‌ඨති
යසෝ ච කිත්‌තී ච තත්‌වස්‌ස හෝති සග්‌ගඤ්‌ච සෝ ගච්‌ඡති සරීරං පහායාති

“ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාගේ දෙවැන්නා වෙන්නෙ. ඉතින් ශ්‍රද්ධාව නැතිබව යමෙක් තුළ පිහිටල නැත්නම්, ඔහු කීර්තියට පත්වෙනවා. පිරිවර සම්පත් ඇතිවෙනවා. ඔහු ශරීරය අත්හැරියාම ස්වර්ගයේ උපදිනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

එතකොට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

කෝධං ජහේ විප්‌පජහෙය්‍ය මානං සංයෝජනං සබ්‌බමතික්‌කමෙය්‍ය
තං නාමරූපස්‌මිමසජ්‌ජමානං අකිඤ්‌චනං නානුපතන්‌ති සංගාති

“ක්‍රෝධය අත්හරින්න ඕන. මාන්නය විශේෂයෙන්ම දුරුකරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නොඇලෙන, කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුළට, කෙලෙස් පැමිණෙන්නෙ නෑ.

පමාදමනුයුඤ්‌ජන්‌ති බාලා දුම්‌මේධිනෝ ජනා
අප්‌පමාදඤ්‌ච මේධාවී ධනං සෙට්‌ඨං’ව රක්‌ඛති

බාල වූ, ප්‍රඥා රහිත වූ සාමාන්‍ය ජනතාව ඉන්නෙ ප්‍රමාදයෙන්මයි. නමුත්, ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නෙ, ශ්‍රේෂ්ඨ ධනයක් රකිනවා වගේ.

මා පමාදමනුයුඤ්‌ජේථ මා කාමරති සන්‌ථවං
අප්පමත්තෝ හි ඣායන්‌තෝ පප්‌පෝති පරමං සුඛන්‌‌ති

ප්‍රමාද වෙන්න හොඳ නෑ. කාමාශාවේ ඇලී වෙසෙන්න හොඳ නෑ. අප්‍රමාදීව, ධ්‍යාන වඩන කොට, ඔහු පරම සැපයට පත්වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!