සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.7. සමය සුත්තං

1.4.7. රැස්වීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සක්‌කේසු විහරති කපිලවත්‌ථුස්‌මිං මහාවනේ මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි සබ්‌බේහේව අරහන්‌තේහි.  දසහි ච ලෝකධාතූහි දේවතා යේභුය්‍යේන සන්‌නිපතිතා හොන්‌ති භගවන්‌තං දස්‌සනාය භික්‌ඛුසං‌ඝඤ්‌ච. අථ ඛෝ චතුන්‌නං සුද්‌ධාවාසකායිකානං දේවානං ඒතදහෝසි. අයං ඛෝ භගවා සක්‌කේසු විහරති කපිලවත්‌ථුස්‌මිං මහාවනේ මහතා භික්‌ඛුසං‌ඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි සබ්‌බේහේව අරහන්‌තේහි. දසහි ච ලෝකධාතූහි දේවතා යේභුය්‍යේන සන්‌නිපතිතා හොන්‌ති භගවන්‌තං දස්‌සනාය භික්‌ඛුසං‌ඝඤ්‌ච. යන්නූන මයම්‌පි යේන භගවා තේනුපසං‌කමෙය්‍යාම. උපසං‌කමිත්‌වා භගවතෝ සන්‌තිකේ පච්‌චේකගාථං භාසෙය්‍යාමාති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර අසල මහාවනයේ. භාග්‍යවතුන් වහන්සේත් සමඟ සියල්ලන්ම රහත් වූ භික්‍ෂූන් පන්සීයක් පමණ වැඩසිටියා. එදා දස දහසක් ලෝකධාතුවලින් බොහෝ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේවත්, භික්‍ෂු සංඝයාවත් බැහැදකින්න ආවා. 

එතකොට සුද්ධාවාස බඔලොව ඉන්න දෙවිවරුන් හතර දෙනෙකුට මෙහෙම හිතුනා. ‘මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුර අසල මහාවනයේ හැමදෙනාම රහත් වූ භික්‍ෂුන් වහන්සේලා සමඟ වැඩසිටිනවා. දස දහසක් සක්වලිනුත් බොහෝ දෙවිවරු, භාග්‍යවතුන් වහන්සේවත්, භික්‍ෂු සංඝයාවත් බැහැදකින්න පැමිණිල ඉන්නවා. ඉතින් අපිත්, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න යමු. ගිහින් අපි වෙන වෙනම භාග්‍යවතුන් වහන්සේ ළඟ ගාථාවන් කියමු.’

අථ ඛෝ තා දේවතා. සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්‌ජෙය්‍ය. ඒවමේව සුද්‌ධාවාසේසු දේවේසු අන්‌තරහිතා භගවතෝ පුරතෝ පාතුරහංසු. අථ ඛෝ තා දේවතා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

ඊට පස්සෙ ඒ දෙවිවරු බලවත් මිනිසෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කරපු අතක් හකුළගන්නවා වගේ, සුද්ධාවාස දෙවියන් කෙරෙන් අතුරුදහන් වෙලා, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුනා.

ඉතින් ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

මහාසමයෝ පවනස්‌මිං දේවකායා සමාගතා
ආගතම්‌හ ඉමං ධම්‌මසමයං දක්‌ඛිතායේ අපරාජිතසං‌ඝන්‌ති

“මේ මහාවනයේ මහා රැස්වීමක්. දෙවිවරුන් රැස්වෙලා ඉන්නවා. අපරාජිත සඟරුවන බැහැදකින්න අපිත් මේ දහම් සභාවට ආවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි. 

ඊට පස්සේ තව දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

තත්‍ර භික්ඛවෝ සමාදහංසු චිත්‌තං අත්‌තනෝ උජුකමකංසු
සාරථීව නෙත්‌තානි ගහෙත්‌වා ඉන්‌ද්‍රියානි රක්‌ඛන්‌ති පණ්‌ඩිතාති.

“එතන සිටින භික්‍ෂුන් වහන්සේලා තමන්ගේ සිත් සමාධිගත කරගත්තා. සෘජු කරගත්තා. උන්වහන්සේලා ප්‍රඥාවන්තයි. රැහැන්පට අල්ලගෙන, අශ්වයන් හික්මවගෙන යන දක්‍ෂ රියදුරන් වගෙයි තම ඉඳුරන් රැකගෙන ඉන්නේ.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

ඡෙත්‌වා ඛීලං ඡෙත්‌වා පලිඝං ඉන්‌දඛීලං ඌහච්‌ච මනේජා
තේ චරන්‌ති සුද්‌ධා විමලා චක්‌ඛුමතා සුදන්‌තා සුසුනාගාති

“උන්වහන්සේලාට කෙලෙස් හුල් නෑ. අවිද්‍යා ආවරණය නෑ. කෙලෙස් නැමැති කණුව උදුරල දාලා, තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. සදහම් ඇස් ඇති බුදු සමිඳුන් විසින් මනාකොට දමනය කරන ලද උන්වහන්සේලා පිරිසිදු නිමල හැසිරීමෙන් යුක්තයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි. 

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

යේ කේචි බුද්‌ධං සරණං ගතාසේ න තේ ගමිස්‌සන්‌ති අපායං
පහාය මානුසං දේහං දේවකායං පරිපූරෙස්‌සන්‌තීති

“යම්කිසි කෙනෙක් බුදු සමිඳුන්ව සරණ ගියා නම්, ඒ උදවිය අපායට යන්නෙ නෑ. මිනිස් සිරුර අත්හැරියට පස්සේ ඒ උදවියගෙන් දෙව්ලොව පිරෙනවා.”

සාදු! සාදු!! සාදු!!!