සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.8. සකලික සුත්තං

1.4.8. ගල් පතුරක් නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති මද්‌දකුච්‌ඡිස්‌මිං මිගදායේ. තේන ඛෝ පන සමයේන භගවතෝ පාදෝ සකලිකාය ඛතෝ හෝති. භුසා සුදං භගවතෝ වේදනා වත්‌තන්‌ති සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝ. අථ ඛෝ භගවා චතුග්‌ගුණං සංඝාටිං පඤ්‌ඤාපෙත්‌වා දක්‌ඛිණෙන පස්‌සේන සීහසෙය්‍යං කප්‌පේති පාදේ පාදං අච්‌චාධාය සතෝ සම්‌පජානෝ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර මද්දකුච්ඡි කියන මුව වනයේ.

ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල ගල් පතුරකින් පහර වැදී තුවාල වෙලා තිබුනා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ශාරීරික වේදනා තිබුනා. ඒ වේදනා දුක් සහිතයි. තියුණුයි. කර්කශයි. කටුකයි. අමිහිරියි. අමනාපයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉතා හොඳ සිහි නුවණින් යුතුව ඒ නිසා පීඩා විඳින්නෙ නැතුව ඉවසනවා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර හතරට නවලා, ආසනයක් පණවාගෙන දකුණු සිරිපතුලෙන්, වම් සිරිපතුල මඳක් මෑත් කරලා, සිංහ සෙය්‍යාවෙන් දකුණු පසට හැරිලා සැතපිලා හිටියා.

අථ ඛෝ සත්‌තසතා සතුල්‌ලපකායිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං මද්‌දකුච්‌ඡිං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට හත්සීයක් සතුල්ලපකායික දෙවිවරු රැය පහන්වන වෙලාවෙ මුළු මහත් මද්දකුච්ඡි මිගදායම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පසක හිටගත්තා. එකත්පසක හිටගත්තු එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

නාගෝ වත භෝ සමණෝ ගෝතමෝ නාගවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම හස්ති රාජයෙක්. මේ තරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ ශාරීරික වේදනාවන් දැනෙද්දිත්, පීඩාවකට පත් නොවී සිහි නුවණින් ඉවසාගෙන වැඩඉන්නෙ මහ හස්ති රාජයෙක් නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි. 

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

සීහෝ වත භෝ සමණෝ ගෝතමෝ. සීහවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිංහ රාජයෙක්. මෙතරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වු, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ශාරීරික වේදනා තිබෙද්දිත්, ඒ නිසා පීඩා විඳින්නෙ නැතුව, සිහිනුවණින් ඉවසගෙන ඉන්නෙ සිංහ රාජයෙක් නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

ආජානීයෝ වත භෝ සමණෝ ගෝතමෝ. ආජානීයවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මෙතරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ශාරීරික වේදනා තිබෙද්දිත්, ඒ නිසා පීඩා විඳින්නෙ නැතුව, සිහිනුවණින් ඉවසාගෙන ඉන්නෙ පරම ශ්‍රේෂ්ඨත්වයට පත් වූ නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි. 

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

නිසභෝ වත භෝ  සමණෝ ගෝතමෝ. නිසභවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම පුරුෂෝත්තමයෙක්. මෙතරම් තියුණු වූ, මෙ තරම් දුක් වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ශාරීරික වේදනා තිබෙද්දිත්, ඒ නිසා පීඩා විඳින්නෙ නැතුව, සිහිනුවණින් ඉවසගෙන ඉන්නෙ පුරුෂෝත්තමයෙක් නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි. 

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

ධෝරය්හෝ වත භෝ සමණෝ ගෝතමෝ. ධෝරය්හවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම වගකීම් උසුලන්න දක්‍ෂ කෙනෙක්. මෙතරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ශාරීරික දුක් වේදනා තිබෙද්දිත්, එයින් පීඩා විඳින්නෙ නැතුව, සිහිනුවණින් උසුලාගෙන ඉන්නෙ වගකීම් උසුලන්න දක්‍ෂ නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. 

දන්තෝ වත භෝ  සමණෝ ගෝතමෝ. දන්තවතා ච පනුප්‌පන්‌නා සාරීරිකා වේදනා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝති.

“භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම දමනය වූ කෙනෙක්. මෙතරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, අමිහිරි වූ, අමනාප වූ, ශාරීරික දුක් වේදනා තිබෙද්දිත්, එයින් පීඩා විඳින්නෙ නැතුව, සිහිනුවණින් යුතුව ඉවසාගෙන ඉන්නෙ දමනයට පත් වූ නිසාමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. 

පස්‌ස සමාධිං සුභාවිතං චිත්‌තඤ්‌ච සුවිමුත්‌තං න චාභිනතං න චාපනතං න ච සසං‌ඛාරනිග්‌ගය්‌හවාරිතවතං. යෝ ඒවරූපං පුරිසනාගං පුරිසසීහං පුරිසාජානීයං පුරිසනිසභං පුරිසධෝරය්‌හං පුරිසදන්‌තං අතික්‌කමිතබ්‌බං මඤ්‌ඤෙය්‍ය,කිමඤ්‌ඤත්‍ර අදස්‌සනාති.

“බලනු මැනවි! කොතරම් හොඳට වැඩූ සමාධියක්ද. කොතරම් හොඳින් නිදහස් වූ සිතක්ද. රාගය පැත්තට නැමිලත් නෑ. ද්වේෂය පැත්තට නැමිලත් නෑ. උත්සාහයෙන්, වීරියෙන් කෙලෙස් වළක්වාගෙන ඉන්නවත් නොවෙයි. යම්කිසි කෙනෙක් මෙබඳු පුරුෂ හස්තියෙක්, මෙබඳු වූ පුරුෂ සිංහයෙක්, මෙබඳු වූ ආජානීය පුරුෂයෙක්, මෙබඳු වූ නරෝත්තම පුරුෂයෙක්, මෙබඳු වූ වගකීම් ඉසීලීමෙහි දක්‍ෂ පුරුෂයෙක්, මෙබඳු වූ දමනය වූ පුරුෂයෙක් සමඟ හැප්පෙන්න කල්පනා කරනවා නම්, ඒක ඔහුගේ අනවබෝධය මිසක් වෙන මොකක්ද?

පඤ්‌චවේදා සතං සමං තපස්‌සී බ්‍රාහ්‌මණා චරං
චිත්‌තඤ්‌ච නෙසං න සම්‌මා විමුත්‌තං හීනත්‌ථරූපා න පාරංගමා තේ

වේද පහම ඉගෙනගෙන, අවුරුදු සියයක් පුරා, බ්‍රාහ්මණයන් උතුම් තපසක හැසිරුනත්, ඔවුනගේ සිත මැනවින්ම දුකින් නිදහස් නෑ. බොළඳ ස්වභාවය ඇති ඔවුන් සසරින් එතෙර වෙන්නෙ නෑ.

තණ්‌හාධිපන්‌නා වතසීලබද්‌ධා ලූඛං තපං වස්‌සසතං චරන්‌තා
චිත්‌තඤ්‌ච නේසං න සම්‌මා විමුත්‌තං හීනත්‌ථරූපා න පාරං‌ගමා තේ

සීලව්‍රතවලින් බැඳිලා, තණ්හාවට පත්වෙලා, අවුරුදු සියයක් තිස්සේ ඔවුන් රූක්ෂ තපස් රැක්කත්, ඔවුන්ගේ සිත මැනවින්ම දුකින් නිදහස් වෙන්නෙ නෑ. බොළඳ ස්වභාවය තියෙන ඔවුන් සසරින් එතෙර වෙන්නෙ නෑ.

න මානකාමස්‌ස දමෝ ඉධත්‌ථි න මෝනමත්‌ථි අසමාහිතස්‌ස
ඒකෝ අරඤ්‌ඤේ විහරං පමත්‌තෝ න මච්‌චුධෙය්‍යස්‌ස තරෙය්‍ය පාරන්‌ති

මාන්නය කැමති කෙනාට නම් දමනය වීමක් නැහැ. එකඟ සිතක් නැති කෙනාට මුනිවරයෙකුගේ ස්වභාවය නෑ. තනියෙන්ම කැලෑවට වෙලා හිටියත්, ඔහු ප්‍රමාදී කෙනෙක් නම්, මාරයාගේ භූමිය වන මේ සසරෙන් නම් නිදහස් වෙන්නේ නෑ.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

මානං පහාය සුසමාහිතත්‌තෝ සුචේතසෝ සබ්‌බධි විප්‌පමුත්‌තෝ
ඒකෝ අරඤ්‌ඤේ විහරං අප්පමත්තෝ ස මච්‌චුධෙය්‍යස්‌ස තරෙය්‍ය පාර‌න්‌ති.

“මාන්නය දුරු කරලා, ඉතා හොඳින් හිත එකඟ කරගෙන, සියලු කෙලෙස්වලින් මනාකොටම නිදහස් වූ, හුදෙකලාව වනයේ වාසය කරන අප්‍රමාදී කෙනා, මේ මාර විජිතය තරණය කරලා එතෙරට යනවා.”

සාදු! සාදු!! සාදු!!!