සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.9. පජ්ජුන්න ධීතු සුත්තං

1.4.9. පර්ජන්‍ය දෙවියන්ගේ දියණිය නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. අථ ඛෝ කෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං මහාවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමි. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ කෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහවනයේ, කූටාගාර ශාලාවේ. එදා පර්ජන්‍ය දෙවියන්ගේ දියණිය වන, ‘කෝකනදා’ දෙව්දුව ඒ රැය පහන් වන වෙලාවේ, මුළු මහත් මහවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් කෝකනදා නම් වූ පර්ජන්‍ය දියණිය භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

වේසාලියං වනේ විහරන්‌තං අග්‌ගං සත්‌තස්‌ස සම්‌බුද්‌ධං
කෝකනදාහමස්‌මි අභිවන්‌දේ කෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා

“(ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,) මං කෝකනදා. මං පර්ජන්‍ය දෙවියන්ගේ දියණිය වූ කෝකනදා. විසල්පුර මහාවනයේ වැඩසිටින, හැම සතුනට අග්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේට සාදරයෙන් වන්දනා කරමි.

සුතමේව මේ පුරේ ආසි ධම්‌මෝ චක්‌ඛුමතානුබුද්‌ධෝ
සාහංදානි සක්‌ඛී ජානාමි මුනිනෝ දේසයතෝ සුගතස්‌ස 

සදහම් ඇස් ඇති බුදු සමිඳුන් විසින් අවබෝධ කරන ලද ධර්මය ගැන මං ඉස්සර ඇහුවා විතරයි. නමුත් දැන්, ඒ සදහම් දෙසන, සුගත වූ මුනිඳුන්ගේ ධර්මය මං ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දන්නවා.

යේ කේචි අරියධම්‌මං විගරහන්‌තා චරන්‌ති දුම්‌මේධා
උපෙන්‌ති රෝරුවං ඝෝරං චිරරත්‌තං දුක්‌ඛමනුභවන්‌ති 

යම්කිසි කෙනෙක් නුවණ නැතිකමින් මේ ශ්‍රේෂ්ඨ ධර්මයට ගරහමින් ගියොත්, ඔවුන්ට සිද්ධ වෙන්නෙ දරුණු වූ රෞරව නරකාදියේ ඉපදිලා, බොහෝ කලක් දුක් විඳින්නයි.

යේ ච ඛෝ අරියධම්‌මේ ඛන්‌තියා උපසමේන උපේතා
පහාය මානුසං දේහං දේවකාය පරිපූරෙස්‌සන්‌තීති

නමුත් යම් කෙනෙක් මේ ශ්‍රේෂ්ඨ ධර්මය තුළ ඉවසීමටත්, සංසිඳීමටත් පැමිණුනොත්, ඔවුන් මිනිස් සිරුරු අත්හැරියාට පස්සේ, ඔවුන්ගෙන් තමයි දිව්‍යලෝක පිරෙන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!