සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.8.1. ඣත්වා සුත්තං

1.8.1. නසා දැමීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය...................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

කිංසු ඣත්‌වා සුඛං සේති කිංසු ඣත්‌වා න සෝචති
කිස්‌සස්‌ස ඒකධම්‌මස්‌ස වධං රෝචේසි ගෝතමාති

“කුමක් නසා දැමීමෙන්ද සනීපෙට නින්ද යන්නේ? කුමක් නසා දැමීමෙන්ද ශෝක නොකරන්නේ? පින්වත් ගෞතමයන් වහන්ස, කවර නම් එකම එක දෙයක් නැසීමටද කැමති වන්නේ?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

කෝධං ඣත්‌වා සුඛං සේති කෝධං ඣත්‌වා න සෝචති
කෝධස්‌ස විසමූලස්‌ස මධුරග්‌ගස්‌ස දේවතේ
වධං අරියා පසංසන්‌ති තං හි ඣත්‌වා න සෝචතීති

“ක්‍රෝධය නසා දැමීමෙනුයි සනීපෙට නින්ද යන්නේ. ක්‍රෝධය නසා දැමීමෙනුයි ශෝක නොකරන්නේ. පින්වත් දෙවිය, විස මුල් තියෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති, ක්‍රෝධය නැසීම ගැන ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඔය ක්‍රෝධයම නසා දැමූ කෙනා ශෝක කරන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!