නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මෙම වෙබ් අඩවිය අප විසින් නිර්මාණය කරන ලද්දේ ලොව පුරා සිටින උගත් - නූගත්, දුප්පත් - පොහොසත්, බෞද්ධ - අබෞද්ධ සියලු දෙනා වෙත ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද, ලෝසතුන් සතර අපා දුකින් මුදවන, සුගති රැකවරණය සලසන, සසර කතරින් එතෙර කරවන, අමා නිවනට පමුණුවන පරම පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා දීම පිණිසත් ඒ තුළින් ඔවුන් තුළ තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කොට ගෞතම බුදු සසුනෙහි පිළිසරණ සලසා දෙනු පිණිසත් ය.

අප විසින් මෙහි සියලු දේශනාවන් පිරිසිදු බුද්ධ භාෂිතය වන පාළි දෙසුම් ද සමග ඇතුලත් කොට ඇති නිසා පාළි භාෂාව පිළිබඳ දැනුම ඇති, එමෙන්ම මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අනුකම්පා ඇති, ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇති ඕනෑම කෙනෙකුට මෙම පරිවර්තනයන්හි කිසිදු විකෘතියක් නොමැති බව වටහාගත හැකිවනු ඇත.

මෙහි ඇතුලත් දේශනාවක් හෝ දේශනාවකින් කොටසක් හෝ උපුටාගෙන වෙනත් වෙබ් අඩවියක හෝ ෆේස්බුක් ආදී සමාජ ජාලවල හෝ පළකිරීමේදී එම දේශනාව සඳහන්වන වෙබ් පිටුවෙහි url එක ද අදාළ වෙබ් අඩවියෙහි හෝ සමාජ ජාලයන්හි සඳහන් කිරීම අනිවාර්ය වේ. එමෙන්ම යම් දේශනාවක් ධර්මදානයක් ලෙස මුද්‍රණය කොට නොමිලේ බෙදාදීමේදී ද උපුටා ගැනීම - sutta.mahamevnawa.lk වෙබ් අඩවියෙනි යනුවෙන් සඳහන් කළයුතු වේ.

© මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගතයෙහි සියලු හිමිකම් මහමෙව්නාව සදහම් සේවාව සතුවේ. මෙම අන්තර්ගතය උපුටාගෙන වෙනත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සපුරා තහනම් වේ.


තෙරුවන් සරණයි!