පාලි පන්තිය

පින්වත් ඔබට මෙම වැඩසටහන් ඔස්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනු මාගධී හෙවත් පාලි භාෂාව සරළව මුල සිට ම ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රද්ධා රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය වූ “අපේ පාලි පංතිය“ වැඩසටහනේ මේ වන තෙක් විකාශය වූ සියලු කොටස් මෙම වෙබ් පිටුවේ ඇතුලත්ව තිබේ.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ් ආචාර්ය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පූජ්‍යපාද වෑගම පියරතන නායක ස්වාමීන් වහන්සේ විසින් ඔබ වෙත ගෙන එන මෙම වැඩසටහන්වල ඇතුළත් අභ්‍යාස ආදිය ලියා ගෙන නිවසේ සිට ම පුරුදු පුහුණු වන්නට කටයුතු කරන්න.